බඩඉරිගු කරලටත් අධි විෂ සහිත රසායනයක්

බඩඉරිගු කරලටත් අධි විෂ සහිත රසායනයක්

ජනතාව අතර ප්‍රසිද්ධ අමතර ආහාරයක් බවට පත්වි තිබෙන බඩඉරිගු කරලටත් අධි විෂ සහිත රසායනයක් මුසුකිරිමට ඇතැම් ගොවියන් කටයුතු කරනා බව අමතර බෝග වගාවේ නිරතවන ගොවින් පිරිසක් අනාවරණය කලහ. අමතර ආහාරයක් ලෙස විශාල ඉල්ලුමක් පවතිනා බඩඉරිගු කරලට පසුගිය සමයපුරා අධි විෂ සහිත රසායනයක් මුසු කිරිමෙන් එය ආහාරයට ගන්නන්ගේ ශරිරයට අධිවිෂ ඇතුළුවිම වලක්වාලීමට නොහැකි බව ඔවුන් කීහ….

අනුරාධපුර නව බස්නැවතුම ප්‍රදේශය පුරා දැඩි දුර්ගන්දයක්

අනුරාධපුර නව බස්නැවතුම ප්‍රදේශය පුරා දැඩි දුර්ගන්දයක්

අනුරාධපුර නව නගරයේ ඉදිකර තිබෙන මල අපද්‍රව්‍ය බැහැර කෙරන ටැංකිය දින කිහිපක් තිස්සේ උතුරායාම නිසා අනුරාධපුර නව බස්නැවතුම ප්‍රදේශය පුරා දැඩි දුර්ගන්දයක් පැතිරයන බව ඒ ආසන්නයේ පදිංචිකරුවන් පවසති. අනුරාධපුර නගර සිමාවේ පදිංචි ජනතාවගේ වැසිකිලි මල අප්‍රද්‍රව්‍ය මහ නගර සභාව මගින් ඉවත් කිරිමෙන් පසුව අදාල ටැංකියට මුදාහරින අතර එම ටැංකිය පිරි ඉතිරි උතුරා යාමෙන් ප්‍රදේශයේ සිටින්නට…

ඉන්දියානු නාවික හමුදාධිපති නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක

ඉන්දියානු නාවික හමුදාධිපති නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන ඉන්දියානු නාවික හමුදාධිපති, අද්මිරාල් කරම්බීර් සිං අද (19) ශ්‍රී ලංකා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමු වීය. නාවික හමුදා සම්ප්‍රදායානුකූලව ඉන්දියානු නාවික හමුදාධිපතිතුමා නාවික හමුදා මූලස්ථානය වෙත පිළිගැනීමෙන් අනතුරුව නාවික හමුදා මූලස්ථාන‍ පරිශ්‍රයේ දී නාවික සම්ප්‍රදායානුකූලව විශේෂ සම්මාන මුරයක් එතුමන් වෙත පිරිනැමීය. ඉන් අනතුරුව ශ්‍රී ලංකා නාවික…

යේමනය මාරන්තික චෝදනා ප්‍රතික්ෂේප කරයි

යේමනය මාරන්තික චෝදනා ප්‍රතික්ෂේප කරයි

යේමනයේ අරාබි සන්ධානයේ ඒකාබද්ධ සිදුවීම් තක්සේරු කණ්ඩායම එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතන, ජාත්‍යන්තර සංවිධාන සහ මාධ්‍ය ආයතන විසින් රටේ හමුදා මෙහෙයුම් වලදී සභාග හමුදා විසින් සිදුකරන ලද මාරාන්තික වැරදි සම්බන්ධයෙන් කරන ලද චෝදනා කිහිපයක් ප්‍රතික්ෂේප කර තිබේ. රියාද්හි සන්නද්ධ හමුදා නිලධාරීන්ගේ සමාජ ශාලාවේ පැවති මාධ්‍ය හමුවකදී ජියාට් ප්‍රකාශක මන්සූර් අල් මන්සූර් සිද්ධීන් හතරක් පිළිබඳ පරීක්ෂණවල ප්‍රතිඵල…

දෝෂාභියෝගයෙන් ට්‍රම්ප්ට පරාජය

දෝෂාභියෝගයෙන් ට්‍රම්ප්ට පරාජය

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ගෙන ආ දෝෂාභියෝගය නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ඉදිරියේ සම්මත වුණි. ට්‍රම්ප් ජනාධිපති ධුරයේ ඉදිරියටත් කටයුතු කරනවාද යන්න තීරණය කිරීම සඳහා ඉදිරියේදී සෙනෙට් සභා නඩු විභාගයක් පැවැත්වීමට නියමිතයි. මෙය තම දේශයේ අඳුරුතම හා ලජ්ජාසහගත පරිච්ඡේදයක් සනිටුහන් කළ බව පවසමින් ධවල මන්දිරය නිවේදනයක් නිකුත් කර තිබුණි.

පාඨලි  අත්අඩංගුවට ගැනීම දැඩිව හෙලාදකියි

පාඨලි අත්අඩංගුවට ගැනීම දැඩිව හෙලාදකියි

අධිකරණයෙන් විසඳා ඇති ගැටලුවක් පිළිබඳ යළි විමර්ශණ ආරම්භ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීම දැඩිව හෙලාදකින බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා පවසයි.

පාඨලී අධිකරණයට

පාඨලී අධිකරණයට

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා  අද (19)   මීට සුළු මොහොතකට පෙර රැගෙන ආවේය. රිය අනතුරක් සිදු කර පුද්ගලයෙකුට බරපතළ තුවාල සිදු කිරීම සහ අනතුරෙන් පසු රියදුරු මාරුකර පලා යාමේ චෝදනා මත හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඊයේ පස්වරුවේ කොළඹ අපරාධ කොට්ඨාසටය විසින්…

දුප්පත්කම තුරන් කිරීම අරමුණු කරගත් රැකියා ලක්ෂයක්

දුප්පත්කම තුරන් කිරීම අරමුණු කරගත් රැකියා ලක්ෂයක්

සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකායක් පිහිටුවීමේ මූලික අඩිතාලම සඳහා වූ සාකච්ඡාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. ඉතාමත් දිළිඳු මට්ටමින් පසුවන සමෘද්ධිය සඳහා සුදුසුකම් ලබන එහෙත් එය නොලබන පවුල් නඟා සිටුවීම බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකායේ අරමුණ වේ. කිසිදු අධ්‍යාපනයක් නොලද හෝ අඩු අධ්‍යාපනික මට්ටමක් සහිත නුපුහුණු පිරිස් මේ…