නවසීලන්තයේ  වයිට් අයිලන්ඩ්හි  ගිනි කන්ද  සක්‍රීය වීමෙන් මිය ගිය ගණන ඉහළට

නවසීලන්තයේ වයිට් අයිලන්ඩ්හි ගිනි කන්ද සක්‍රීය වීමෙන් මිය ගිය ගණන ඉහළට

වයිට් අයිලන්ඩ් ගිනිකන්ද පුපුරා ගොස් ඇති අතර, 14දෙනකු එහිදී ජීවිතක්ෂයට පත්ව ඇත. මෙහිදී 25 දෙනෙක් බරපතළ තුවාල ලබා ඇත. එරට බලධාරීන් පවසන්නේ විශේෂ කණ්ඩායමක් ඊයේ සිදුකළ සෝදිසියකදී මළ සිරුරු 06ක් සොයාගත් බවයි. තවත් පුද්ගලයන් අතුරුදන්ව ඇති අතර ඔවුන් මියගොස් ඇති බවට විශ්වාස කෙරෙයි.

Water_Cut

කොළඹ 01, 10, 11, 12, 13, 14, 15 යන ප්‍රදේශවලට හෙට පැය 24ක ජල කප්පාදුවක්

හෙට (14) පස්වරු 8.00 සිට පැය 24ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අනුව කොළඹ 01, 10, 11, 12, 13, 14, 15 යන ප්‍රදේශවලට හෙට දිනයේ පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවන අතර කොළඹ 02 හා 09 යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජල සැපයුම සිදුවන…

ශ්‍රී ලංකා පිල පැමිණීමේ ගෞරවය සියලු ශ්‍රී ලාංකිකයන්ට

ශ්‍රී ලංකා පිල පැමිණීමේ ගෞරවය සියලු ශ්‍රී ලාංකිකයන්ට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයට පැමිණ ක්‍රීඩා කිරීම සම්බන්ධ ගෞරවය සියලු ශ්‍රී ලාංකිකයන්ට පුදකර සිටින බව පාකිස්තාන ක්‍රිකට් සභාපති ඒෂාන් මානී මහතා පවසයි. වසර 10කට පසු පාකිස්තානයේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව යළිත් ගොඩනැගීමට සහය දුන් ශ්‍රී ලංකා රජයටත්, ඉතාම සමීපව කටයුතු කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයටත් විශේෂ ස්තූතියක් පුදකරන බව මානී මහතා පැවැසීය. පාකිස්තාන ප්‍රීමියර් ලීග්…

සුර්ය බලයෙන් ක්‍රියාත්මක ත්‍රීරෝද රථයක්
|

සුර්ය බලයෙන් ක්‍රියාත්මක ත්‍රීරෝද රථයක්

සුර්ය බලයෙන් ක්‍රියාත්මක වන ත්‍රීරෝද රථයක් ප්‍රථම වරට මෙරටට හඳුන්වාදීම අද(13) සිදු  කරනු ලබයි. පරිසර හිතකාමී ත්‍රීරෝද රථයක් ලෙද එය හඳුන්වාදෙන බව ප්‍රවාහන කළමණාකරන අමාත්‍යාංශය පවසයි. කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ මිහිලක මැඳුරේදී ත්‍රීරෝද රථය හඳුන්වාදීමේ උත්සවය අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.  

‘ද බෑන්කර්’ වසරේ බැංකුව සම්මානය කොමර්ෂල් බැංකුවට
|

‘ද බෑන්කර්’ වසරේ බැංකුව සම්මානය කොමර්ෂල් බැංකුවට

ලෝකයේ දීර්ඝතම කාලයක් ප‍්‍රකාශනයට පත් කරන ලද අන්තර්ජාතික බැංකුකරණ සඟරාව වන එංගලන්තයේ ‘ද බෑන්කර්’ සඟරාව විසින් 2019 වසරේ ශ‍්‍රී ලංකාවේ බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව නම් කර තිබේ. ජාත්‍යන්තර බැංකු ක්ෂේත‍්‍රයේ ‘ඔස්කාර්’ සම්මානය ලෙස සැලකෙන මෙම සම්මානය ලබාදෙන්නේ වර්ධනය සහ කාර්යසාධනය, උපායමාර්ගික වැඩසටහන්, තාක්ෂණ නවෝත්පාදනය, නව සහ වැඩිදියුණු කළ නිෂ්පාදන සහ සේවා, අනිකුත් කැපී පෙනෙන ජයග‍්‍රහණ…