ශ්‍රී ලංකාවේ අවමංගල්‍ය අධ්‍යක්ෂ සේවාව සාමාන්‍යයෙන් පිරිමි ආධිපත්‍යයෙන් යුත් එකක්. එහි කාන්තාවන් සේවයේ නොයෙදෙන තරම්.
එහෙත්, මල් ශාලාවක් පවත්වාගෙන යමින් මළ සිරුරු සැකසීම දක්වා සියලු වැඩ කරන කාන්තාවක පිළිබඳ දකුණු පළාතේ දෙයියන්දරින් වාර්තා වෙනවා. ඇය නමින් රණවක සේපාලිකා නිල්මිණි.
පවුලේ උරුමයක් වූ දෙයියන්දර මල් ශාලාව පවත්වාගෙන ගියේ ඇගේ සැමියායි. එහෙත්, 2017දී ඔහුගේ හදිසි අභාවයෙන් පසු, විශාල ණය මුදලක් සහ දරුවන් තිදෙනෙකුගේ වගකීම් ද සමග පවුලේ ජීවනෝපාය වූ එම ව්‍යාපාරය පවත්වාගෙන යාමට ඇයට සිදු වුණා.
දෙයියන්දර මධ්‍ය මහා විද්‍යාලයෙන් උසස් පෙළ සමත් කාන්තාවක් වන ඇය ජනතා විමුක්ති පෙරමුණේ ද ක්‍රියාකාරීව දේශපාලනයේ නියැලුණ බව පවසනවා.
“මං මෘත ශරීර 1,500ක් පමණ බෙහෙත් ගල්වා සකස් කර අවමංගල්‍යයන්ට අවශ්‍ය සේවා සපයා තිබෙනවා. ඒ අතර භික්ෂූන් වහන්සේලාගේ සිරුරු ද 15ක් පමණ තිබුණා. ඇතැම් සේවා නොමිළේ සපයා තිබෙනවා. අද මම හොඳ ආර්ථික තත්වයක ඉන්නවා,” යි ඇය පවසනවා.
පහත දැක්වෙන්නේ අද දෙරණ විසින් කලකට ඉහතදී ඇය ගැන පළ කළ වීඩියෝවක්.