කළු තුෂාර පෝරකයට

කළු තුෂාර පෝරකයට

හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 25.77ක් සන්තකයේ තබාගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු හේරත් මුදියන්සේලාගේ තුෂාර හෙවත් කළු තුෂාර නමැත්තාට කොළඹ මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කළ බව සදහන් වෙයි. දීර්ඝ නඩු විභාගයකින් පසුව තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා…

ශ්‍රී ලංකා නාවික හමුදාව සිය 69 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි
|

ශ්‍රී ලංකා නාවික හමුදාව සිය 69 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි

ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන රට වට බැඳි රන් වැට, ශ්‍රී ලංකා නාවික හමුදාවේ 69 වන සංවත්සරය වෙනුවෙන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදේශකත්වය හා මඟපෙන්වීම යටතේ ආගමික, සමාජ සුභසාධන සහ නාවික සම්ප්‍රදායන්ට මුල්තැනක් ලබා දෙමින් වැඩසටහන් රැසක් සංවිධානය කරන ලදී. 2019 නොවැම්බර් 27 සහ 28 යන දෙදින අනුරාධපුරය ඓතිහාසික ශ්‍රී මහා බෝධීන්…

ඩොනල් ට්‍රම්ප් සිරකරු හුවමාරුවක

ඩොනල් ට්‍රම්ප් සිරකරු හුවමාරුවක

ඒක්සත් ජනපදය හා ඉරානය ස්විට්සර්ලන්තය අතර සිරකරුවන් දෙදෙනෙකු ඉකුත්දා හුවමාරුව කර ගෙන ඇත. ඉරානයේ වසර තුනක් රඳවාගෙන සිටින චීන-ඇමරිකානු මිනිසෙකු වන ෂියූ වැන්ග් සහ එක්සත් ජනපදයේ රඳවා සිටින මැසූඩ් සොලෙයිමනීට ඔවුන්ගේ ඥාතීන් සමඟ ඒක් වීමට හැකි වු බව ඉරාන රාජ්‍ය තාන්ත්‍රික ප්‍රධානී මොහොමඩ් ජාවඩ් සරීෆ් ට්විටර් පණිවුඩයක් මගින් නිවේදනය කර තිබේ. එක්සත් ජනපදයේ දී අත්අඩංගුවට…

එල්ටීටීඊ දෘෂ්ටිවාදය තවද පවතින බව මතක තබා ගන්න  – ආරක්ෂක ලේකම්
|

එල්ටීටීඊ දෘෂ්ටිවාදය තවද පවතින බව මතක තබා ගන්න  – ආරක්ෂක ලේකම්

ජාතියේ ආරක්‍ෂකයින් වශයෙන් අප එවැනි ප්‍රචණ්ඩ ක්‍රියා නැවත සිදු කිරීමට ඉඩ නොදිය යුතු යැයි ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කර සිටියේ ශ්‍රී ජයවර්ධනපුර පිහිටි නව යුද්ධ හමුදා මූලස්ථානයේ සිය මංගල සංචාරයේ නිරතවූ අවස්ථාවේදීය. යුද්ධ හමුදා මූලස්ථානයට සපැමිණි විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න වෙත භටපිරිස් වෙතින් පිරිනැමු හමුදා…

ලොව ලාබලතම අග්‍රාමාත්‍යවරිය ෆින්ලන්තයේ
|

ලොව ලාබලතම අග්‍රාමාත්‍යවරිය ෆින්ලන්තයේ

ලොව ලාබාලතම අග්‍රාමාත්‍යවරිය ලෙස ෆින්ලන්තයේ සානා මැරීන් මෙම සතියේ දිවුරුම් දීමට නියමිතව ඇත. 34 හැවිරිදි සානා මැරීන්ට පෙර මෙම වාර්තාවට හිමිකම් කියනු ලැබුයේ 39 හැවිරිදි නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩන් ය. තැපැල් වර්ජනයක් හේතුවෙන් ෆින්ලන්තයේ හිටපු අගමැති අන්ටි රින්නේ ඉල්ලා අස්වූ අතර සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය විසින් ඒ සඳහා සානා මැරීන් නම් කර තිබේ. පක්ෂ පහකින් සැදුම්ලත්…

ඉතිහාසගත ටෙස්ට් තරගාවලිය(11) හෙට

ඉතිහාසගත ටෙස්ට් තරගාවලිය(11) හෙට

පාකිස්තාන රජය පොරොන්දු වූ පරිදිම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට වෙඩි නොවදින රථ පෙළකින් සමන්විතව ඉහළ මට්ටමේ පෙළේ ප්‍රභූ ආරක්ෂාවක් ලබාදී ඇති අතර පළමු ටෙස්ට් තරගය හෙට ආරම්භ වන රාවල්පින්ඩි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය අවට පමණක් පන්ජාබ් පළාතේ පොලිස් නිලධාරීන් සහ පාකිස්තාන යුද හමුදා සෙබලුන් ඇතුළු ආරක්ෂක සේනාවට 4,000 කට වැඩි පිරිසක් යෙදවීමට පියවර ගෙන ඇත. ජාත්‍යන්තර…

නත්තලට පුහුණු වන සීයලා

නත්තලට පුහුණු වන සීයලා

ළඟ එන නත්තල සඳහා නත්තල් සීයා පුහුණු කිරීම මේ වන විට අවසන් වෙමින් පවතී. ඒ සඳහාම වෙන් වූ විශේෂිත පාසල් හෝ පුහුණු ආයතනවලින් මේ පුහුණුව ලබා දෙනු ලබන අතර එය මිල අධික පාඨමාලාවක් වේ. පිළිගත් පාසල් හෝ පුහුණු ආයතනවලින් මේ පාඨමාලාව හදාරණ නත්තල් සීයලාට ලොව පුරා බොහෝ ආයතනවල විශාල ඉල්ලුමක් පවතී.

කොළඹට ඇතුළු වන වාහනට ගාස්තු අය කිරීමට අවධානය

කොළඹට ඇතුළු වන වාහනට ගාස්තු අය කිරීමට අවධානය

කොළඹට ඇතුළු වන වාහනවලින් ගාස්තු අය කිරීමට රජයේ අවධානය යොමුව තිබේ. අනවශ්‍ය ලෙස කොළඹට ඇතුළු වන වාහන සංඛ්‍යාව පාලනය කිරීමේ අරමුණින් මෙම පියවර ගන්නා බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යංශය සඳහන් කරයි. කොළඹට ඇතුළු වන වාහන වර්ගීකරණයක් තුළින් ගාස්තු අය කිරීමේ ක්‍රමවේදයක් වෙත අවධානය යොමුව තිබේ.

අද උදෑසන 8 සිට රාත්‍රි 12 දක්වා පැය 16 ක් ජල කප්පාදුවක්

අද උදෑසන 8 සිට රාත්‍රි 12 දක්වා පැය 16 ක් ජල කප්පාදුවක්

අද උදෑසන 8 සිට රාත්‍රි 12 දක්වා පැය 16 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලා ප්‍රවාහන මණ්ඩලය පවසයි. පමුණුගම, නුගපේ, උස්වැටකෙයියාව, බෝපිටිය, ඇලෙන්එගොඩ, සේදවත්ත යන ප්‍රදේශවලට එම කාල සීමාව තුළ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලා ප්‍රවාහන මණ්ඩලය සඳහන් කරයි.