කුසල් හා අවිශ්කගෙන් ශතක

කුසල් හා අවිශ්කගෙන් ශතක

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට් තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 8ක් දැවී ලකුණු 345ක් ලබා ගැනීමට සමත් වුණි. විශිෂ්ඨ පිති හරඹයක නිරත වූඅවිෂ්ක ප්‍රනාන්දු ලකුණු 127 ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 119 ක් ලබා ගත්තේය. තරගය පැවැත්වෙන්නේ සූරියවැව ක්‍රීඩාංගණයේයි.

රන්ජන් රාමනායකට ඇප

රන්ජන් රාමනායකට ඇප

මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ඇප මත මුදාහැරීමට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් විසින් නියෝග කරනු ලැබ තිබේ. වැලිකඩ බන්ධනාගාර නිලධාරීන් විසින් නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා ඇප මත මුදා හැරීමට නියෝග කළ බවත්  අධිකරණ නියෝග මත රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ විදෙස් ගමන් තහනම් කර ඇති බවද සදහන් වේ.

සහගහන අපරාධ රණවිරු ලේබලයෙන් වැසැංගිය හැකිද? නිමල් ලෙව්කේ

සහගහන අපරාධ රණවිරු ලේබලයෙන් වැසැංගිය හැකිද? නිමල් ලෙව්කේ

එක්නැලිගොඩ පැහැරගෙන යාම සහ රවිරාජ් ඝාතනය වැනි සිදුවීම් සම්බන්ධයෙන් හමුදා නිලධාරීන් (රණ විරුවන්) පිරිසක් අත්අඩංගුවට ගැනීම ගැන විශාල කෑකෝගැසීම් ඇතිව තිබේ. මේ හමුදා නිලධාරීන් එවැනි සිදුවීම්වලට සම්බන්ධ වූයේ මන්ද යන්න කෙනෙකුගේ හිතේ එක විට නැගෙන ප‍්‍රශ්නයකි. ප‍්‍රභූ ආරක්ෂක සේවාවක කලක් සිටි ප‍්‍රධානියෙකු වශයෙන් මා දන්නා එක දෙයක් තිබේ. එනම්, හුදෙක් පෞද්ගලික කරුණකදී හැරුණු කොට, ඉහළින්…

mahindadesappriya

මැතිවරණය වෙසක් පෝයට පෙර

මහ මැතිවරණය ලබන අප්‍රේල් 25 වනදා සහ මැයි 04 වනදා අතර දිනයකදී පැවැත්වීමට හැකිවනු ඇති බව මැතිවරණ කොමිසම සදහන් කරයි. අද(26) මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේ එය තීරණය කිරිමේ ව්‍යවස්ථාමය බලය ඇත්තේ ජනාධිපතිවරයාට බවටයි. සබැදි පුවත් https://www.dailyreporter.lk/%e0%b6%b8%e0%b7%90%e0%b6%ad%e0%b7%92%e0%b7%80%e0%b6%bb%e0%b6%ab-%e0%b6%9a%e0%b7%9c%e0%b6%b8%e0%b7%92%e0%b7%82%e0%b6%b1%e0%b7%8a-%e0%b7%83%e0%b6%b7%e0%b7%8f%e0%b7%80%e0%b7%9a-%e0%b7%80%e0%b7%92/

කාසල්රි ජල මට්ටම සීඝ්‍රයෙන් පහලට

කාසල්රි ජල මට්ටම සීඝ්‍රයෙන් පහලට

මධ්‍යම කදුකරය තුල පවතිව දැඩි වියළි කාලගුණිකද තත්වයන් මත කාසල්රි ජලාශයේ ජල මට්ටම තව දුරටත් පහල බසිමින් පවති. මෙම ජලාශයේ ජලය උපයෝගි කර ගෙන ජල විදුලි බලාගාර තුනකින් ජල විදුලිය නපදවන අතර පවතින වියළි කාලගුණික තත්වයන් මත ඉදිරියේදි මෙම ජලාශයේ ජල මට්ටම තව දුරටත් පහල බැසිමෙන් එම ජල විදුලිබලාගාරවලින් ජල විදුලිය නිපදවිමද අවදානම් තත්වයකට පත්වනු…

වයඹ සහ බස්නාහිරට උණුසුම වැඩිවෙයි – අවවාදාත්මක නිවේදන

වයඹ සහ බස්නාහිරට උණුසුම වැඩිවෙයි – අවවාදාත්මක නිවේදන

වයඹ සහ බස්නාහිර පළාත්වලට සහ මන්නාරම , ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරයි. වැඩිපුර ජලය පානය කරන ලෙසත්, සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසත් අධික වෙහෙසකාරී කටයුතු සීමා කරන ලෙසත් සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් අඳින ලෙසත් වැඩිහිටි හා රෝගී පුද්ගලයින් පිළිබඳ සැලකිලිමත් වන ලෙසත්…

General Elections

මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ මාධ්‍ය හමුවක්

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඇතුළු එහි සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් ඉදිරි පාර්ලිමේන්තු මැතවරණය පිළිබඳව විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වෙයි. මෙම සාකච්ඡාවට සහභාගීවන ලෙස සියලු දේශපාලන පක්ෂ නියෝජිතයින්ට දැනුම් දී ඇති බව සදහන්.  

වෘත්තිය ක්‍රියාමාර්ගය සාර්ථකයි

වෘත්තිය ක්‍රියාමාර්ගය සාර්ථකයි

අද දිනයේ දිවයිනේ බොහෝ පාසල්වල ගුරුවරුන් සේවයට වාර්තාකර නොමැති අතර අද (26) දිනයේ ක්‍රියාත්මකකර ඇති අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය සාර්ථක බව ලංකාගුරු සංගමය පවසයි. වැටුප් ගැටළුව ඇතුළු ඉල්ලීම් 6 ක් මුල් කර ගනිමින් ගුරු- විදුහල්පති  වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් පාසල් සිසුන්ගේ පැමිණීමේද අඩුවක් දක්නට ලැබෙන බව සදහන් වේ.

ඉරානයේ නියෝජ්‍ය සෞඛ්‍ය ඇමතිට චීනයෙන් තැග්ගක්

ඉරානයේ නියෝජ්‍ය සෞඛ්‍ය ඇමතිට චීනයෙන් තැග්ගක්

කොවිඞ් – 19 හෙවත් කොරෝනා වෛරසය ඉරානයේ නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ඉරාජ් හරිර්චිට ආසාදනය වී ඇති බව පුවත් සේවා වාර්තා කරයි. ඉරානයේ මේ වන විට පුද්ගලයින් 250 කට අධික සංඛ්‍යාවකට මේ වනවිට කොවිඞ් – 19 වෛරසය ආසාදනය වී ඇති බවත්   මරණ 15 ක් වාර්තා වන බව සඳහන් වෙයි.  

jiniwa

විදේශ ඇමති අද ජිනීවා මානව හිමිකම් කවුන්සිලය අමතයි

විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද ජිනීවා නුවරදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43 වැනි සැසිවාරය ඇමතීමට නියමිතයි. පසුගිය ආණ්ඩුව සම අනුග්‍රාහකත්වය සපයන ලද යෝජනා දෙකකින් ඉවත්වීමට වත්මන් රජය ගෙන ඇති තීරණය එහිදී ඔහු විසින් ප්‍රකාශයට පත්කරනු ඇති.