රන්ජන් අත්අඩංගුවට

රන්ජන් අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා මීට සුලු මොහොතකට පෙර ඒ මහතාගේ මන්ත්‍රී නිල නිවාසයේදී අත්අඩංගුවට ගෙන ඇත. ඒ මහතාගේ නිවස සෝදිසි කිරීමට සෝදිසි වරෙන්තුවක් මත බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විශාල ප්‍රමාණයක් පැමිණ තිබූ අතර, පසුව අතිරේක පොලිස් කණ්ඩායම්ද කැදවා තිබුනි. පොලිසිය සෝදිසි වරෙන්තුවක් මත පරීක්ෂා කර තිබුනේ යම් ඉහළ පොලිස් නිලධාරීන් සමග සිදුකරන ලද…

breakingnews

රන්ජන්ගේ නිවස පොලීසියෙන් වටලයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ නිවස මේ වන විට පොලීසියේ නිලධාරීන් විශාල ප්‍රමාණයක් විසින් වටලා ඇති බව වාර්තා වෙයි. අධිකරණයෙන් ලබා ගත් සෝදිසි වරෙන්තුවක් මත මෙම වැටලීම සිදු කර ඇත්තේ බස්නාහිර දකුණ පොලිස් අපරාධ කොට්ඨාශය විසින් බවට වාර්තා වෙයි. සෝදිසි වරෙන්තුවේ හේතුවක් නොමැති බැවින් මන්ත්‍රී රන්ජන රාමනායක මහතා මෙම සිදුවීමට හේතුව කුමක්දැයි පොලීසියෙන් විමසූ අවස්ථාවේ…

අමෙරිකාවෙන් හදිසි ප්‍රතිචාර බලකායේ සෙබළු 3000 ක් මැදපෙරදිගට
|

අමෙරිකාවෙන් හදිසි ප්‍රතිචාර බලකායේ සෙබළු 3000 ක් මැදපෙරදිගට

ඉරාන – අමෙරිකා පාර්ශව අතර උද්ගත වී ඇති තත්ත්වය හමුවේ තවත් අමතර සෙබළුන් 3000ක් මැදපෙරදිගට යැවීමට අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. 82 වැනි ගුවන් මෙහෙයුම් අංශයට අනුයුක්ත හදිසි ප්‍රතිචාර බලකායේ සෙබළු ඊට යොදවනු ලැබ සිටිති. අමෙරිකාව සහ ඉරානය අතර උද්ගතවී ඇති උණුසුම් තත්ත්වය අමතර භට පිරිස් යැවීම හමුවේ තවදුරටත් තීව්‍ර විය හැකි බව විශ්ලේෂකයෝ…

විභජ්ජවාද මහා ධර්ම සම්භාෂණය ඇරඹෙයි

විභජ්ජවාද මහා ධර්ම සම්භාෂණය ඇරඹෙයි

විභජ්ජවාද මහා ධර්ම සම්භාෂණය හා යුගයේ මහා ත්‍රිපිටක පුජා වැඩමුළුව අද (04) කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රිඩාංගණයේදී පැවැත්වෙයි. නිර්මල බුද්ධ භාෂිතය මතු පරපුර උදෙසා සුරක්ෂිත කිරීම අරමුණින් අනුරාධපුර ලබුනෝරුකන්ද ආරණ්‍ය සේනාසනය විසින් මෙය සංවිධාන කරයි. සම්බුදුසසුනේ චීරස්ථීතිය අරමුණු කොට විභජ්ජවාදය මහා ධර්ම සම්භාෂණය පන්දහසක් වූ මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් අද පෙරවරුවෙ සුගතදාස ගෘහස්ත ක්‍රිඩාංගණයේදී අරම්භ වුණි. ධර්ම…

මැදපෙරදිගට යළි යුද්ධයේ අඳුරු සෙවනැලි

මැදපෙරදිගට යළි යුද්ධයේ අඳුරු සෙවනැලි

ඉරාන හමුදා ප්‍රධානියාට මරු කැඳවමින් ඊයේ දිනයේ එල්ල වූ ප්‍රහාරයෙන් පසු මැදපෙරදිග කලාපයට යළිත් යුද්ධයේ අඳුරු සෙවනැලි වැටී ඇත. මෙක්සිකෝ සම්භවයක් සහිත අනාගත වක්තෘවරයෙක් වන ග්‍රෑන්ඩ් වෝර්ලොක් (Grand Warlock) නුදුරේදීම මැදපෙරදිග කලාපයේ තවත් යුද්ධයක් ඇතිවන බවට අනාවැකි පළකර ඇත. පසුගියදා එල්ල වූ ප්‍රහාරයෙන් පසු මැදපෙරදිග කලාපයට යළිත් යුද්ධයේ අදුරු සෙවනැලි වැටී ඇත.  

මහජන නියෝජිතයෙකුගේ මූලික වගකීම ජනතා සේවයයි. – ගෝඨාභය රාජපක්ෂ
|

මහජන නියෝජිතයෙකුගේ මූලික වගකීම ජනතා සේවයයි. – ගෝඨාභය රාජපක්ෂ

(ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල ප්‍රතිපත්ති ප්‍රකාශනය සම්පූර්ණයෙන්) ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය නායකයා ලෙස ඔබ ඇමතීමේ අවස්ථාව මට ලැබී තිබෙන්නේ නොවැම්බර් 16 දා මේ රටේ ජනතාව ලබා දුන් ඵෙතිහාසික ජයග‍්‍රහණය නිසයි. සාමකාමී හා සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් කැපවූ සියලූම පුරවැසියන්ටත්, ආයතනවලටත්, සියලූම දේශපාලන පක්ෂවලටත් මා මේ අවස්ථාවේ මගේ කෘතවේදීත්වය ප‍්‍රකාශ කරනවා. මේ උත්තරීතර සභාවේ අසුන්ගෙන…

අමෙරිකානු ගුවන් ප්‍රහාරයකින් ඉරාන හමුදා ප්‍රභූ ආරක්ෂ අංශ ප්‍රධානී මරුට
|

අමෙරිකානු ගුවන් ප්‍රහාරයකින් ඉරාන හමුදා ප්‍රභූ ආරක්ෂ අංශ ප්‍රධානී මරුට

බැග්ඩෑඩ් හි එක්සත් ජනපද ගුවන් ප්‍රහාරයකින් ඉරානයේ ඉහළම අණ දෙන නිලධාරියා ඝාතනය වූ බව පෙන්ටගනය තහවුරු කිරීමෙන් පසුව ආසියා පැය තුළ තෙල් මිල ඉහළ ගොස් තිබේ. එක්සත් ජනපද හමුදාව “කාසෙම් සොලෙයිමනී ඝාාතනය කිරීමෙන් විදේශයන්හි සිටින එක්සත් ජනපද භටයන් ආරක්ෂා කිරීම සඳහා තීරණාත්මක ආරක්ෂක පියවරක් ගෙන තිබේ” යැයි එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව ප්‍රකාශයක්  කර තිබේ. එය…