කොවිඩ් 19 වසංගත තත්වයන් හමුවේ කොටගල ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ ස්වයං නිරෝධානයට ලක් කර ඇති පවුල් හාර සිය පනහක් සදහා වියළි ආහාර පාර්සල් බේදා දිමක් කොටගල ප්‍රාදේශිය සභාව මගින්  සිදු කරන ලදි.

පැලියගොඩ මත්ස්‍ය වෙළද පලේ සේවයන් දෙදෙනකු කොටගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට පැමිනිමත් සමග ඔවුන්ගේ කරන ලද පි. සි. ආර්. පරික්ෂනවලින් අනතුරුව ඔවුන් කොවිඩ් 19 ආසාදිතයන් බවට හදුනා ගැනිමෙන් පසු ඔවුන්ගේ ආශ්‍රිතයන් මෙසේ ස්වයං නිරෝධානයට ලක් කරන ලදි.

එම තත්වයන් මත එම ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයට අයත් රොසිටා, ඩ්‍රෙටන්,යුලිපිල්ඩ්, වුටන්, කුඩාඔය, කේ. ඕ. කොටස යන ප්‍රදේශවල මෙම ස්වයං නිරෝධානයට ලක් කරන ලද පිරිස රැදි සිටින අතර එම පවුල් සදහා මෙම වියළි ආහාර පාර්සල් බේදා දිම සිදු කරන ලදි.

මේ පිලිබදව අදහස් දැක්වු කොටගල ප්‍රාදේශීය සභාවේ සභාපති රාජමනි ප්‍රසාද් මහතා පවසන ලද්දේ කොවිඩ් 19 හේතුවෙන් ස්වයං නිරෝධානයට ලක්ව ඇති පවුල්වල සමාජිකයන් දැඩි අසිරුතාවයන්ට පත්ව ඇති බවත් එම තත්වයන් පිලිබදව වතු යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය ඇමති ජිවන් තොණ්ඩමන් මහතා දැනුවත් කිරිමෙන් පසු ඔහුගේ විමධ්‍ය ගත මුදලින් එක් පවුලක් සදහා රුපියල් හය දහාසක් පමන වටිනා වියළි ආහාර පාර්සල් බේදා දිමට පියවර ගත් බවත්ය.

මේ වන විට රට තුල මෙම කොව්ඩ් 19 වසංගතය සිග්‍රයෙන් පැතිර යමින් තිබෙන බවත් එම තත්වයන් මත මෙසේ ස්වයං නිරෝධානයට ලක් කර ඇති පිරිස් සෞඛ්‍ය උපදේස් නිසි ලෙස පිලිපදිමින් අදාල කාලය තුල නිවෙස් තුලම රැදි සිටින ලෙස එම සියලුම දෙනාගෙන් ඉල්ලා සිටින බවද ඔහු පවසන ලදි .

මෙම අවස්ථාවට කොටගල මහජන සෞඛ්‍ය පරික්ෂක මහත්වරුන්ද එක් විය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories