අභ්‍යවකාශයේ වැඩිම දින ගණනක් ගත කළ කාන්තාව සාර්ථකව යළි පෘථිවියට

අභ්‍යවකාශයේ වැඩිම දින ගණනක් ගත කළ කාන්තාව සාර්ථකව යළි පෘථිවියට

පසුගිය වසරේ මාර්තු මස 14 වනදා අභ්‍යවකාශ ගත වූ ක්‍රිස්ටිනා කෝ අභ්‍යවකාශයේ වැඩිම දින ගණනක් ගත කළ කාන්තාව ලෙස සාර්ථකව යළි පෘථිවියට ළගා වුණා. ක්‍රිස්ටිනා කෝ නමැති මෙම ගගනගාමී කාන්තාව දින 328ක් අභ්‍යවකාශයේ ගත කළා. මීට පෙර පුද්ගලයෙකු අභ්‍යවකාශයේ රැදී සිට ඇත්තේ දින 289ක් පමණයි. මෙය කාන්තාවන් ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් බවයි ඇය කියා සිටියි.

විදේශ අධිකරණයන් දෙකක දී  නිරාවරණයවු වැදගත් අපරාධ දෙකක්..  

විදේශ අධිකරණයන් දෙකක දී  නිරාවරණයවු වැදගත් අපරාධ දෙකක්..  

පසුගිය දා විදේශ අධිකරණයන දෙකකදී ලංකාව සම්බන්ධව ඉතා වැදගත් අපරාධයන් දෙකක් සම්බන්ධව කරැනු හෙළි විය. ඉන් පළමු වැන්න වුයේ ලංකාවේ හිටපු කීර්තිමත් දේශපාලනඥයෙකු මෙන්ම විදේශ ඇමතිවරයෙකු වූ ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනයට සම්බන්ධ පුද්ගලයෙකුට ජර්මන් අධිකරණයකින් දඩුවම් ලැබීමයි. ජර්මනියේ ස්ටුඩ්ගාඩ් හි කලාපීය අධිකරණයක දී විභාග වූ නඩුවක දී හිටපු ඒල්ටීටීඊ සමාජිකයෙකු වූ ජී.නාදන් නැමැත්තා ලක්මන් කදිරගාමර් මහතාගේ…

කොරෝනා වෛරසයෙන් ඇමරිකානු පුරවැසියෙක් මරුට

කොරෝනා වෛරසයෙන් ඇමරිකානු පුරවැසියෙක් මරුට

ඇමරිකා එක්සත් ජනපද පුරවැසියෙකු කොරෝනා වෛරසයෙන් මියගොස් ඇති බව බීජිංහි එක්සත් ජනපද තානාපති කාර්යාලය සදහන් කරයි. කොරෝනා වයිරසයෙන් මියගිය පළමු ඇමරිකානු පුරවැසියා ඔහු බවයි ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය පවසයි. මියගිය ‍රෝගියා 60 හැවිරිදි පුද්ගලයෙක්. පවුලේ පෞද්ගලිකත්වයට ගරු කිරීමක් ලෙස  ඔහුගේ නම අනාවරණය නොකිරීමට තානාපති කාර්යාලය තීරණයක් ගෙන තිබුණා.  

නීති විරෝධි රට බීම බෝතල් 252ක් අත්අඩංගුවට

නීති විරෝධි රට බීම බෝතල් 252ක් අත්අඩංගුවට

රට බීම බෝතල් 252ක් සමග සැකකරුවන් දෙදෙනෙකු   මීගමුවේ හා කොට්ටාවේ දී සිදු කරනු ලැබු වැටලීම්වලදී කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය විසින් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.  මෙම රටබීම බෝතල් 12 බැගින් මුද්‍රා නොකැඩු පෙට්ටිවල අසුරා තිබු බවත් මෙහි වෙළඳපල වටිනාකම 126,0000ක් පමණ විය හැකි බවද වාර්තා වෙයි.  

ඩෙංගු මර්දන සහායකයින්ගේ විරෝධයට ජනපතිත් යයි

ඩෙංගු මර්දන සහායකයින්ගේ විරෝධයට ජනපතිත් යයි

සමස්ත ලංකා ඩෙංගු මර්දන සහායක සංගමයේ සේවකයන් උද්ඝෝෂණයේ නිරතව සිටි ස්ථානයට ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා‍ ඔවුන්ගේ ගැටලුවලට සවන් දෙමින් තොරතුරු විමසීය. උද්ඝෝෂණය ජනාධිපති කාර්යාලය ආසන්නයේ ගාලු මුවදොර ක්‍රීඩාංගණය අභියස වෙන් කර තිබු ප්‍රදේශයේ  පැවැත්විණි. 2017 වසරේ සිට කිසිවෙකුගේ අවධානයට ලක් නොවූ තම සේවයට ස්ථාවර භාවයක් ලබාදෙන්නැයි ඔවුහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ. මේ පිරිසට රැකියා සපයන…

poya

නවම් පුර පසලොස්වක පොහොය අදයි

නවම් පුර පසලොස්වක පොහොය අද (08) ට යෙදී ඇත. ලොව්තුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේ සියලු භික්ෂූ සේනාව රජගහ නුවර වේළුවනාරාමයට එක්රැස් කර පළමු වරට සංඝ සම්මේලනයක් පවත්වන ලද්දේ අද වැනි නවම් පොහොය දිනයක දී ය. තවද බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වේලුවනාරාමයේ දී සැරියුත් මුගලන් දෙනමට අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමීම, තථාගතයන් වහන්සේ විසින් මහා සංඝයාට ඕවාද ප්‍රාතිමෝක්‍ෂය…

sunilhadunneththi

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇතුළු ආයතන 03 ක් කෝප් කමිටුවට

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය, ජාතික ලොතරැයි මණ්ඩලය සහ ශ්‍රී ලංකා ක්‍රකට් ආයතනය පාර්ලිමේන්තුව නැවත රැස්වීමට නියමිත ලබන පෙබරවාරි 18,19,20 යන දින වලදී කොප් කමිටුවට කැඳවීමට  සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා සදහන් කරයි. මහබැංකු බැඳුම්කර සිදුවීමට අදාලව නිකුත්වී ඇති වෝහාරික විගණන වාර්තාව සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ එයාබස් මිලදී ගැනීමේ ගණුදෙනුවට අදාලව විදේශ රටකදී දෙන…