මධ්‍යම කදුකරයේ වතු කරය තුල පවතින බබර ප්‍රහාරයන් දිනෙන් දින වර්ධනය විමත් සමග වතුකරයේ වතු කම්කරුවන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත.

මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන වතු කම්කරුවන් පවසනුයේ වතුකරය තුල සිදුවන බබර ප්‍රහාරයන් ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින බවත් මෙම තත්වයන් මත තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය.

වතුකරයේ තැන තැන රූස්ස ගස්වල මෙන්ම තේ පදුරු යටද බබර කුඩු බැද ඇති බවත් මෙම තත්වයන් මත වතු තුල සේවය කරමින් සිටින විට මෙම බබර කුඩු ඇවිස්සිමෙන් එහි සිටින බබරුන් තමන්ට පන්න පන්නා පාහාර දිම් සිදු කරන බවද එම වතු කම්කරුවන් පවසති.

මේ වන විට මෙම බබර ප්‍රහාර හේතුවෙන් වතු කම්කරුවන් කිප දෙනකුම මිය ගොස් ඇති බවත් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවත් මෙම තත්වයන් මත වතු තුල සේවය කිරිම තම ජිවිතවලටද තර්ජනයක් විඇති බවද ඔවුන් පවසති.

වතුකරය තුල සතියකට වරක් හෝ බබර ප්‍රහාරයක් සිදුව වතු කම්කරුවන් කිප දෙනකුම තුවාල ලබන බවත් මෙම තත්වයන් දැනට වසර කිපයක් පුරාවටම සිදුවන බවත් එම කම්කරුවන් පවසති.

වතු තුල සිදුවන මෙම බබර ප්‍රහාරයන් සදහා යම් විසදුමක් ලබා දෙන ලෙස වසර කිපක් පුරා වතු පාලක මණ්ඩලවලින් මෙන්ම විවිධ දේශපාලකයන්ගෙන්ද වතු වෘත්තිය සමිති නායකයන්ගෙන්ද කොතෙක් ඉල්ලිම් කලද මේ වන තෙක් මෙයට විසදුම් ලැබි නොමැති බවද ඔවුන් වැඩි දුරටත් පවසන ලදි.

මෙම තත්වයන් ඉදිරියේදි තවත් වර්ධනය වුවහෝත් එම තත්වයන් මත වතු තුල සේවය කිරිම විශාල ප්‍රශ්නයක් විය හැකි බවද ඔවුන් තව දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories