කිරළ ගෙඩියෙන් දිවි ගෙවන, අම්බලන්තොට දිරිය කත, එල්.ඒ රසිකා මහත්මිය අම්බලන්තොට එක්කස්ස, කඩොලාන වන සම්පත් මධ්‍යස්ථානයේ, කිරළ සෙවණේ කිරළ බීම සකසා අලෙවි කිරීම සිදු කරයි. මීට වසර පහකට පෙර සුළුවෙන් කිරළ බීම ව්‍යාපාරය ආරම්භ කර ඇති ඇය ඉතාමත් පිරිසිදුවට, ගුණාත්මකභාවයෙන් යුතුව අඩු මිලකට පාරිභෝගිකයාට කිරළ බීම අලෙවි කරමින් සිටී. මේ වනවිට ඇයගේ ව්‍යාපාරය තුලින් පවුල් කීපයක් ජීවත් කරවන බවයි ඇය අප සමග කියා සිටියා…
Similar Posts
ස්ව උත්සාහයෙන් බයිට් නිෂ්පාදනය කරන ධම්මිකා ප්‍රියන්ති
ධම්මිකා ප්‍රියන්ති මහත්මිය බයිට් නිෂ්පාදනය සහ කුළුබඩු නිෂ්පාදනය සිදු කරන ව්‍යවසායිකාවකි. කලක් විදේශ ගතව සිට රූමැටික් අතරයිටිස් රෝගය නිසා ලංකාවට පැමිණි ඇයට රෝගය හේතුවෙන් උපයා ගත් සියල්ල අහිමිව ඇත. පසුව ඇය නොසැලී ස්ව උත්සාහයෙන් මෙම බයිට් නිෂ්පාදනය ආරම්භ කර ඇති අතර ප්‍රදේශයේ සිටින සිවිල් ක්රියාකාරිකයන්ගේද සහය ඇතිව මේ වන විට සාර්ථකව සිය ව්‍යාපරය සිදු කරයි….
කිරිබත් වලින් දිවිය ජයගත් A.A.D. අමරසිංහ
A.A.D. අමරසිංහ මහත්මිය 2016 වසරේදී කිරිබත් සෑදීම ඔස්සේ ආරම්භ කළ ව්‍යාපාරය පසුව කැවුම් වර්ග, කොකිස්, ආස්මි, පුහුල් දෝසි, අලුවා වැනි කැවිලි වර්ග සෑදීමේ ව්‍යාපාරයක් ලෙස සිදු කරගෙන යන ලදී. මේ වන විට එය විශේෂ උත්සව අවස්ථා සඳහා ආහර සපයන ව්‍යාපාරයක් මට්ටමට වර්ධනය වී ඇත. අමරස ෆුඩ් & කේටරින් නමින් ඇය සිය ආයතනය පවත්වාගෙන යනු ලබයි….
දෙනියාය නගරයේ මැහුම් ව්‍යාපාරයක් සිදු කරන ක්‍රිෂ්ණවේනි
එස්. ක්‍රිෂ්ණවේනි මහත්මිය දෙනියාය ප්‍රදේශයේ පදිංචිව සිටී. ඇය, ඇගේ සහෝදරයා ද සම්බන්ධ කරගනිමින් දෙනියාය නගරයේ මැහුම් ව්‍යාපාරයක් සිදු කරගෙන යනු ලබයි. ඇය ආරම්භයේ දී මැහුම් පන්ති සදහා සහභාගී වෙමින් මේ පිළිබඳව මනාව හදාරා ඇත. ආර්ථික ගැටළු බොහෝමයක් ඇතත් උත්සාහයෙන් සහ කැපවීමෙන් ඇය මෙම ව්‍යාපාරය සාර්ථක ලෙස සිදු කරගෙන යනු ලබයි. මේ ඇගේ කතාවයි…..
මූල්‍යමය අපහසුතා මධ්‍යයේ එම අභියෝගයන්ට සාර්ථක ලෙස මුහුණදුන් සකුන්තලා චාන්දනී
සකුන්තලා චාන්දනී මහත්මිය දෙනියාය නගරයේ “සදලි” නමින් කුඩා ආපනශාලාවක් පවත්වාගෙන යයි. ඇය බොහෝ මූල්‍යමය අපහසුතා මධ්‍යයේ වුවද එම අභියෝගයන්ට සාර්ථක ලෙස මුහුණ දෙමින් මෙම ව්‍යාපාරික කටයුතු කරගෙන යනු ලබයි. මේ දිනවල ආපනශාලාවෙහි ප්‍රතිසංස්කරණ කටයුතු හැකි අයුරින් සිදු කරන බවත් ඇය අප හා පැවසීය. එසේම කොරෝනා කාල වකවානුවේ දී බොහෝ බාධාවන්ට මුහුණ දෙමින් ඇය මෙම ව්‍යාපාරික…
බෑග් ව්‍යාපාරයෙන් ජීවිතය ජයගත් ඇය
රත්නපුර දිස්ත්‍රික්කයේ පදිංචිව සිටින ප්‍රියදර්ශනී මහත්මිය ව්‍යාපාරයක් ලෙස බෑග් මැසීම සහ අලෙවි කිරීම සිදු කරනු ලබයි. ඇගලුම් සේවිකාවක ලෙස වසර ගණනක් සේවය කල ඇය සිය දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නිසා ඒ රැකියාවෙන් ඉවත්ව ව්‍යාපාරය ආරම්භ කර තිබෙනවා. ඇය සිය සැමියාගේද උපකාර ඇතිව වසර 20ක් පුරා මෙම ව්‍යාපාරය සාර්ථකව සිදු කරමින් සිටිනවා. මේ ඇගේ කතාවයි.