පාතාලයේ 6 දෙනෙකුට වැඩ වරදි

පාතාලයේ 6 දෙනෙකුට වැඩ වරදි

හංවැල්ල, ඇඹූලේගම ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ ඒකකය මඟින් සිදුකළ වැටලීමකදී පාතාල ක්‍රියාකාරකම්වලට සම්බන්ධ පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් සතුව තිබී තියුණු ආයුධ කිහිපයක්, හෙරොයින් හා කේරළ ගංජා තොගයක්ද නිලධාරීන් භාරයට ගෙන ඇත.  

ලෝක ප්‍රකට කඳු නගින්නෙකු වන බ්‍රෑඩ් ගෝබ්‍රයිට් ජීවිතක්ෂයට

ලෝක ප්‍රකට කඳු නගින්නෙකු වන බ්‍රෑඩ් ගෝබ්‍රයිට් ජීවිතක්ෂයට

ලෝක ප්‍රකට කඳු නගින්නෙකු වන බ්‍රෑඩ් ගෝබ්‍රයිට් කන්දකින් වැටී මරණයට පත්ව ඇත. ලෝක ප්‍රකට ඇමරිකානු නිදහස් ඒකල කඳු නගින්නෙකු තද බෑවුමක් සහිත කන්දකින් පහළට බැසීමට උත්සහ කිරීමේදී  ඉන් ඇද වැටී මියගොස් ඇත. 31 හැවිරිදි බ්‍රෑඩ් ගෝබ්‍රයිට් උතුරු මෙක්සිකෝවේ එල් පොට්‍රෙරෝ චිකෝහිදී මීටර් 300ක් (අඩි 1,000 ක්) පමණ උසක සිට බිම වැටී ඇති බව සඳහන්. ඔහු…

ශ්‍රී ලංකා පිල කාන්තා වොලිබෝල් ඉසව්වේ අවසන් පූර්ව වටයට

ශ්‍රී ලංකා පිල කාන්තා වොලිබෝල් ඉසව්වේ අවසන් පූර්ව වටයට

13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා වොලිබෝල් ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායම සහ මාලදිවයින් කණ්ඩායම අතර තරගයෙන් වට 3ට 0ක් ලෙස පහසුවෙන් ජයගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.තරගයේ ලකුණු සටහන දැක්වුණේ 25ට 15ක්, 25ට 18ක් සහ 25ට 14ක් ලෙසයි. ශ්‍රී ලංකාව සහ සත්කාරක නේපාලය අතර අවසන්…

දෙසැම්බර් 01 වෙනිදා සිට දුම්රිය තුල සිගමන් යදින්නන්ට දැඩි දඬුවම්

දෙසැම්බර් 01 වෙනිදා සිට දුම්රිය තුල සිගමන් යදින්නන්ට දැඩි දඬුවම්

දෙසැම්බර් මස 01 වෙනිදා සිට දුම්රිය තුල සිගමන් යදින පුද්ගලයින්ට එරෙහිව දැඩි දඬුවම් පමුණුවන බවත් දුම්රියන් තුල සිගමන් යැදීම සම්පුර්ණයෙන්ම තහනම් බව දුම්රිය සේවා අමාත්‍යාංශය නිවේදනය කරනු ලබයි. දුම්රිය සේවා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ එලෙස සිගමන් යදින්නන්ට දැඩි දඬුවම් පමුණුවනු ඇති බවයි.