ලෝකයටම බලපා ඇති කොරෝනා වසංගතයෙන් මිදීමට රජයක පමණක් හෝ ජනාධිපතිවරයාට පමණක් හෝ කළ නොහැකි බවත් මේ කඨින චීවර මාසයේ කඨින පිංකම් ඇතුළු සියලු කටයුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් සිදු කළ යුතු බවත් අස්ගිරි පාර්ශවයේ අනුනායක පොලොන්නරුව සොළොස්මස්ථානාධිපති පූජ්‍යපාද වේඩරුවේ ශ්‍රී උපාලි නාහිමියෝ පවසති.

උන්වහන්සේ මේ බව පැවසුවේ ඊයේ (01) දා පොලොන්නරුව ඓතිසාහික ගල්විහාරයේ කථින මහා පිංකමට සහභාගී වෙමිණි.

කථින චීවරය පිළිගනිමින් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සංවිධානය කර තිබූ මෙම කථින චීවර පූජා මහෝත්සවය මෙවර දායක දායිකාවන් ඉතාම සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු කළ අතර එම පුන්‍යෝත්සවයේ දී නාහිමියෝ මෙසේ ද පැවසූහ.

“අද යුද්ධ දෙකක් කරන්න සිද්ධ වෙලා තියෙනවා.එකක් තමයි තන්හාව නැමැති යුද්ධය යටපත් කරගෙන මේ දාන මහා පුන්‍යකර්ම සිද්ධ කිරීම.අනිත් එක තමයි ලඕකයටම වසංගතයක් වෙච්ච මේ කොරෝනා වසංගතය.මේ වසන්ගතයට මුහුණ දෙමින් මේ පුන්්‍යකර්ම සිදු කරන්න වෙලා තියෙනවා.

මේ කොරෝනා වසංගතය පාළනය  කිරීම රජයකට පමණක් කරන්න පුලුවන් දෙයක් නෙමෙයි ජනාධිපතිතුමාට පමණක් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.ලෝකයටම බලපාපු දෙයක්.ඒ නිසා අපි අපි මයි ප්‍රවේසම් වෙන්නට ඕන.මේ වේලාවේ දි අපි මතක් කර සිටිනවා.

රජයේ නීතිරීති සෞඛ්‍ය අමාත්‍යංශයෙන් බුද්ධ ශාසන අමාත්‍යංශයෙන් ලබා දීලා තියෙන නීති උපදෙස් අනුව මේ පිංකම් කරන්නේ.අපේ භික්ෂූන් වහන්සේලා අද දිවයින පුරා රතන සූත්‍රය දේශනා කරනවා.හැබැයි මම එකක් කියන්න ඕන.

රතන සූත්‍රය දේශනා කළා ට මදි අහන්නේ ඔබයි.බුදුරුඅජානන්වහන්සේ විශාලා මහ නුවර පැවති රෝග බය අමනුශ්‍ය බය නැති කරන්න දේශනා කළ සූත්‍ර දේශනාවක් මෙය.එහි බලපෑමක් ඇති වෙන්න බුදුන්වහන්සේ භූතයින් ට කිව්වා ඔබලා හොන්නද සිත් ඇත්තෝ වෙත්වා කියලා.බුදුන්වහන්සේ ප්‍රාර්තනා කළා.

ඒ නිසා රතන සූත්‍රය පංසල්වල සච්ඡාජනා කළාට මදි ඔබත් යහපත් සිත් ඇති යහපත් මනසක් ඇති කර ගන්න ඕන.බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මා කියන දෙය හොදින් අසත්වා කියලා.

මේ රෝග තත්ත්වය අපි හැම දෙනාටම ලොකු අභියෝගයක්.ඒ නිසා අපි යහපත් සිතින් මේ රතන සූත්‍රය අහන්න ඕන.රජය කිව්ව විදිහට රතන සූත්‍රය ප්‍රචාරය වුවත් මිනිස්සු තම තමන්ගේ වැඩපළ කරන ගමන් මේ පිරිත ඔහේ ඇහෙන්න සැලැස්සුවාට  කිසිම ප්‍රයෝජනයක් ලැබෙන්නේ නෑ.රතන සූතේයේ අඩුවක් නිසා නෙමෙයි එහි බලපෑම පෙනෙන්නේ නැත්තේ අපේ අඩුවක් නිසා.ඒ නිසා කියන දේ කවුරුත් පිළිබදින්න ඕන.එක අකුරටම පිළි පදින්නේ නම් අමට ඉතාම ඉක්මනින් මේ වසංගතයෙන් අපේ රටට මිදෙන්න පුළුවන් වෙනවා.”

මෙම අවස්ථවට රාජ්‍ය අමාත්‍ය රොශාන් රණසිංහ ,පාර්ලිමේන්තු මන්ත්‍රි අම්රකීර්ති අතුකෝරල පොලොන්නරුව මහ දිසාපති ඩබ්.ඒ.ධර්මසිරි යන මහත්වරුන් ඇහුළු ගිහි පැවිදි පිරිසක් එක්ව සිටිය හ.පින්තූරවල දැක්වෙන්නේ කඨින චීවර පූජාවේ අවස්ථා කිහිපයකි.

ඊෂා  මුදීයන්සේ – පොලොන්නරුව

More Stories