වත්මන් රජයේ සෞභාග්‍යයේ ඉදිරි දැක්ම ප්‍රතිපත්තිය අරුත් ගන්වමින් ආධ්‍යාත්මික වශයෙන් පිරිපුන් ගුණගරුක ජන සමාජයක් බිහි කිරීමේ අරමුණින් ඓතිහාසික පොලොන්නරුව සොළොස්මස්ථානය සතර දෙසින් ආවාවූද නාවා වූද මහා සංඝ පරම්පරාව වෙත පූජා කිරීම මහ වැසි මධ්‍යයේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පොලොන්නරුව ඓතිහාසික ගල්විහාර විහාරස්ථානයේ දී සිදු කෙරිණ.

අසිගිරි පාර්ශවයේ අනුනායක පොලොන්නරුව ඓතිහාසික සොළොස්මස්ථානාධිපති  පූජ්‍යපාද වේඬරුවේ ශ්‍රී උපාලී නාහිමියන් වෙත සන්නස් පත්‍රයකින් පිරිණැමූ අගමැතිවරයා මහ සංඝ රත්නයේ ආඅශිර්වාදය ද ලබා ගත්තේ ය.මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන සිරිපාල ගමලත් හා රොශාන් රණසිංහ යන මහත්වරුන්ද සහභාගී වූහ.පින්තූරවල දැක්වෙන්නේ එහි අවස්ථා කිහිපයකි.

ඊෂා මුදියන්සේ – පොලොන්නරුව

More Stories