කොලොම්බියාවට ප්‍රබල භූ කම්පන

කොලොම්බියාවට ප්‍රබල භූ කම්පන

කොලොම්බියාවට ප්‍රබල භූමි කම්පා දෙකකින් බලපෑම් එල්ල වී ඇත. සුනාමි අවදානමක් නොමැති බවයි එරට සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසන්නේ. මධ්‍යම කොලොම්බියාවේ බොගෝටා අගනගරය ආශ්‍රිතව රිච්ටර් පරිමාණයේ ඒකක හයක් සහ පහයි දශම අටක්වූ භූකම්පන දෙකක් හටගෙන තිබුණි. භූකම්පන දෙකේම අපකේන්ද්‍රය එකිනෙකට සමීපයේ පිහිටා තිබූ බවයි එරට වාර්තා සඳහන් කළේ.

දෙවියන් වහන්සේගේ ආදරය සැමට සමාන බව පාප් වහන්සේ පවසයි

දෙවියන් වහන්සේගේ ආදරය සැමට සමාන බව පාප් වහන්සේ පවසයි

වතිකානයේ ශාන්ත පීතර බැසිලිකා දේවස්ථානයේ පැවැති නත්තල් දේව මෙහෙයට සහභාගී වෙමින් පාප් වහන්සේ මේ බව ප්‍රකාශ කර තිබේ.  දෙවියන් වහන්සේ සමාජයේ සෑම කෙනෙකුටම ආදරය දක්වන බව ප්‍රැන්සිස් පාප් වහන්සේ පවසයි. උන්වහන්සේ පෙන්වා දෙන්නේ දෙවියන් වහන්සේගේ ආදරය හොඳ නරක පුද්ගලයින් ලෙස බේදයක් නොමැති බවයි.  

unp

පුළුල් සන්ධානයකින් එජාපය මහ ඡන්දෙට

මහ මැතිවරණය අරමුණු කරගනිමින් එක්සත් ජාතික පක්ෂයේ සහ එක්සත් ජාතික පෙරමුණේ මූලිකත්වයෙන් පුළුල් සන්ධානයක් බිහිකිරීමේ කටයුතු මේ වනවිට යළි ආරම්භ කර ඇති බව වාර්තා වෙයි. ජනවාරි මස මුල් සතිය වනවිට සන්ධානය නිර්මාණය කිරීමේ කටයුතු සිදුකිරීමට එක්සක් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් සාකච්ඡා කර ඇති බව සඳහන් වේ. එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා…

නත්තල් ප්‍රධාන දේවමෙහෙය කටුවාපිටිය දෙව්මැදුරේදී
|

නත්තල් ප්‍රධාන දේවමෙහෙය කටුවාපිටිය දෙව්මැදුරේදී

නත්තල් උදාවේ ප්‍රධාන දේවමෙහෙය (24) මධ්‍යම රාත්‍රීයේදී පාස්කු ප්‍රහාරයෙන් වැඩිම බලපෑමක් සිදු වූ මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දෙව්මැදුරේදී අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය. ලොවපුරා කිතුණු බැතිමතුන්  මහත් භක්තියෙන් සමරන අසිරිමත් නත්තල ඊයේ (24) මධ්‍යම රාත්‍රීයේ උදාවුණි. ප්‍රේමයේ සහ මානව දයාවේ අරුත ලොවට දේශනා කළ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිහි කිරීමේ දිනය අදයි….

මහ බැංකු අධිපතිධූරය මාහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතාට

මහ බැංකු අධිපතිධූරය මාහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතාට

ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා වශයෙන් දේශමාන්‍ය මාහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා පත් කර තිබේ. මහ බැංකුවේ 15 වැනි අධිපතිවරයා වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේදී වැඩ භාර ගෙන ඇති බව  වාර්තා වෙයි. කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා වශයෙන් කටයුතු කර ඇති ඒ මහතා  අධ්‍යාපන ක්ෂේත්‍රයට ඒ මහතා ඉටු කළ සේවය වෙනුවෙන් 2005 වසරේ දී මහාචාර්ය ඩබ්.ඩී….