බීබීසී නාලිකාව මගින් 2019 වසර සඳහා තෝරාගෙන තිබෙන ලෝකයේ වඩාත් බලපෑම්කාරී කාන්තාවන් 100 දෙනාගේ ලැයිස්තුවට ශ්‍රී ලංකාවේ ආශ්චර්යා පීරිස් ජයකොඩි නමැති ප්‍රකට මෝස්තර නිරූපණියක් ඇතුළත්ව තිබේ.
2000 වසරේ වාහනයක් පදවා යද්දී ඇය ත්‍රස්ත ප්‍රහාරයකට ගොදුරුවූ අතර එහිදී 47 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ දරුණු අනතුරින් ඇයගේ ජීවිතය බේරුණත් දෑස් පෙනීම අහිමිවී යයි.
බෝම්බ ප්‍රහාරයට ගොදුරු වෙද්දි ඇය එච්.එස්.බී.සී. බැංකුවේ සේවය කරමින් සිටියාය.
ඇගේ පෙනීම අහිමිවුවත් ආශ්චර්යා පීරිස් මහත්මිය මෝස්තර නිර්මාණ ක්ෂේත්රයට පැමිණෙමින් ජාත්‍යන්තර කීර්තියට පත් මෝස්තර නිර්මාණ ශිල්පිනියක් බවට පත්වූවාය.
සිය සිහින සැබෑ කරගත් නයනා ආශ්චර්යා පීරිස් ජයකොඩි මහත්මිය මෝස්තර නිර්මාණ ශිල්පිනියක ලෙස සම්මාන රැසක් දිනා ගැනීමට සමත්ව සිටී.
ඇය මෝස්තර නිර්මාණ ක්ෂේත්රයට අමතරව විශේෂයෙන්ම තරුණියන් දිරිගැන්වීමේ කටුයතුවල නිරතව සිටින්නීය.