ශ්‍රී ලංකාවේ 73 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙලට සමගාමීව  පොලොන්නරුව ඓතිහාසික ගල් විහාර පුදබිමේ දී පොලොන්නරුව දිස්ත්‍රික් සැමරුම් උළෙල ඊයේ(04) පෙරවරුවේ පැවැත් විණ.

ශ්‍යාමෝපාලි වංශික අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති පූජ්‍යපාද වෙඬරුවේ ශ්‍රී  උපාලි නාහිමියන්ගේ අනුශාසනා පරිදි පැවති මෙම ජාතික නිදහස් දින සැමරුම්  උළෙලෙහිදී ගල් විහාරය පුදබිම පරිශ්‍රයේදී නා පැල සීයක් රෝපණය කිරීමද  සිදු වූ අතර  පොළොන්නරු දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම .වැඩසටහන සංවිධානය කර තිබුණි.

පොලොන්නරුව මහ දිසාපති ඩම්.ඒ.ධර්මසිරි මහතා ඇතුළු රාජ්‍ය නිලධාරින් පිරිසක් ද ප්‍රාදේශීය දේශපාලනඥයින් පිරිසක් ද මෙම වැඩසටහනට එක්ව සිටිය හ.පින්තූරවල දැක්වෙන්නේ එහි අවස්ථා කිහිපයකි.

ඊෂා මුදියන්සේ – පොලොන්නරුව

More Stories