රජසමයේ වලදැමු බව කියන මැණික් මුට්ටියක් ගොඩගැනීම සදහා පුරාවිද්‍යා බිමක් ලෙස සැලකෙන ස්ථානයක කැනීමක් සිදුකරමින් සිටි පොලිස් විශේෂ කාර්ය බලකායේ හිටපු කොස්තාපල්වරයෙකු ඇතුළු දෙදෙනෙකු අනුරාධපුර පුරාවස්තු ආරක්ෂන විශේෂ පොලිස් ඒකකයේ නිලධාරින් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

අනුරාධපුර කොට්ඨාශයේ පිහිටි පුරාවස්තු ආරක්ෂන විශේෂ පොලිස් ඒකකයට ලැබුණු තොරතුරකට අනුව මිහින්තලය පොලිස්වසමේ කටුකැලියාව කන්නි මඩුව ප්‍රදේශයේ සිදුකල වැටලිමේදි සැකකරුවන් දෙදෙනා පොලිස් අත්අඩංගුවට පත්වි තිබෙනා අතර එම කැනීමට සමබන්ධවි සිටි තවත් දෙදෙනෙකු පොලිස් කණ්ඩායම සිදුකල වැටලිමේදි පලාගොස් තිබේ.

මීට වසර කිහිපයක සිටම මෙම ස්ථානයේ මැණික් මුට්ටියක් ඇති බවට පැවත යන ජනප්‍රවාදය අනුව විවිධ පුද්ගලයන් එය ගොඩගැනිම සදහා උත්සහ දරා තිබෙන අතර පොලිසිය සිදුකල වැටලිම් වලදි ඔවුන් අත්අඩංගුවට පත්වි ඇති බව වැටලිම සිදුකල පොලිස් කණ්ඩායම අනාවරණය කරගෙන තිබුණි.

සැකකරුවන් අතර සිටිනා පොලිස් විශේෂ කාර්ය බලකායෙන් පලාවිත් සිටින ප්‍රධාන සැකකරු ස්ථානය නැවත හාරා මැණික් මුට්ටිය ලබාගැනීමට උත්සහ දරා ඇති බව පොලිසිය කියයි.

වැටලු ස්ථානය කන්නිමඩුව හේන් යායක් ආසන්නයේ තිබෙනා බවත් එම ස්ථානය පුරාවිද්‍යා ස්ථානයක් බවට සැකකල හැකි අඩි පහ හා හය බැගින් වන ගල්කණු කිහිපයක් තිබු බවත් පොලිසිය කියයි.විවිධ සැකකරුවන් එම ස්ථානයේ කැනිම් සිදුකිරිම නිසා පුරාවිද්‍යා සාධකයන්ට හානි සිදුව තිබෙනා බව පොලිස් නිරික්ෂනයට ලක්වි තිබුණි.

සැකකරුවන් අඩි 17ක් ගැඹුර පළල අඩි පහක් හා දිග අඩි අටක් වන ලෙස ස්ථානය හාරා තිබු බව පොලිසිය පවසයි.අත්අඩංගුවටගත් ප්‍රධාන සැකකරු වන පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළා වසර 11කට පෙර සේවයෙන් පලාවිත් ඇති බවත් ඔහු කන්නිමඩුව පදිංචිකරුවකු වන අතර ඔහු සමග සිටි අනෙක් සැකකරු කටුනේරිය වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය පවසයි.

පලාගිය සැකකරුවන් දෙදෙනා කටුනේරිය හා කන්නිමඩුව ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය අනාවරණය කරගෙන තිබුණි. අත්අඩංගුවටගත් 38 හා 32 හැවරදි සැකකරුවන් වැඩිදුර විමර්ශන සදහා මිහින්තලය පොලිස්ථානයට බාරදි තිබුණු අතර ඔවුන් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.

අනුරාධපුර කොට්ඨාශභාර ජේෂ්ඨ පොලිස් අධිකාරි කේ.එල් ගීගනගේ මහතාගේ උපදෙස්මත අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක බණ්ඩාර විජේකෝන් උප පොලිස් පරික්ෂක ආර්.ඒ.ඒ බණ්ඩාර පොලිස් සැරයන්වරුන් වන31166 හරස්ගම 36446 වීරකෝන් 75187 ඉලංගසිංහ පොලිස් කොස්තාපල්වරුන් වන 23118 පෙරේරා 75544 සමන් 83720 සෙනවිරත්න යන නිලධාරින් වැටලිම සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.

අනුරාධපුර – මහේෂ් විජේසුරිය

More Stories