හඬපට සමාජගත වූයේ කෙසේද වහාම විමර්ශනයක් සිදුකළ යුතුයි

හඬපට සමාජගත වූයේ කෙසේද වහාම විමර්ශනයක් සිදුකළ යුතුයි

අධිකරණය භාරයට පත් හඬපට කිහිපයක් සමාජගත වූයේ කෙසේද යන්න පිළිබඳ වහාම විමර්ශනයක් සිදුකළ යුතු බව යුක්තිය සුරැකීමේ නීතීඥ එකමුතුව සභාපති නලින් පතිරණ මහතා සදහන් කරයි. “කාගේ අවශ්‍යතාවටද නඩුභාණ්ඩ එළියට එන්නේ. ඔවුන් ලබන වරප්‍රසාදය කුමක්ද?. මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කළයුතුයි” ඒ සම්බන්ධව යුක්තිය සුරැකීමේ නීතීඥ එකමුතුවේ නියෝජිතයින් පිරිස පොලිස් මූලස්ථානය වෙත මෙම පැමිණිල්ක්ද සිදුකරනු ලැබීය.    

HNB ෆයිනෑන්ස් කොටස් වෙළෙඳපොළට

HNB ෆයිනෑන්ස් කොටස් වෙළෙඳපොළට

HNB ෆයිනෑන්ස් ලිමිටඩ්, කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කිරීම සඳහා අනුමැතිය ලැබී තිබේ. මේ අනුව ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් මිලියන 10ක් මූලික කොටස් නිකුතුවක් හරහා ලැයිස්තුගත කිරීමට පියවර ගෙන තිබෙන අතර එහිදී එක් කොටසක් නිකුත් කෙරෙන මිල රු. 5.70 ක් ලෙසින් තීරණය කර ඇත. මීට අමතරව සමාගමේ ඡන්ද බලය නොමැති සාමාන්‍ය කොටස් හඳුන්වා දීමේ ක්‍රමවේදය…

මුහුදු පිහිනුම් තරගාවලියේ ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකා නාවික හමුදාවට

මුහුදු පිහිනුම් තරගාවලියේ ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකා නාවික හමුදාවට

2020 ජනවාරි 26 වන දින ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංචිතය මගින් තුන්වන වරට  පවත්වනු ලැබූ විවෘත මුහුදු පිහිනුම් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් ක්‍රීඩකයින් එකොලොස් දෙනෙකු  සහභාගී විය. ගාලු මුවදොර මුහුදු තීරයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 71 දෙනෙකුගේ සහභාගිත්වයෙන් පැවති පිහිණුම් තරගාවලිය සඳහා පාසල් මට්ටමින්ද ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වී සිටි අතර, ත්‍රිවිධ හමුදාව සහ…