අමෙරිකානු සහාය චීනය ප්‍රතික්ෂේප කරයි

අමෙරිකානු සහාය චීනය ප්‍රතික්ෂේප කරයි

කොරෝනා වෛරසය පැතිරයාම මැඩපැවැත්වීමට අමෙරිකානු සහාය චීනය විසින් ප්‍රතික්ෂේප කරයි. වෛරසය පැතිරයාම හමුවේ පොදු සෞඛ්‍යමය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර, චීනයෙන් පැමිණෙන විදේශිකයන්ට සිය රටට ඇතුළුවීම තහනම් කිරීමට අමෙරිකාව පියවර ගත් පසුබිමකදී ය.

bandana

සිරකරුවන්ට අද නිදහස

ජනාධිපති පොදු සමාව යටතේ සිරකරුවෝ 512ක පිරිසක් අද (4) ජාතික නිදහස් දිනය දා නිදහස ලබයි. පසුගිය ජනවාරි 31දා දක්වා දඩ මුදල් ගෙවාගත නොහැකිව සුළු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාර ගතවූවන්, සිරදඬුවම් විඳින අවුරුදු 70ට වැඩි සිරකරුවන්, අවුරුදු 10කට වඩා දඬුවම් කාලයක් බන්ධනාගාර තුළ යහපත් කල් ක්‍රියාවෙන් ගතකර ඇති රැඳවියන්ට සිය දඬුවම් කාලය වසරකට දින 7 බැඟින් අඩුකර…

චීන ජාතිකයන් කොන්කරන්න එපා

චීන ජාතිකයන් කොන්කරන්න එපා

ශ්‍රී ලංකාවේ සිටින විවිධ ව්‍යාපෘතිවල සේවය කරන චීන ජාතිකයන්ට සාමාන්‍ය පරිදි සලකන ලෙසත්, ඔවුන් කිසිවිටක කොන්නොකරන ලෙසත්  සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටියි. චීනය සහ ශ්‍රී ලංකාව අතර අනාදිමත් කාලයක සිට සමීප සබඳතාවක් පවතින අතර කොරෝනා වයිරසය හේතුකරගෙන එම සබඳතා පළුදු කරගත යුතු නැතැයිද එහිදී ඇමැතිවරිය කීවාය.

ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ඉවතට

ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ඉවතට

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා ලෙස පසුගියදා වැඩබාරගත් රෝහණ දේව පෙරේරාව එම තනතුරින් ඉවත් කර ඇතැයි  ආරංචි මාර්ග සඳහන් කරයි. ඔහුව  සභාපතිධූරයට පත් කිරීමට එරෙහිව එහි සේවකයින් හා තවත් පාර්ශ්ව ගණනාවක් විරෝධය පළ කර තිබිම මීට හේතු වී ඇත. අමාත්‍යංශ ලේකම්වරයා විසින් රෝහණ දේව පෙරේරා මහතා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිධුරයෙන් ඉවත් කිරීමට තීරණය කර…