නව කොරෝනා වෛරසය ආසාධනය වී පුළතිසිපුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ ප්‍රතිකාර මධ්‍යස්ථානය තුළ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් 500 කට ආසන්න පිරිසගේ මානසික සෞඛ්‍ය ප්‍රශස්ත මට්ටමෙන් පවත්වාගෙන යාමේ අරමුණින් සංවිධානය කළ මල් වෙඩි සංදර්ශනයක් ඇතුළු විශේෂ සංගීතමය වැඩසටහනක් පෙරේදා(01) සවස විද්‍යාපීඨ පරිශ්‍රයේ දී පැවැත්වින.

පොලොන්නරුව මහ රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඉන්දික සම්පත් කුමාර මහතාගේ මෙහෙය වීමෙන් හා මග පෙන්වීම යටතේ පොලොන්නරුව පුලතිසිපුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ කොරෝනා විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෛද්‍යවරුන් හෙද කාර්ය මණ්ඩලය හා අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල මෙම වැඩසටහන සංවිධානය කර තිබූ අතර මල් වෙඩි සංදර්ශන හා සංගීත ප්‍රසංගයකින් මෙම වැඩසටහන විචිත්‍රවත් කළ අතර උද්දාමයට පත් කොරෝනා ආසාධිතයන් සිය නේවාසිකාගාරවලින් එලියට විත් සෞඛ්‍ය උපදෙස් සහිතව තමන්ට නියමිත සීමාවල සිට නැ‍ටුමෙන් ගැයුමෙන් ද එක්වීම කාගේත් කතා බහට ලක් වූ කරුණකි.

මෙම ස්ථානයේ ප්‍රතිකාර ලබන්නේ පැළියගොඩ කොරෝනා පොකුරෙන් හා අනෙකුත් ප්‍රදේශවලින් හදුනාගත් රෝග ලක්ෂණ නොපෙන්වන කොරෝනා ආසාධිතයන් වීම විශේෂිතය. මෙම වැඩසටහන සවස 6.30 සිට රාත්‍රි 10.00 පමණ වන තුරු ක්‍රියාත්මක වූ අතර අධික වැස්ස හේතුවෙන් අතර මග නවතා දැමීමය සිදු විය.පින්තූරවල දැක්වෙන්නේ එහි අවස්ථා කිහිපයකි.

ඊෂා  මුදියන්සේ – පොලොන්නරුව

More Stories