රුසියානු මුහුදේ ප්‍රබල භූකම්පනයක්

රුසියානු මුහුදේ ප්‍රබල භූකම්පනයක්

රුසියානු දකුණු මුහුදේ රිච්ටර් මාපකයේ ඒකක 6.9 ක ප්‍රබලත්වයෙන් යුත් භූකම්පනයක් සිදුව ඇති අතරමේ දක්වා සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි. මෙම භූකම්පනය මුහුදු පත්ලේ සිට කිලෝමීටර් 143 ක් ගැඹුරින් සිදුව ඇති බවයි අමෙරිකානු භූ සමීක්ෂණ ඒකකය සඳහන් කරයි.

දේවානීට කුමන අභියෝගයක් එල්ල වේවිද?

දේවානීට කුමන අභියෝගයක් එල්ල වේවිද?

දේවානී ජයතිලක කියු පමණින් අද රටේ සියලූ දෙනා ඇයව හදුනයි. ඉකුත් 10 දාට ප‍්‍රථම ඇයව රටේ සියලූ දෙනා දැන සිටියේ නැත. නමුත් ඉකුත් 10 දා ඇය සහභාගි වු මීගමුව කලපු සංවර්ධන රැස්වීමෙන් පසු ඇයව මුලූ රටක්ම හදුනනු ලබයි. ඒ ඇය ඇයගේ රාජකාරිය නීතියටම කරමින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට එරෙහිව කඩොලාන පද්ධතිය ආරක්ෂා කර ගැනීම…

EPF ගිණුමේ විස්තර කෙටි පණිවිඩයකින් දුරකථනයට

EPF ගිණුමේ විස්තර කෙටි පණිවිඩයකින් දුරකථනයට

සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ට තම මාසික දායක මුදල් සිය ගිණුමට බැර වී ඇති බවට මාසිකව ඔවුන්ටම සනාථ කර ගැනීමට හැකි වන පරිදි ගිණුම්ගත වූ සැණින් සාමාජිකයා විසින් නම් කරනු ලබන ජංගම දුරකතන අංකයකට කෙටි පණිවිඩයක් මඟින් දැනුම් දීමේ සේවාවක් ආරම්භ කිරීම පිණිස නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින්…

whatsapp

‘වට්ස්ඇප්’ පරිශීලකයන් සංඛ්‍යාව බිලියන 2 ඉක්මවයි

 ‘වට්ස්ඇප්’ පණිවුඩ හුවමාරු සේවාව පරිශීලකයන් සංඛ්‍යාව බිලියන 2 ඉක්මවාගොස් ඇතැයි ෆේස්බුක් සමාගම නිවේදනය කරයි. ෆේස්බුක් සමාගම 2014 වසරේදී ‘වට්ස්ඇප්’ පණිවුඩ සේවාව තමන් සතු කරගත් අතර අද වනවිට එය ෆේස්බුක් පවුලේ වැඩියෙන්ම භාවිත කෙරෙන මෘදුකාංගය බවට පත්ව තිබේ. බොහෝදෙනා අතිශය පෞද්ගලික පණිවුඩ යැවීමට ‘වට්ස්ඇප්’ භාවිත කරන්නේ ‘එන්ක්‍රිප්ෂන්’ ක්‍රමවේදය මගින් වට්ස්ඇප් හරහා යැවෙන පණිවුඩවල රහස්‍යභාවය සහ පෞද්ගලිකත්වය…

teacher

විදුහල්පතිනියකගේ කෝටු පහරකින් දැරියකගේ ඇසකට හානි

බිංගිරිය ප්‍රදේශයේ රජයේ විදුහලක 12 හැවිරිදි මෙම සිසුවිය විද්‍යාලයේ නිවාසාන්තර තරගයේ නරඹන්නියක් ලෙස කටයුතු සිදු කිරීමේදී විදුහල්පතිනිය එල්ල කළ කෝටු පහරක් ඇගේ ඇසක වැදී පෙනීම අහිමිව ඇති බව සඳහන් වේ. විදුහල්පතිනියක් සිදුකළ පහරදීමකින් සිසුවියකගේ ඇසක් නොපෙනියාමේ සිදුවීමක් සම්බන්ධයෙන් ගම්වැසියන් පිරිසක් විරෝධතාවයක නිරත විය. මෙලෙස ඇසක පෙනීම අහිමිව ඇත්තේ බිංගිරිය බෝවත්ත කඩිගමුව ග්‍රාමයේ ජිවත් වන නෙත්මි…

වනජීවි නිලධාරිණිය වෙනුවෙන් තමන් පෙනී සිටින බව පරිසර ඇමති කියයි

වනජීවි නිලධාරිණිය වෙනුවෙන් තමන් පෙනී සිටින බව පරිසර ඇමති කියයි

කඩොලාන පරිසරයක් කපා දමා ක්‍රීඩාංගණයක් සාදා දෙන ලෙස මීගමුව, මුන්නක්කරේ ධීවර කමිටු රැස්වීමේදී ඉදිරිපත් වූ යෝජනාවට එරෙහිව අදහස් දැක්වූ වනජීවි නිලධාරිණි දේවානි ජයතිලක වෙනුවෙන් තමන් පෙනී සිටින බව තිරසර හා වනජිවී, ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියාසිටියේ අදාළ නිලධාරිණිය එම අවස්ථාවේ නිවැරදිව කටයුතු කර ඇති…

සජිත්ගේ නව සන්ධානයට තවත් පක්ෂ 3ක සහය

සජිත්ගේ නව සන්ධානයට තවත් පක්ෂ 3ක සහය

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් බිහි කරන පුළුල් ජනතා සන්ධානයට තම පක්ෂවල සහාය ලබා දෙන බව ජාතික හෙළ උරුමය, දමිල ප්‍රගතිශීලි සන්ධානය හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පවසයි. විශේෂ ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂවල නායකයින් වන පිළිවෙලින්, පාඨලී චම්පික රණවක, මනෝ ගනේෂන් හා රවුෆ් හකීම් යන මහත්වරු අවධාරණය කළේ, ජනතා අපේක්ෂාවන් සහතික කරන ආණ්ඩුවක් බිහි කිරීම…

පුරන් කුඹුරක් කරන්දෙණිය බන්දුල විද්‍යාලයේ සිසු සිසුවියන් අස්වද්දයි
|

පුරන් කුඹුරක් කරන්දෙණිය බන්දුල විද්‍යාලයේ සිසු සිසුවියන් අස්වද්දයි

ගාල්ල, කරන්දෙණිය බන්දුල සේනාධීර විද්‍යාලයේ සිසු සිසුවියන් විසින් අස්වද්දන ලද පුරන් කුඹුර, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ නිරීක්ෂණයට ලක් විය. අමාත්‍යවරයා විදුහලට පැමිණීම සංඛේතවත් කරමින් විදුහල් භූමියේ පැලයක් රෝපණය කිරීමද මෙහිදී සිදු කෙරුණි. පුරන් වූ කුඹුර අස්වද්ද ලද සිසු සිසුවියන් දිරිගැන්වීම සදහා අමාත්‍යවරයා විසින් කුඹුර නිරීක්ෂණය කලබව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයට සම්බන්ධ ආරංචි මාර්ග සදහන්…