2020 අභියෝගය
ජනාධිපතිවරණයෙන් පසුව විපක්ෂ දේශපාලණ පක්ෂ කි්රයාකාරීත්වයත්, සිවිල් සමාජ කි්රයාකාරීත්වයත් විශාල පසුබෑමකට ලක්ව තිබේ. සුපුරුදු පරිදි එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව අර්බුදය නැවතත් කරලියට පැමිණ ඇති නිසා ආණ්ඩුපක්ෂය විසින් ලබා දෙන පහසු අවස්ථාවන් ඉතා දුර්වල ලෙස මගහරිමින් ඉතා නින්දාශීලී ලෙස කටයුතු කරන තත්ත්වයට වර්තමාන විපක්ෂය පත්ව තිබේ. මෑත අතීතය දෙස විමසා බැලීමේ දී මෙය අලූත් තත්ත්වයක් නොවන…