රනිල් රට පනියි – රවී ඇතුළු 11කට විදෙස් ගමන් තහනම් වෙයි

රනිල් රට පනියි – රවී ඇතුළු 11කට විදෙස් ගමන් තහනම් වෙයි

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විදෙස්ගත වී තිබේ. අද රාත්‍රීයේ ඔහු විදෙස්ගතවී ඇත්තේ, ඩුබායි බලා පිටත්ව ගිය ඊ.කේ. 655 දරණ ගුවන් යානයෙනි. මේ අතර හිටපු අමාත්‍ය රවී කරුණානායක, ඇතුළු 11 දෙනෙකුට විදෙස් ගමන් තහනම් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නියෝග කරනලදි. අර්ජුන් මහේන්ද්‍රන්, අර්ජුන් ඇලෝසියස්, කසුන් පාලිසේන, ජෙෆ්රි ජෝසෆ් ඇලෝසියස්, රංජන් හුළුගල්ලේ,…

දේශපාලන පක්ෂයක් ශරියා ක්‍රියාත්මක කරන්න යයි

දේශපාලන පක්ෂයක් ශරියා ක්‍රියාත්මක කරන්න යයි

මුස්ලිම් නාමයක් සහිත දේශපාලන පක්ෂයක ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ ශ්‍රී ලංකාව තුළ ශරියා නීතිය ක්‍රියාත්මක කිරීම එම පක්ෂයේ අරමුණ බව යැයි ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාවේ දක්වා ඇත. වාර්ගික හා ආගමික නාමයන් සහිත දේශපාලන පක්ෂවල ව්‍යවස්ථාව තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන අරමුණු අන්තර්ගතව ඇති බවද කාරක සභා වාර්තාව ප්‍රකාශ කරයි. මෙරට වාර්ගික සංහිඳියාව…

කෝවිඩ් 19  නිසා ලෝකයම අනාරක්ෂිතයි අනතුරු ඇඟවීමක්

කෝවිඩ් 19 නිසා ලෝකයම අනාරක්ෂිතයි අනතුරු ඇඟවීමක්

කොවිඩ් නයින්ටීන්  වෛරසය ආසාදිත වූවන් සංඛ්‍යාව දසදහස ඉක්මවා ඇති බවත් චීනයෙන් පිටත රටවල් 70 කට ආසන්න සංඛ්‍යාවකින් වෛරසය වාර්තාවීම හේතුවෙන් මේ වන විට මුළු ලෝකයම අනාරක්ෂිත තත්ත්වයට පත්ව ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ. දකුණු කොරියාවෙන් ආසාදිතයින් 4812 දෙනෙකු, ඉතාලියෙන් ආසාදිතයින් 2036 දෙනෙකු සහ ඉරානයෙන් ආසාදිතයින් 1501 දෙනෙකු අමෙරිකාවෙන් ආසාදිතයින් 130 දෙනෙකු…

ෆැපරල්  මැතිවරණ අපේක්ෂකයන්ගේ ෆේස්බුක් පිටු අධීක්ෂණයක

ෆැපරල් මැතිවරණ අපේක්ෂකයන්ගේ ෆේස්බුක් පිටු අධීක්ෂණයක

නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා ජනතා ක්‍රියාකාරිත්වය (ෆැපරල්) විසින් එළඹෙන මහ මැතිවරණයේදී ජනප්‍රිය දේශපාලන ෆේස්බුක් පිටු සහ දේශපාලන පක්ෂවල සහ අපේක්ෂකයන්ගේ ෆේස්බුක් පිටු අධීක්ෂණය කරන බව එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සදහන් කරයි. මහ මැතිවරණයේදී අපේක්ෂක සංඛ්‍යාව 4,000 ඉක්මවනු ඇති බැවින් ප්‍රධාන පක්ෂ හතරක තරගකාරී අපේක්ෂකයන්ගේ පිටු පමණක් අධීක්ෂණය කරන බව වැඩිදුරටත් පැවසීය. විශේෂයෙන් වැරදි…

ලොකු දඬුවම් ඉස්සරහට – පෙම්වතා ගුරුවරියගේ කෙස් වැටිය කපා වැඩ වරද්ද ගනියි

ලොකු දඬුවම් ඉස්සරහට – පෙම්වතා ගුරුවරියගේ කෙස් වැටිය කපා වැඩ වරද්ද ගනියි

ගුරුවරියක් වන සිය පෙම්වතියගේ කෙස් වැටිය කපා අඩන්තේට්ටම් කර, සාපරාධී බලහත්කාරය පෑම සම්බන්ධයෙන් පෙම්වතකු සැකපිට අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය සදහන් කරයි. කොළඹ විශ්වවිද්‍යාලයේ පැවැති දේශනයකට සහභාගි වී ඉන් පිටතට පැමිණෙන විට ඇය ආදරය කළ බොරැල්ල ප්‍රදේශයේ පදිංචි ඉරෝෂාන් ජයසූරිය නමැති පෙම්වතා එහි සිට ඇත. පෙම්වතිය 138 මාර්ගයේ බස් රථයකට නැගීමට සූදානම් වීමේදී ’උඹත් එක්ක…

කරු නිල වාහන භාර දෙමින් කාර්ය මණ්ඩලයට සමුදෙයි

කරු නිල වාහන භාර දෙමින් කාර්ය මණ්ඩලයට සමුදෙයි

පාර්ලිමේන්තුව විසිරවීමෙන් පැය 24 ක් ගතවීමට පෙර සිය නිල රථය සහ ආරක්ෂක අංශයන්හි නිල වාහනද පාර්ලිමේන්තුව වෙත භාර දීමට  කථානායක කරු ජයසූරිය මහතා කටයුතු කරන ලදී. ඔහුගේ ධුර කාලය තුළ  රාජකාරි ඉටු කල පාර්ලිමේන්තුවේ සියළු අංශ වෙත ගොස් පාර්ලිමේන්තු කාර්යය මණ්ඩලයට ප්‍රශංසා කර සමු දුන්නේය.  

රවී, අර්ජුන්, ඇලෝසියස් , පළිසේන,අත්අඩංගුවට ගැනීමට නීතිපති උපදෙස්

රවී, අර්ජුන්, ඇලෝසියස් , පළිසේන,අත්අඩංගුවට ගැනීමට නීතිපති උපදෙස්

මහ බැංකු බැඳුම්කර ගණුදෙනුවට අදාළව හිටපු අමාත්‍ය රවී කරුණානායක, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස්, කසුන් පළිසේන අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දප්පුලද ලිවේරා මහතා විසින් වැඩබලන පොලිස්පතිවරයාට දන්වා ඇත. ඒ අනුව අධිකරණ වරෙන්තුවක් ලබාගෙන ඔවුන්ව අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා නියෝග කර තිබේ.