සිය මව් තුරුලෙන් ගිලිහී අතරමං වී  සිටි වන අලි පැටවකු පොලොන්නරුව කන්දකාඩු ප්‍රදේශයේ දී  වැලිකන්ද වනජීවී  කාර්යාලයේ නිලධාරීහු සොයා ගත් හ.

වැලිකන්ද වනජීවී බීට්‍ටු කාර්යාකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව මෙම වන අලි පැටියා සොයාගත් බවත් වයස අවුරුද්දයි මාස හයක් පමණ වන මෙම අලි පැටියා ගැහැණු සතෙකු බවත් වැලිකන්ද වනජීවී කාර්යාලයේ ප්‍රකාශකයකු පැවසීය.

උස අඩි දෙකහමාරක් පමණ වන මෙම වන අලි පැටවා  ප්‍රතිකාර සහ  ආරක්ෂාව සඳහා   ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය ඒකකයට භාර කළ හ.

අපි පැටියා වැලිකන්ද වනජීවී බීට්‍ටු කාර්යාලයට ‍රැගෙන ආ අන්දමත් ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය ඒකකයට ‍රැගෙන ගිය අන්දමත් පින්තූරවල දැක්වේ.

ඊෂා  මුදියන්සේ – පොලොන්නරුව

More Stories