15හැවිරිදි දරැවෙකු පැදවූ රථයක ගැටී දරැවන් දෙදෙනෙකු මියයි

15හැවිරිදි දරැවෙකු පැදවූ රථයක ගැටී දරැවන් දෙදෙනෙකු මියයි

15 හැවිරිදි දරුවෙකු විසින් ධාවනය කරන ලද මෝටර් රථයක ගැටීමෙන් 12 හැවිරිදි දැරියක් සහ 06 හැවිරිදි පිරිමි දරුවෙක් මියගොස් තිබේ. අද සවස මෙම අනතුර සිදු වී ඇත්තේ වීරකැටිය, තංගල්ල මාර්ගයේ දීය. මියගොස් තිබෙන ළමුන් දෙදෙනා සහ ඔවුන්ගේ මව බස් රථයකින් බැස මාර්ගය හරහා ගමන් කිරීමේදී බස් රථය පිටුපසින් පැමිණි මෝටර් රථයේ ගැටීමෙන් අනතුර සිදුව ඇති…

මිනිස් ජාවාරමේ නිරත ජාවාරම්කරුවෙක් කටුනායකදී අත්අඩංගුවට

මිනිස් ජාවාරමේ නිරත ජාවාරම්කරුවෙක් කටුනායකදී අත්අඩංගුවට

වී-චැට් නැමති චීනයේ ක්‍රියාත්මක සමාජ ජාල වෙබ් අඩවියක් ඔස්සේ ක්‍රියාත්මක වෙමින් දකුණු ආසියානු කලාපයේ රටවල තරුණියන් චීනය වෙත ගෙන්වා ගෙන සිදු කෙරෙන මහා මිනිස් ජාවාරමක ප්‍රධානියා  කටුනායක ගුවන් තොටුපලේදී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන පිටුවහල් කර ඇත. වෑන් ඩොන්ග් (Wang Dong) නැමැති 28 හැවිරිදි චීනයේ මිනිස් ජාවාරම් හි නිරත එරට වැසියෙක් බවයි කටුනායක…

යළි දැනුම් දෙන තුරු නුගේගොඩ ගුවන් පාලම වසා දමයි

යළි දැනුම් දෙන තුරු නුගේගොඩ ගුවන් පාලම වසා දමයි

යළි දැනුම් දෙන තුරු නුගේගොඩ ගුවන් පාලම තාවකාළිව වසා දමා ඇති බව පොලිසිය පවසයි. මෙම ගුවන් පාලමෙහි ස්ථාන කිහිපයක සිදුකරන අලුත්වැඩියා කටයුතු හේතුවෙන් මෙම පියවර ගෙන ඇත. මේ හේතුවෙන් නුගේගොඩ ප්‍රදේශයේ දැඩි රථ වාහන තදබදයක් මේ වන විටත් පවතින බව වාර්තා වේ. ඒ අනුව හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ පළමුවරට රොබෝවරුන් යොදා ගනියි

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ පළමුවරට රොබෝවරුන් යොදා ගනියි

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ පළමුවරට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ විසින් මත්ද්‍රව්‍ය හඳුනාගැනීම සඳහා  රොබෝ යන්ත්‍ර 2ක් ඊයේ (01)  දින සිට යොදා ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි. කටුනායක, ජාත්‍යාන්තර ගුවන්තොටුපලේ පැමිණීමේ හා පිටවීමේ පර්යන්තයේ ප්‍රවේශ ශාලාව තුළ මෙම නව සෝදිසි කිරීමේ රොබෝ යන්ත්‍ 2ක් ස්ථාන ගත කර ඇත. “robot inspection…