ඉදිරියේදී ජනතාවගේ ඉඩම් අක්කර 146,931 ක් ඔවුන්ට අහිමි වීමට නියමිතයි
|

ඉදිරියේදී ජනතාවගේ ඉඩම් අක්කර 146,931 ක් ඔවුන්ට අහිමි වීමට නියමිතයි

විවිධ කරුණු අරඹයා ඉඩම් අත්පත් කර ගැනීම හේතුකොට ගෙන මේ වන විට ජනතාවගේ ඉඩම් අක්කර 75573ක් ඔවුන්ට අහිමි වී ඇති බවත් ඒ හේතුවෙන් මේ වන විට අවතැන් වී ඇති පවුල් සංඛ්‍යාව 38455ක් බවත් පරිසරවේදී සජීව චාමිකර මහතා පැවසීය. ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ ඉදිරියට යෝජිත විවිධ ව්‍යාපෘති හා විවිධ කාරණා වලදී අත්පත් කර ගැනීමට නියමිත ජනතාවගේ…

වීරයන් නැති කාලයක වීරයන් දෙදෙනෙක්

වීරයන් නැති කාලයක වීරයන් දෙදෙනෙක්

තමා සමග කතාකළ අයගේ සංවාද පටිගත කිරීම ගැන රන්ජන් රාමනායක දක්වන ක්‍ෂමාලාප කිසිසේත් පිළිගත හැකි ඒවා නොවේ. ඔහු කියන්නේ ආරක්‍ෂාව සඳහා ඒවා පටිගත කළ බවයි. එහෙත්, තමන්ගේ යහළු යෙහෙළියන් සමග කරන ලද අතිශය පෞද්ගලික ස්වභාවයේ සංවාද පවා පටිගත කළේ කුමන ආරක්‍ෂක හේතුවක් නිසාදැයි ඇසුවහොත් ඔහුගේ විත්තිවාචකය බල රහිත වෙයි. කොහොම වුණත්, ඔහුගේ මේ සදාචාර විරෝධී…

උඩරට නීතිය රටට ම හොඳ නැද්ද ?

උඩරට නීතිය රටට ම හොඳ නැද්ද ?

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් දෙදෙනකු විසින් පුද්ගලික යෝජනා ලෙස විවාහය සහ දික්කසාදය සම්බන්ධ පනත් කෙටුම්පත් හතරක් ඉදිරිපත් කරනු ලැබ තිබේ. තවත් පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. ඒවා නම් 1952 අංක 44 දරන උඩරට විවාහ සහ දික්කසාද පනත ඉවත් කිරීම සඳහා වූ පනත් කෙටුම්පත, 1951 අංක 13 දරන මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත ඉවත් කිරීම සඳහා වූ…

දශක 5ක් ස්වකීය මතවාදය වෙනුවෙන් නොවැටී සටන් කරන්නා

දශක 5ක් ස්වකීය මතවාදය වෙනුවෙන් නොවැටී සටන් කරන්නා

බාහු සහෝදරයාගේ කාර්යාලය ඇත්තේ කොම්පඤ්ඤවීදිය බැරැක්ක පටුමඟේය. පටු මාවතේ දුගී නිවෙස් අතර තවමත් ශේෂ වී ඇති දුර්වර්ණ වූ පැරණි කුඩා සොල්දර නිවෙසේ පවත්වාගෙන යන පක්ෂ කාර්යාලයේ පැරණි වේවැල් පුටුවකට බරදී ඔහු එනතුරු බලාගෙන සිටියෙමි. මහා දේශපාලන ප්‍රවාහ තුළ පරඬැල් වුණු ස්වකීය සටන් සගයන් කුණු කානු පල්ලට ඇදවැටී ඉබාගාතේ ඇවිදිනා දේශපාලනික මෘත කලේබර වෙද්දී දශක පහකටත්…

කටුනායක බලධාරීන්ගෙන් මගීන්ට දැනුම්දීමක්

කටුනායක බලධාරීන්ගෙන් මගීන්ට දැනුම්දීමක්

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පර්යන්ත ගොඩනැගිලි තුළට ගුවන් මගීන් සමග පැමිණෙන බාහිර අමුත්තන් ඇතුළු කර ගැනීම නවතා දැමීමට අද (28) සිට තීරණය කර තිබෙනවා. අද දින උදෑසන 6.00 සිට නැවත දැනුම් දෙන තුරු මෙලෙස ගුවන් මගීන් සමග පැමිණෙන බාහිර අමුත්තන් ඇතුළු කර ගැනීම අත්හිටුවීමට ගුවන් තොටුපළ බලධාරීන් තීරණය කර තිබෙනවා.  

මොන්ගෝලියාව චීන දේශ සීමාව වසා දමයි

මොන්ගෝලියාව චීන දේශ සීමාව වසා දමයි

චීනය තුල පවතින අවධානම හමුවේ චීනයට මායිම්ව ඇති සිය දේශසීමාව වසා දැමීමට මොන්ගෝලියාව පියවර ගෙන ඇත. මේ අතර චීනයෙන් සිය රටට රථ වාහන ඇතුලු කිරීමට අවසර නොදෙන අතර දේශ සීමාව හරහා පදිකයින්ට ද චීනය දෙසින් සිය රටට ඇතුලු වීමට මොන්ගෝලියාව අවසර නොදෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

චීනයේ සිටි සිසුන් 60 ක් අද පස්වරුවේ දිවයිනට

චීනයේ සිටි සිසුන් 60 ක් අද පස්වරුවේ දිවයිනට

චීනයේ චෙන්ඩු නගරයේ වෙසෙන මෙරට සිසුන් 60 දෙනෙකුට ආසන්න පිරිසක් අද පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ. චෙන්ඩු නගරයේ රැඳි සිටින මෙරට සිසුන් 150 දෙනෙකු අතුරින් 60 දෙනෙකු එලෙස පැමිණෙන අතර, සෙසු පිරිස අනිද්දා පස්වරු 5.30 ට පැමිණීමට නියමිත යානයකින් මෙරටට ළඟා වීමට නියමිතයි චීනයේ චෙන්ඩුහි රැඳී සිටින ශ්‍රී ලාංකික සිසුන් පිරිස මෙරටට ගෙන්වා ගැනීම…

චීන අගමැති වූහාන් නගරයේ සංචාරයක

චීන අගමැති වූහාන් නගරයේ සංචාරයක

චීන අගමැති ලී ක්වැන්ග් මහතා  කොරෝනා වෛරස් රෝගය මුලින්ම වාර්තාවූ වූහාන් නගරයේ සංචාරයක නිරත විය. ඔහු රෝගීන් ප‍්‍රතිකාර ලබන රෝහලට ගොස් රෝගීන් හා සේවා සපයන වෛද්‍ය කාර්ය මණ්ඩලය හමුවිය.

ඇෆ්ගනිස්තානයේ දී මගීන් 83ක් රැගත් ගුවන් යානයක් කඩා වැටෙයි

ඇෆ්ගනිස්තානයේ දී මගීන් 83ක් රැගත් ගුවන් යානයක් කඩා වැටෙයි

ඇෆ්ගනිස්තානයේ තාලේබාන් පාලන ප්‍රදේශයක දී  මගීන් 83දෙනකු රැගත් බෝයිං 737- 400 ගුවන් යානයක්  අනතුරට පත් වී තිබේ. ඝාස්නි දිස්ත්‍රික්කයේ දෙහ්යක් ප්‍රෙදේශයට ( Deh Yak) මෙම යානය කඩා වැටී ඇත. ගමන් ගත් මගීන් පිළිබඳ හෝ එම යානය පිටත් වූ හා ගමන් කරමින් සිටියේ කිනම් ප්‍රදේශයකට ද යන්න පිළිබඳ මෙතෙක් අනාවරණය වී නොමැති බව විදේස් පුවත් වාර්තා…

පැෆරල් සංවිධානයෙන් මැතිවරණ කොමිසමට ඉල්ලීමක්

පැෆරල් සංවිධානයෙන් මැතිවරණ කොමිසමට ඉල්ලීමක්

පෞද්ගලික හෝ ව්‍යාපාරික අරමුණු ඇතිව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමට ඇති ඉඩකඩ අහුරන්නැයි පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි. මැතිවරණ සදහා ඉදිරිපත් වන පක්ෂ අතරින් බහුතරයක් පෞද්ගලික හෝ වෙනත් දේශපාලන අවශ්‍යතා මත තරග කරන බව පසුගිය ජනාධිපතිවරණයේ දී මැනැවින් තහවුරු වූ බැවින් දේශපාලන පක්ෂ ලියාපදිංචියේ දී විශේෂ නිර්නායක හඳුන්වා දෙන්නැයි ද එම සංවිධානය ඉල්ලීමක් කරයි….