coronaupdates

පොලොන්නරුව ,ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ මේ වන විට සමාජයෙන් හදුනාගත් කොරෝනා වෛරසය ආසාධිතයින් සංඛ්‍යාව 12ක් වන බවත් හදුනා නොගත්  ආසාධිතයින් 100ක් පමණ සමාජයේ සිටිය  හැකි බවට අනුමාන කළ හැකි බවත් ලංකාපුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ටාශයේ ජනතාව ආසාධිතයින් හා ඔවුන්ගේ ආශ්‍රිතයින් සොයා ගැනීම සදහා දක්වන සහය ප්‍රමාණවත් නොවන බවත් සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

මේ වන විට කන්දකාඩු පොකුරෙහි ආශ්‍රිතයින් වූ ආසාධිතයින් 12 දෙනාගේ ආශ්‍රිතයින් හදුනාගෙන ඔවුන් නිරෝධායනයට ලක් කිරීමේ කටයුතු සිදු කර තිබෙන බව පවසන සෞඛ්‍ය අංශ පවසන්නේ කොරෝනා ආසාධිතව හදුනාගත් සිවිල් ආරක්ෂඛ භටයා තැපැල් ඡන්දය භාවිත කිරීමට ගිය හිගුරක්ගොඩ පාළුවැව සිවිල් ආරක්ෂක බලකා කදවුරේ නිලධාරින් 630ක පී.සී.ආර්.පරික්ෂණ සදහා ජෛවසාම්පල් පෙරේදා(03) දා සවස ලබා ගත් බවයි.

ඉකුත් (07) දා සිට මේ වන විට පී.සී.ආර්.පරික්ෂණ 2400ක් පමණ සිදු කර ඇති බව්ත් එම පී.සී.ආර්.පරික්ෂණවලින් ලංකාපුර නව ආසාධිතයින් හදුනා ගැනුනු බව ද එම ආරංචිමාර්ග පවසයි.මේ නිසා සාමාන්‍ය යෙන් තවත් හදුනා නොගත් ආසාධිතයින් 100 දෙනෙකු පමණ සමාජයේ සැරිසරමින් සිටිය හැකි බව ද හදුනාගත් ආසාධිතයින් මෙන් අට ගුණයක් පමණ මෙම සංඛ්‍යාව සිටිය හැකි බවත් එම ආරංචිමාර්හ වැඩි දුරටත් පෙන්වා දෙයි.

මේ නිසා සියලුම ජනතාව සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කළ යුතු බවත් ආශ්‍රිතයින් හදුනාගැනීමට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවලට සහය ලබා දිය යුතු බවත්  ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාලයේ ආරංචි මාර්ග වැඩි දුරටත් පවසයි.

ඔවුන් පවසන්නේ තම සේවාවන් සැපයීමට සිදුව තිබෙන්නේ ඉතාම අවම පහසුකම් මධ්‍යයේ බවයි.අඩුම තරමේ ලංකාපුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශයට වත් අවශ්‍ය පහසුකම් ලබා දීමට කටයුතු කරන ලෙස ද ඔවුන් ඉල්ලා සිටිති.

ඊෂා  මුදියන්සේ – පොලොන්නරුව

More Stories