වාලච්චේන හා ඇඹිලිපිටිය කඩදාසි කම්හල්වල නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට යයි

වාලච්චේන හා ඇඹිලිපිටිය කඩදාසි කම්හල්වල නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට යයි

නිෂ්පාදන කටයුතු සිදු නොකර වසා දමා ඇති රාජ්‍ය ව්‍යාපාර නැවත ආරම්භ කිරීම රජයේ ප්‍රමුඛ කාර්යයක් වශයෙන් හඳුනාගෙන ඇති අතර, දැනට නිෂ්පාදන කටයුතු සිදු කරනු නොලබන, ප්‍රතිව්‍යුහගතකරණය සඳහා විභවතාවයක් සහිත සියලුම රාජ්‍ය ව්‍යාපාර නැවත ආරම්භ කිරීමට කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය තීරණය කර ඇත. සීමාසහිත ජාතික කඩදාසි සමාගම යටතේ පවතින දැනට නිෂ්පාදන කටයුතු නවතා දමා ඇති…

විපක්ෂ අපේක්ෂකයන් හාස්‍යයට ලක් කළ ට්‍රම්ප්

විපක්ෂ අපේක්ෂකයන් හාස්‍යයට ලක් කළ ට්‍රම්ප්

ඇරිසෝනා ප්‍රාන්තයේ පැවැති ජන හමුවකට එක්වෙමින් 2020 ජනාධිපතිවරණයේ විපක්ෂ අපේක්ෂකයන් හාස්‍යයට ලක් කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කර ඇත. සිය මත දැක්වීම අතරතුර ටොම් ස්ටේයර් මුග්ධයෙක් ලෙසත්, කෝටිපති අපේක්ෂක මයික් බ්ලූම්බර්ග් මිනි මයික් ලෙසත්, නම්කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබුණි. විදෙස් වාර්තා සදහන් කරන්නේ මෙය දේශපාලනමය වශයෙන් නොහික්මුණු ක්‍රියාවක් බවයි.

ආර්ථිකයෙන් දිළිදුකම තුරන් කරනවා – ජනපති

ආර්ථිකයෙන් දිළිදුකම තුරන් කරනවා – ජනපති

ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් නිර්මාණය කොට දිළිඳු බව තුරන් කිරීම සිය අරමුණ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. අරලියගහ මන්දිරයේ පැවති සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරී සංගමයේ 22 වන ජාතික මහා සම්මේලනය අමතමින් ජනාධිපතිතුමා මේ බව කීය. “සමෘද්ධි, කෘෂි අයිතීන් තහවුරු වන පොදු ජන යුගයක්” මැයෙන් එය සංවිධාන කර තිබිණ. සමෘද්ධි…

jiniwa

ජිනීවා මානව හිමිකම් කොමසාරිස්ගෙන් රතු එළියක්

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය වීම් නැවත ඇතිවිය හැකි බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 43 වැනි සැසිවාරය සඳහා මානව හිමිකම් කොමසාරිස්වරයා ඉදිරිපත් කර ඇති වාර්තාවෙන් අනතුරු හඟවා ඇත. විවිධ චෝදනාවන්ට ලක් වූවන්ට දඬුවම් ලබා නොදීම සහ ප්‍රතිසංධානයට, මානව හිමිකම් ප්‍රවර්ධනයට හා වගවීමට අදාළ ආයතන දිරිමත් කිරීමට රජය කටයුතු නොකිරීම හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවිය හැකි…

කොදෙව්වන්ට එරෙහි තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි

කොදෙව්වන්ට එරෙහි තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි

බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය ලෙස දිමුත් කරුණාරත්නගේ – නායක, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් ජනිත් පෙරේරා, ශෙහාන් ජයසූරිය, නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, තිසර පෙරේරා, දසුන් ශානක,  වනිඳු හසරංග, ලක්ෂාන් සඳකැන්, ඉසුරු උදාන, නුවන් ප්‍රදීප් සහ ලහිරු කුමාර ඇතුළත්ව ඇත. තරග 3…

පැය 4 කින් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට සැලසුම්

පැය 4 කින් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට සැලසුම්

එක් දින සේවාව මගින් ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමේ ඉල්ලුම්පත් භාරදී පැය 4 ක් ඇතුළත එම හැඳුනුම්පත් නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. එක්දින සේවාවෙන් ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට ඉල්ලුම් කරන පුද්ගලයින්ට ඔහුගේ හැඳුනුම්පත නිකුත් කළ පසු කෙටි පණිවිඩයක් මගින් ජංගම දුරකථනයට ලබා දීමට  පියවර ගැනීම නිසා ඉල්ලුම්පත් භාරදීමෙන්…