government information center

පාර්ලිමේන්තුවේ සිව්වැනි සැසිවාරය 3 දා ඇරඹෙයි

අටවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සැසිවාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනවාරි 3 වැනි දින පෙරවරු 10.00ට ආරම්භ කෙරේ. පෙරවරු 9.00ට ආරාධිත අමුත්තන්ගේ පැමිණීම සිදුවන අතර එහිදී පළමුවෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සම්ප්‍රාප්ත වෙති.කතානායක කරූ ජයසූරිය මහතාගේ පැමිණීමෙන් පසු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පැමිණීමට නියමිත අතර, ඉන් අනතුරුව ජනාධිපතිවරයා සම්ප්‍රාප්ත වෙයි. ජනාධිපතිවරයා මංගල රැස්වීමේ මුලසුන හොබවන අතර ඔහු නව…

ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට සිංහයින් සිව්දෙනෙක්

ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට සිංහයින් සිව්දෙනෙක්

ඉන්දියාවේ බුබුනේෂ්වර්හි පිහිටි නන්දකන්නන් සත්ව උද්‍යානය සඳහා ශ්‍රී ලංකාවෙන් සිංහයින් සිව්දෙනෙක් ලබා ගැනීමට අවසර හිමිව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි. “මේ සම්බන්ධයෙන් වන යෝජනාවක් දින 15 කට පෙර ප්‍රාන්ත රජය විසින් අනුමත කර තිබෙනවා.මේ පිලිබද අපි දැනටමත් ශ්‍රී ලංකා රජය සමඟ සාකච්ඡා පවත්වා තිබෙනවා. සත්ව හුවමාරු වැඩසටහනක කොටසක් ලෙස සිංහයන් ගෙන එනු ලබන අතර…

ඉන්දීය අගමැති මෝදීගේ නිවසේ ගින්නක්

ඉන්දීය අගමැති මෝදීගේ නිවසේ ගින්නක්

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී මහතාගේ නව දිල්ලි හි පිහිටි නිවසේ  විදුලි පරිපථයක ඇතිවූ දෝෂයක් හේතුවෙන් ගින්නක් හටගෙන ඇති බවත් අගමැතිවරයාගේ ආරක්ෂක ඒකකය විසින් ගින්න මැඩ පවත්වා ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ගින්න ඇතිවීමත් සමග ගිනි නිවීමේ රථ 09ක් අගමැතිවරයාගේ නිල නිවෙස වෙත පිටත් කර හැරීමට ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුනත් එම රථ වලට…

සියලූ පුද්ගලික තොරතුරු එක් ජාතික දත්ත මධ්‍යස්ථානයකට

සියලූ පුද්ගලික තොරතුරු එක් ජාතික දත්ත මධ්‍යස්ථානයකට

සියලූ පුද්ගලික තොරතුරු එක් ජාතික දත්ත මධ්‍යස්ථානයක් යටතේ රැස් කිරිමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව ඇත. ජාතික හැදුනුම්පත්, රියදුරු බලපත්‍ර, ආගමන හා විගමන ලේඛන, උප්පැන්න හා මරණ ලියාපදිංචිය ඇතුලූ සියලූ පුද්ගල තොරතුරු එයට අයත් වනවා. එමගින් කාලය, ශ්‍රමය, මුදල් නාස්තිය අවම කරගැනීමට හැකිවනු ඇති බවයි ජනාධිපතිවරයා සදහන් කරයි. මෙම ජාතික දත්ත මධ්‍යස්ථානය මගින් සාවද්‍ය…

නුසුදුසු ආහාර අලෙවි කළ පුද්ගලයින් 1,714 දෙනෙකුට නඩු

නුසුදුසු ආහාර අලෙවි කළ පුද්ගලයින් 1,714 දෙනෙකුට නඩු

පසුගිය 9 වනදා සිට ඊයේ දිනය දක්වා සිදුකළ වැටලීම්වලදී  උත්සව සමයේදී පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ පුද්ගලයින් 1,714 දෙනෙකුට එරෙහිව නඩු පවරා ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. අලෙවිය සඳහා සුදානම් කර තිබූ පරිභෝජනයට නුසුදුසු සහල් මෙට්ටි්‍රික් ටොන් 20 ක තොගයක් විනාශ කිරීමටද කටයුතු කර ඇති බව සදහන් කරයි.