හැටන් නගරයේ සැරි සරන සමහර යාචකයන්ගේ නගර වැසියන්ට මෙන්ම වෙලදසැල් හිමියන්ටද සිදුවන විවිධ කරදර හේතුවෙන් එම නගර වැසියන් මෙන්ම වෙලද සැල් හිමියන්ද විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත.
මේ පිලිබදව අදහස් දක්වන සමහර වෙලදසැල් හිමියන් මෙන්ම නගර වැසියන් කිප දෙනකුම පවසන ලද්දේ මෙම යාචකයන්ගෙන් තමන්ට විවිධ හිරි හැර සිදුවන බවත් මෙම තත්වයන් මත තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්වන බවත්ය.
මෙම සමහර යාචකයන් තමන්ගෙන් දිනකට තුන් හතර වතාවක් හිගමන් යදින බවත් එම අවස්ථාවන්වලදි ඔවුන්ට මුදල් දිම ප්රතික්ෂේප කල විට පරුෂ වචනයෙන් බැන වදින බවත් සමහර වෙලද සැල් හිමියන් පවසති.
එමෙන්ම තම වෙලද සැල්වලට බඩු භාන්ඩ ලබා ගැනිමට පැමිනෙන පුද්ගලයන්ටද මෙම යාචකයන් බැන වදින බවත් මෙම තත්වයන් මත තමන්ට නිසි ලෙස වෙලදාම් කටයුතු කර ගෙන යාමට නොහැකි තත්වයක් පවතින බවද ඔවුන් පවසති.
එමෙන්ම නගරයේ මෙසේ සැරි සරන සමහර යාචකයන් මහමග ගමන් කරන තමන්ට නිකරුනේ බැනවැදි පහර දිමට තැත් කරන බවත් සමහර අවස්ථාවලදි මෙම යාචකයන් ගල්වලින් තමන්ට පහාර දිම් සිදු කිරිමත් සමග තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්වන බවද නගර වැසියන් කිප දෙනකුම පවසන ලදි.
මෙම තත්වයන් පිලිබදව අදාල නිලධාරින්ගේ අවදානය යොමු කර මෙම යාචකයන් හැටන් නගරයෙන් ඉවත් කිරිමට පියවර ගන්නේ නම් එය මෙම නගරයට කරන විශාල සහනයක් බවද ඔවුන් වැඩි දුරටත් පවසති.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්