accident

හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේදි සිදුවු යතුරුපැදි ටිපර් රථ අනතුරකින් යතුරුපැදි කරු බරපතල තුවාල ලබා කොටගල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර ඇත.

මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු කොටගල ප්‍රාදේශීය රෝහලේ නිලධාරියකු පවසන ලද්දේ හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කොටගල ප්‍රදේශයේදි මෙම අනතුර සිදුව ඇති බවත් එම අනතුරින් බරපත තුවාල ලබා රෝහල් ගත කරන ලද යතුරුපැදි කරුගේ තත්වය බරපතල බැවින් එම තුවාලකරු දික්ඔය දිස්ත්‍රික් මුලීක රෝහල වෙත මාරු කර යැවිමට පියවර ගත් බවත්ය.

යතුරුපැදි කරු අපරික්ෂාකාරි ලෙසින් යතුරු පැදිය ධාවනය කරවිමෙන් මෙම අනතුර සිදුව ඇති බවට මුලීක පරික්ෂන වලින් හෙලිව ඇති බවත් මේ පිලිබදව වැඩි දුර පරික්ෂන ආරම්භ කර ඇති බවත් පතන දිඹුල පොලිසියේ නිලධාරියකු පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts