හැරී මේගන් රාජකීයත්වයෙන් ඉවත්වීමට තිරණය කරයි

හැරී මේගන් රාජකීයත්වයෙන් ඉවත්වීමට තිරණය කරයි

බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ ඔහුගේ බිරිඳ මේගන් රජ පවුලේ භූමිකාවෙන් ඉවත්ව නිදහසේ වාසය කිරීමට තීරණය කර ඇති බව ප්‍රකාශ කරිමත් සමග  හැරී කුමරුගේ මිත්තනිය වන එලිසබත් රැජිණ පුදුමයට පත්වී ඇතැයි ද විදෙස් වාර්තා සදහන් කරයි. මිත්තණිය, පියා සහ සොහොයුරා සමඟ සාකච්ඡා කිරීමෙන් පසු මෙම පියවර සම්බන්ධ සවිස්තරාත්මක තොරතුරු මාධ්‍යයට ලබාදෙන බව හැරීකුමරු පවසයි.

poya

දුරුතු පෝය අදයි

දුරුතු පෝය යනු වසරේ ආරම්භක පෝය යි. එහි ඓතිහාසික වැදගත්කම් කිහිපයකි. බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදුවීම උරුවෙල් දනව්වේ දී තුන්බෑ ජටිලයන් දමනය කිරීම ලොව්තුරු තථාගත අමාමෑණී බුදුපියාණන් වහන්සේ ලක්දිවට තෙවරක් ම වැඩම කළ සේක. බුදුපා පියුම් පහස ලත් මහියංගණය, නාගදීපය , කැලණිය ඒ අතර වෙති. බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමන මහියංගණය හා බැඳී පවතී. උන්වහන්සේ සම්බෝධියට…

නව වසරේ පළමු චන්ද්‍ර ග්‍රහණය අදයි

නව වසරේ පළමු චන්ද්‍ර ග්‍රහණය අදයි

නව වසරේ පළමු චන්ද්‍ර ග්‍රහණය මෙරට වැසියන්ට අද රාත්‍රි දර්ශනය වීමට නියමිතයි. අද රාත්‍රී 10. 38 සිට හෙට අලුයම 1. 42 දක්වා එය දිස්වන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා පීඨයේ මහාචාර්ය, තාරකා විද්‍යාඥ චන්දන ජයරත්න මහතා සඳහන් කරයි. මෙම වසර තුළ එවැනි චන්ද්‍රග්‍රහණ 4 ක් සහ සූර්යග්‍රහණ දෙකක් සිදු වීමට නියමිත බවද සදහන් කරයි.

දුරකතන සංවාදවල නිරත විනිසුරන් ගැන කඩිනම් පරීක්ෂණයක් මහාධීකරණ විනිසුරු සංගමයත් ඉල්ලයි
|

දුරකතන සංවාදවල නිරත විනිසුරන් ගැන කඩිනම් පරීක්ෂණයක් මහාධීකරණ විනිසුරු සංගමයත් ඉල්ලයි

මේ දිනවල මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයවන පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා හා ඇතැම් විනිසුරුවරුන්ගේ දුකතන සංවාද හේතු කොට ගෙන අධිකරණය කෙරෙහි වන මහජන විශ්වාසය හා ප්‍රතිරූපය බිඳ වැටෙන බවත් එමෙන්ම එය අධීකරණයේ ස්වාධීනත්වයටද තර්ජනයක් බව මහාධීකරණ විනිසුරු සංගමය කියයි. එම නිසා එකී දුරකතන සංවාද වලට අදාළ විනිසුරුවරුන් පිළිබඳ වහාම පරීක්ෂණයක් සිදු කරන්නැයි මහාධීකරණ විනිසුරු සංගමය ගරු…