වතු කරයේ වතු අධිකාරිවරුන්ට සිදුවන මිලේච්ජ පහර දිම් හා විවිධ අකටයුතු කම්වලට විරෝධය දක්වමින් ලංකාවේ වැවිලිකරුවන්ගේ සංගමය විසින් සංවිධානය කරන ලද නිහඩ උද්ගෝෂනයක් 03වන දින හැටන් මල්ලිඅප්පුව මංසන්ධියේදි පවත්වන ලදි.

වතුකරයේ ප්‍රචන්ඩත්වය තුරන් කරනු, වතුවලට ආරක්ෂාව හා වතු අධිකාරිවරුන්ට ආරක්ෂාව ලබා දෙනු, අපිට පුද්ගලික ආරක්ෂාවක් අවශ්‍යයි, අපිත් කරන්නේ රැකියාවක්, වැනි විරෝධතා පුවරු රැගත් වතු අධිකාරිවරුන්, සහකාර වතු අධිකාරිවරුන් ඇතුළු පිරිසක් මෙම උද්ගෝෂනය සදහා එක්ව සිටින ලදි.

මෙහිදි අදහස් දැක්වු එම සංගමයේ සභාපති දයාල් කුමාරගේ මහතා පවසන ලද්දේ වතුකරය තුල පවතින විවිධ ප්‍රචන්ඩ ක්‍රියා හේතුවෙන් වතු අධිකාරවරුන්, සහකාර වතු අධිකාරිවරුන් විවිධ ප්‍රිඩාවන්ට ලක් වෙනවා මෙම තත්වයන් නැවැත්විමට පියවර ගත යුතුයි.

මෙම තත්වයන් මත වතු අධිකාරිවරුන් සහකාර වතු අධිකාරිවරුන්ගේ මෙන්ම ඔවුන්ගේ පවුල්වල අයගේද ජිවිත අනාරක්ෂිත තත්වයන්ට පත් වෙලා තියෙන්නෙ එම නිසාමෙම වැවිලිකරුවන්ට අවි පුහුණුවක් ලබා දිලා භාවිතය සදහා ගිනි අවි ලබා දිමට පියවර ගන්නා ලෙසත් අපි ඉල්ලා සිටිනවා.

මේ රටේ ආර්ථිකය නගා සිටුවන්න මේ වැවිලි කරුවන් දැඩි කැප කිරිමක් කරනවා අපි පැය 24 පුරාවටම සේවය කරන පිරිසක් සමහර වැවිලිකරුවන් තම පවුලේ අයගෙන් ඇත්වෙලා හුදකලාවයි තම රැකියාවන් සිදු කරන්නේ එවන් පිරිසකට මෙසේ වතු කරයේ සේවය කරන මහත්ම මහත්මින් සිදු කරන මිලෙච්ජ පහාර දිම් පිලිකුල් සහගතයි.

පසු ගිය දිනක මස්කෙළිය ඔල්යන් වතු යායේ වතු අධිකාරිවරයාට හා සහකාර වතු අධිකාරිවරයාට සිදු කල මිලේචජ පහර දිම දැඩි පිලිකුලට කරුනක් මෙම අයට පහර දිම් සිදු කර තිබුනේ තිහක තිස් පහක පමන පිරිසක් පැමින නිල නිවසේ දොරගුලු කඩා දමා බහලහත් කාරයෙන් එම නිල නිවසට ඇතුල් විමකින් පසුවයි.

මේ පිලිබදව අතිගරු ජනාධිපතිතුමාගෙත් ගරු අගමැතිතුමාගෙත් ආරක්ෂක ලේකම්තුමාගෙත් දැඩි අවදානය යොමු කරලා සාධාරන පරික්ෂනයක් පවත්වන ලෙස අපි ඉල්ලා සිටිනවා.

මෙයට පෙරත් වතු අධිකාරිවරුන් විවිධ ප්‍රිඩාවන්ට ලක් වෙලා තියෙනවා අපිත් ඉවසුවා ඇති තවත් ඉවසන්න බැහැ අපි මෙය ජත්‍යත්‍රරය දක්වා ගෙන යාමට පියවර ගන්නවා එම නිසා අපි නැවත කියන්නේ මේ වැවිලිකරුවනගේ පුද්ගලික ආරක්ෂාව සදහා අවි පුහුණුවක් ලබා දිමා පුද්ගලික භාවිතය සදහා ගිනි අවි ලබා දිමට පියවර ගන්නා ලෙසයි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories