පිස්තෝලය සෙල්ලම්ද බලන්න මාස 10ක් ගිහින්- අහිංසක දෙදරු පියෙක් මාස 10ක් හිරේට

පිස්තෝලය සෙල්ලම්ද බලන්න මාස 10ක් ගිහින්- අහිංසක දෙදරු පියෙක් මාස 10ක් හිරේට

ප්‍රසාද් කුමාර මාස දහයක් රක්ෂිත බන්ධනාගාරයේ සිටියේ තමන් කළ වරදකට නොව ආණ්ඩුවේ කන්තෝරුවක අකාර්යක්ෂමතාවේ වරදකිනි. ප්‍රසාද් කුමාර සිටියේ හිඟුරක්ගොඩ පිංපාර, යටියල්පතාන දකුණ අංක 30/1හි නිවසේය. ඔහු තිස්එක් හැවිරිදි දෙදරු පියෙකි. ගිය අවුරුද්දේ පෙබරවාරි 12 දා අපේ ගෙදර පොඩි රණ්ඩුවක් වුණා. නෝනයි මායි බැණගත්තා. අපේ ගෙදරමයි නෝනගේ තාත්තාත් ඉන්නේ. ඉතින් එයා එදා ටිකක් බීලා හිටියෙත්. අපි…

ශ්‍රී ලංකාවට කඩුලු 10ක ජයක්

ශ්‍රී ලංකාවට කඩුලු 10ක ජයක්

සිම්බාබ්වේ කණ්ඩායම සමග හරාරේහිදී පැවැති පළමු ටෙස්ට් තරගය කඩුලු 10කින් ජය ගැනීමට සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ සමත් විය. මේ සමගින් තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමටද ශ්‍රී ලංකාවට හැකිවිය. සිම්බාබ්වේ හමුවේ මෙතෙක් ටෙස්ට් තරගයක් පරාජය වී නොමැති ශ්‍රී ලංකාව දෙරට අතර පැවැති ටෙස්ට් තරග 19කින් ලැබූ 14 වැනි ජයග්‍රහණය වශයෙන්…

රනාලේ සුදුවා අත්අඩංගුවට

රනාලේ සුදුවා අත්අඩංගුවට

පොලිස් විශේෂ කාර්ය බලකාය රනාල ප්‍රදේශයේ කළ වැටලීමකදී සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු වන රනාලේ සුදුවා කේරළ ගංජා සමග අත්අඩංගුවට ගෙන ඇත. රනාල සුදුවා  දෛනික වැටුපට සේවය කරන පුද්ගලයින්ගෙන් කප්පම් ලබා ගෙන ඇතැයි පරීක්ෂණවලදී හෙළිවී තිබේ. සැකකරු ඌරුජුවා නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයාගේ ඥාතියෙකු බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.      

කොරෝනා ආසාදිත වූවන්ගේ සංඛ්‍යාව 800 ඉක්මවයි

කොරෝනා ආසාදිත වූවන්ගේ සංඛ්‍යාව 800 ඉක්මවයි

ලොව පුරා කොරෝනා වෛරසය ආසාදිත වූවන්ගේ සංඛ්‍යාව මේ වන විට 800 ඉක්මවා ගොස් ඇත. කොරෝනා ආසාදනයෙන් මේ වන විට පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් තිබේ. කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් පැතිරීම හමුවේ චීනයේ වූහාන් ඇතුළු නගර කිහිපයකට ඇතුළු වීම හා පිටවීම නොකරන ලෙස දැනටමත් එරට බලධාරීන් අනතුරු අඟවා තිබේ.

ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට නව රක්ෂණ ක්‍රමයක්

ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට නව රක්ෂණ ක්‍රමයක්

ප්‍රාදේශීයව විසිරී සිටින වෘත්තීය ජනමාධ්‍යවේදීන්ට රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දීමටත්  එම මාධ්‍යවේදීන්ට මාසිකව ගෙවන දීමනා නිසි පරිදි ලැබීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ සාකච්ඡා කර වැඩපිළිවෙළක් සකස් කිරීමටත් පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා  පැවසීය. ප්‍රාදේශීයව විසිරී සිටින මාධ්‍යවේදීන්ට මුහුණ දීමට ඇති අපහසු තත්ත්වයන් සහ අභියෝග පිළිබඳ අගමැතිතුමාව දැනුවත් කිරීමටද මාධ්‍ය සේවක…

බන්දුල ගුණවර්ධන මහතාට අයත් තොරතුරු තාක්ෂණ උද්‍යාන ආරක්ෂක අමාත්‍යාංශය යටතට

බන්දුල ගුණවර්ධන මහතාට අයත් තොරතුරු තාක්ෂණ උද්‍යාන ආරක්ෂක අමාත්‍යාංශය යටතට

බන්දුල ගුණවර්ධන මහතාට අයත් තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශයට අයත්ව තිබූ සියලුම තොරතුරු තාක්ෂණ උද්‍යාන  රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගනියි. බන්දුල ගුණවර්ධන  මහතාගේ  අමාත්‍යාංශයේ තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය ලෙස නම් කර තිබේ. තොරතුරු තාක්ෂණ හා සන්නිවේදනය ප්‍රවර්ධනය සඳහා අදාළ ආයතන සමඟ සම්බන්ධීකරණයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම මින් ඉදිරියට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ සිදුකෙරේ.

කරදියාන කුණු කන්දේ යළිත් ගින්නක්

කරදියාන කුණු කන්දේ යළිත් ගින්නක්

කරදියාන කසළ කන්දේ අද අලුයම යළිත් ගින්නක් හට ගෙන තිබේ. මොරටුව ගිනි නිවීම් ඒකකය ගින්න මැඩ පැවැත්වීම සඳහා සේවා රථ 3 ක් යොමු කර ඇති බව සදහන් වේ. ගින්න මැඩ පැවැත්වීම සඳහා පොලීසියේ ද සහය ලැබි ඇත.  

badweather

සවස් භාගයේ ගිඟුරුම් සහිත වැසි – නාය යාම් පූර්ව අනතුරු ඇඟවීම්

සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල අද පස්වරු 2 න් පසු වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර නුවරඑළිය, මාතලේ හා මහනුවර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නිකුත් කළ නාය යාම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය අද පස්වරු 4 දක්වා ක්‍රියාත්මකයි. ජාතික…