මත් පැන් පාටියේ දී බහින්  බස්වී මිටියෙන් පහරදී  පුද්ගලයන් දෙදෙනෙකු මැරූ  අයෙකු  සැකපිට  අත් අඩංගුවට ගත් බව  හොරණ පොලීසිය කියයි .

හොරණ ,අමරණාගොල්ල ප්‍රදේශයේ  නවාතැන්පලකදි පසුගිය  දා පුද්ගලයන්  කිපදෙනෙකු අතර ඇතිවු ආරවුලකින් පහරකෑ පුද්ගලයන්  දෙදෙනෙකු  මියගොස් ඇති අතර තවත් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා හොරණ  රෝහලට ඇතුලත් කර  කොළඹ  මහ රෝහලට මාරුකර යවා  ඇතැයි හොරණ පොලීසිය කියයි .

හොරණ , අමරණාගොල්ල ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවකට අයත් සේවක පිරිසක්රැඳි සිටින  නේවාසිකාගාරයක්තුළ  පසුගියදා පුද්ගලයන්  පිරිසක් මත් පැන් පානය කර ඇති අතර එහිදි ඔවුන් අතර ඇතිවූ බහින් බස්වීමක් ආරවුලක් බවට පත්ව පුද්ගලයෙකු මිටියකින් පහරදීමෙන් බරපතල තුවාල ලැබු පුද්ගලයන් දෙදෙනෙකු  මෙසේ මරණයට පත්ව ඇත.

මෙසේ මරණයට පත්ව ඇත්තේ හෙටිටිපෙල පදිංචි  53 හැවිරිදි ජගත් ගුණවර්ධන , සහ  කෑගල්ලේ පදිංචි 33 හැවිරිදි ජනක කුමාර  නැමති දෙදෙනෙකි.

සිද්ධිය  සම්බන්ධයෙන්  සැකපිට පුද්ගලයෙකු  අත් අඩංගුවට ගත් බව  හොරණ පොලීසිය කියයි .මෙි පිළිබඳ හොරණ පොලීසිය  වැඩදුර පරීක්ෂණ සිදුකරයි.

සෝමරත්න පොද්දෙණිය – මීගහතැන්න

Similar Posts