මහමැතිවරණයට විපක්ෂය සුදානම්ද?

මහමැතිවරණයට විපක්ෂය සුදානම්ද?

මේ මොහොතේ නව රජයේ ප‍්‍රධානම අභියෝගය වී ඇත්තේ එළෙබෙන මහමැතිවරණය සදහා මුහුණ දී පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නොහොත් 2/3කට වඩා වැඩි බලයක් ලබා ගැනීමයි. පසුගිය ජනාධිපතිවරණයේ ලැබුණු ඡුන්ද ප‍්‍රථිශතයන් අනුව පොදු ජන පෙරමුණට ආසන 127 ක් ලබා ගැනීමට හැකියාව ලැබෙන අතර, එක්සත් ජාතික පෙරමුණ ඇතුලූ සමස්ත විපක්ෂයට ආසන 98 ක් හිමිව ඇති බව ගනන් බලා තිබේ….

කොළඹ නගරයේ යාන්ත්‍රික සිරස් වාහන අංගන පිහිටුවන්න සැලැස්මක්

කොළඹ නගරයේ යාන්ත්‍රික සිරස් වාහන අංගන පිහිටුවන්න සැලැස්මක්

කොළඹ නගරය තුළ ප්‍රධාන මංසන්ධිවල ඇතිවන වාහන තදබදය අවම කිරීම සඳහා ගුවන් පාලම් පද්ධතියක් නිර්මාණය කිරීම හා සෑම ප්‍රධාන නගරයකම යාන්ත්‍රික සිරස් වාහන අංගන (vertical parking lots) පිහිටුවීමට රජය සැලසුම් කර තිබේ. ‘අළුත් කොළඹ – වෙළෙඳ සහ මූල්‍ය පුරවරය‘ අංශය යටතේ, 21 වන සියවසේ ‘අළුත් කොළඹ‘ ප්‍රතිපත්තියට අනුව මාර්ග තදබදය ලිහිල් කිරීමටත්, දෛනික ගමනාගමනය පහසු…

Christmas Corrida – නත්තල් සීයාලාගේ මැරතන් ධාවන තරගය
|

Christmas Corrida – නත්තල් සීයාලාගේ මැරතන් ධාවන තරගය

ප්‍රංශයේදී  නත්තල වෙනුවෙන් සංවිධානය කරන විවිධ ඉසව් අතර නත්තල් සීයා ලෙසින් සැරසුණු පිරිසකගේ මැරතන් ධාවන තරගවලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. තරගකරුවන් 4000කට ආසන්න පිරිසක් සහභාගී වී සිටියේය. ධාවන තරගයට අදාළ මුළු දුර කිලෝමීටර් 10කි. මිට සමගාමීව පැවැත්වුණු හිම මිනිසා සහ පිනි මුවා ධාවන තරග වෙනුවෙන් ළමුන් සිය ගණනක් සහභාගී වී තිබේ. වාර්ෂිකව පැවැත්වෙන මේ තරග ඉසව්ව හැඳින්වන්නේ…

විරෝධතාවලට වෙඩි

විරෝධතාවලට වෙඩි

පුරවැසි පනතට එරෙහිව ඉන්දියාවේ නගර රැසක විරෝධතා පැවැත්වෙන අතර ඇසැම් ප්‍රාන්තයේ පැවැති විරෝධතාවලදී පොලිසිය විරෝධතාකරුවන්ට වෙඩි තැබීය. මේ වනවිට එම වෙඩි තැබීම්වලින් මියගිය ගණන 5 දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ. “අපි 100කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගත්තා. ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ 2,000ක වැඩි පිරිසක් මේ වනවිට රැඳවුම් භාරයේ සිටිනවා. අනෙක් පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා විඩියෝ පට…

අමාත්‍ය මණ්ඩල රැස්වීමක් අද

අමාත්‍ය මණ්ඩල රැස්වීමක් අද

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(18) පස්වරු 04.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්වෙන බව වාර්තා වෙයි. මෙහිදි රජයේ ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන් තීන්දු තීරණ රැසක් ගැනීමට නියමිතව තිබේ.

යුද හමුදා නව මාධ්‍ය අධ්‍යක්ෂවරයා වැඩ අරඹයි

යුද හමුදා නව මාධ්‍ය අධ්‍යක්ෂවරයා වැඩ අරඹයි

නව හමුදා මාධ්‍ය අධ්‍යක්ෂවරයා සහ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා වැඩ භාරගෙන තිබේ. ගජබා රෙජිමේන්තුව නියෝජනය කරන බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා වසර 30 කට අධික කාලයක් යුධ හමුදා සේවයේ කටයුතු කර ඇති අතර  ඒ මහතා යුද හමුදා මූලස්ථානයේදී  එම ධුරයේ වැඩ භාරගනියි.

පාර්ලිමේන්තුව මාර්තුවේදී විසුරුවනවා

පාර්ලිමේන්තුව මාර්තුවේදී විසුරුවනවා

පළාත් සභා ඡන්දයට පෙර  මහ මැතිවරණය පවත්වන බවත්  ලබන මාර්තු මාසයේදී  පාර්ලිමේන්තුව විසුරුවන බවත්  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  පවසයි. තමාට කටයුතු කරගෙන යාමට  ශක්තිමත් ආණ්ඩුවක් අවශ්‍ය බවත්  මේ  පාර්ලිමේන්තුව තුළ  එය කළ නොහැකි  බවත්  ජනාධිපතිවරයා කීවේය. පුවත්පත් කතුවරුන්ගේ  සහ විද්‍යුත් මාධ්‍ය ප්‍රධානීන්ගේ හමුවේදී ජනාධිපතිවරයා මේ බව කීවේය.

පක්ෂ නායකත්වය නැතිව අගමැති අපේක්ෂකත්වය බාර ගන්නේ නෑ

පක්ෂ නායකත්වය නැතිව අගමැති අපේක්ෂකත්වය බාර ගන්නේ නෑ

පක්ෂ නායකත්වයෙන් බැහැරව තමා ඉදිරි මහ මැතිවරණයේදී අගමැති අපේක්ෂකත්වය භාර නොගන්නා බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි සජිත් ප්‍රේමදාස මහතා පවසයි. මේ අතර දේශපාලනයෙන් විශ්‍රාම ගත යුතු බවට ජනතාව විසින් තමාට කියන්නේ නම් ඒ යෝජනාවද, පිළිගැනීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රි සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පවසයි. තමන් කොන්දේසි වලට යටත්වන පුද්ගලයකු නොවන බැවින් කිසිඳු කොන්දේසියක් මත…

dengue treatment

ඩෙංගු ගැන කියන්න – අහන්න මෙහෙයුම් මැදිරියක්

ඩෙංගු රෝගය මර්ධනය කිරිම වෙනුවෙන් පැය විසි හතර පුරා ක්‍රියාත්මක විශේෂ ඩෙංගු මෙහෙයුම් දුරකථන ඇමතුම් මැදිරියක් ස්ථාපිත කරන බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය පවසයි. ඉදිරියේදි පවත්නා වර්ෂාවත් සමග ඩෙංගු රෝගය ඉහළ යාමේ ප්‍රවණතාවයක් ඇති බවත් මේ වන විට ඩෙංගු වෛරසයේ රෝග ලක්ෂණද වෙනස් වෙමින් පවතින හෙයින් රෝගය කඩිනමින් ව්‍යාප්ත වීමේ අවදානමක්…