ජේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ උපත සමරණ අසිරිමත් නත්තල වෙනුවෙන් දිවයින පුරා දේවස්ථාන ඇතුළු නිවෙස් වල ගවලෙන් ඇතුළු විවිධ නිර්මාණ ඉදිවෙමින් තිබියදි මේ වසරට ඔබින හා ඉදිරි අනාගතයට ඔබින ආදර්ශමත් පණිවිඩ රැසක් කියාදෙන නිර්මාණ කිහිපයක් ඉදිරිපත් කිරීමට මිහින්තලය ශාන්තා අන්තෝනි එකමුතුවේ තරුණ තරුණියන් කටයුතු කර තිබේ.

මිහින්තලය කිතුණු දේවස්ථානය ඇතුළුව කහටගස්දිගිලිය හොරොව්පොතාන තිරප්පනය අශෝකපුර ඇතුළු ස්ථාන කිහිපයකම ආදර්ශමත් නත්තල් ගවලෙන් තරුණ කණ්ඩායම් විසින් නිර්මාණය කර තිබේ.

එම සියළුම නිර්මාන වලින් කියවෙන්නේ අදට සරලන පණිවිඩ කිහිපයකි.මිහින්තලය දේවස්ථානයේ කමතක් මැද ලෝක ගෝලය තබා සකසා ඇති නිර්මානය ඔස්සේ රජරට වී ගොවිතැන හා මත්ස්‍ය කර්මාන්තය පිළිබද පිළිබිඹුකර තිබෙනා අතර පිටරටවලට පවා සහල් සැපයූ ශ්‍රී ලංකාව නැවත ස්වයං පෝෂිතවි විදේශ රටවටවල සහල් අපනයනය කළයුතු තත්වයට පත්විය යුතු බව නිර් මානයෙන් අදහස කර ඇති බව සංජීව ප්‍රසාද් මහතා පැවසුවේය.

වෙනදා ගවලෙනේ මරියතුමිය ජුසේතුමන් සමග ජේසු බිලින්දා නිර්මානය කළත් මෙවර ද්‍රරිද්‍රතාවයෙන් පෙලෙන පවුලක් නිර්මානය කර අද ලෝකයේ ජනතාව දරිද්‍රතාවයෙන් පීඩාවිදින හැටි අපි පෙන්වා දීලා තියනවා යනුවෙන් ඒ මහතා පැවසුවේය.

ඊට අමතරව ජේසුතුමන් උපත්තිය ලැබූ අවස්ථාවේ රජතුන්කට්ටුව එහි පැමිණි බවක් අගැවෙන කතාන්දර වෙනුවට බිලිදෙකු උපන්විට හෙදියක මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකු හා යුද හමුදා නිලධාරියෙකු නිවසට පැමිණෙන නිර්මානයක් තනා අද ලෝකයේ තත්වය පෙන්වාදී ඇති බව හා එම පිරිස අප වෙනුවෙන් සිදුකරනා වෙහෙසීම නිර් මානයෙන් අගය කර තිබෙනා බව සංජීව මහතා පැවසුවේය.

ඊට අමතරව වසර තිහක යුද්ධයක් මාතෘ භූමියේ පැවති බව ඇගවීමට තල් ගසකින් නිර්මානයක් සිදුකර තිබෙනා අතර ගම්මානයේ ගැහැට විදිමින් කර්කෂ දිවියක් ගෙවනා අම්මා තාත්තාගේ දුක් ගැහැට පෙන්වීම සදහා වියලි ගිය ගසකින් තවත් නිර්මානයක් ඉදිරිපත් කර තිබේ.

මේ හැම නිර්මානයක් ඉදිරියේම අපි දැලක් සවිකරලා මත්පැන් සිගරට් බියර් වැනි මත්ද්‍රව්‍ය වලින් සමාජයට විශාල ව්‍යසනයක් වෙනවා පෙන්වා දීලා තියනවා වගේම කෝරෝනා වෛරසයත් අප අතරේ තියනවා හැම දෙයක් කරද්දීම මීටරේ පරතරෙන් කටයුතු කරලා මේ ව්‍යසනයෙන් ජය ගන්න ඕන කියලා මෙවර නත්තලෙන් පණිවිඩයක් දීලා තියනවා යනුවෙන් එම නිර්මාන සදහා දායකවූ මිහින්තලය ශාන්ත අන්තෝනි එකමුතුවේ සාමාජික සංජීව ප්‍රසාද් මහතා පැවසුවේය.

අනුරාධපුර – මහේෂ් විජේසුරිය

More Stories