චිත්‍රපටය රූගත කරන ස්ථානයේ තිබී බෝම්බයක් හමු වී ඇති අතර නළු නිළියන් හා කාර්යමණ්ඩලය එම ස්ථානයෙන් ඉවත් කරගෙන වහාම එම දූපතේ තිබූ ආරක්ෂිත ස්ථානයකට ගෙන ගොස් ඇති අතර පුපුරණ ද්‍රව්‍ය විශේෂඥයන් විසින් එම බෝම්බය නිශ්ක්‍රිය කර ඇත.

“ලෝකයේ දැවැන්තම තරු රැසක් එම වෙලාවේ රූගත කරන ස්ථානයේ සිටි අතර ඕනැම අයෙක්ට හානියක් වීමට ඉඩ තිබ්බා. ඒත් වාසනාවට විශේෂඥයන් ඒක ගැන වග බලාගත්තා.”

“ඒක හරිම භයානකයි. බෝම්බය එහි දශක ගනනාවක් තිබිලා තියෙනවා. කවුරුහරි බෝම්බය ඇල්ලුවානම් මොනවගෙන් මොනවා වෙයිද කියලා කවුද දන්නේ ?”

යනුවෙන් එම අවස්ථාවේ සිටි අයකු සන් පුවත්පතට පවසා ඇත.

දෙවන ලෝක යුද්ධ කාලයේදී නාසීන් ස්පාඤ්ඤයේ කදවුරුලාගෙන සිට ඇත. සන් පුවත්පතට අනුව එම රූගත කරන ලද ස්ථානයේ පෙරදී නාසි කඳවුරක් තිබී ඇති අතර එම පුපුරා නොගිය බෝම්බය දේන ලෝක යුද්ධ කාලයට අයත් බෝම්බයක් යැයි සැක කරයි.

More Stories