air

ඉතාලිය, ඉරානය සහ දකුණු කොරියාවෙන් තවත් මගීන් 315 දෙනෙකු මෙරටට

ඉතාලිය, ඉරානය සහ දකුණු කොරියාව යන රටවල සිට අද දිනය තුළ මගීන් 315 දෙනෙකු මෙරටට පැමිණ තිබෙනවා. ඔවුන් සියළු දෙනා නීරෝධායන කටයුතු සදහා යොමු කළ බවයි සදහන් වෙයි. මේ වනවිට මගීන් 1448 ක් නීරෝධායන කටයුතු සදහා පොළොන්නරුව කන්දකාඩු නීරෝධායන මධ්‍යස්ථානය සහ මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලය වෙත යොමු කර තිබෙනවා.

corona

කණ්ඩායම් වශයෙන් රැස්වෙන්න එපා

ඉදිරි සති දෙකක කාලය තුළදී කණ්ඩායම් වශයෙන් ඒකරාශීවීමෙන් වළකින ලෙස රජය මහජනතාවගෙන් ඉල්ලා සිටියි. කොරෝනා වයිරසය පැතිරයාම වැළැක්වීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13) ජනාධිපති කාර්යාලයේ පැවති ජාතික කමිටු රැස්වීමේදී මෙම ඉල්ලීම කරන ලෙස ජනාධිපතිවරයා තමාට දැනුම් දුන් බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව මහතා පැවසීය.

කොවිඩ් 19 ආසාදිත තවත් ලාංකිකයින් තිදෙනෙකු හමුවේ

කොවිඩ් 19 ආසාදිත තවත් ලාංකිකයින් තිදෙනෙකු හමුවේ

කොරෝනා ආසාදිත තවත් ලාංකික රෝගීන් තිදෙනෙකු අලුතින් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා තහවුරු කළේය. ඔවුන් අංගොඩ බෝවන රෝග විද්‍යාතනයේ (IDH)  හා පොළොන්නරුවේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටීයි.

අවදානමට පෙර සුදානම

අවදානමට පෙර සුදානම

කොවිඩ් 19 අවදානම සැලකිල්ලට ගනිමින් හෙට(14) සිට අප්‍රේල් මස 20 වනදා දක්වා සියලු පාසල් වසා දැමීමට රජය කටයුතු කරන ලදි. පෞද්ගලික පන්ති සහ සහ පෞද්ගලික පාසල් සදහා ද නිවාඩු ලබාදීම සුදුසු බව ද අධ්‍යාපන ඇමතිවරයා යෝජනා කළා. පාසල් අධ්‍යාපන චාරිකා ඇතුළු සියලු බාහිර ක්‍රියාකාරකම් වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කිරීමට ද අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර…

තවත් සැක තුන්දෙනෙක්

තවත් සැක තුන්දෙනෙක්

කොවිඩ් 19 වෛසරය වැලඳුණ බවට සැක කරන පෙම්වතුන් යුවළක් ප්‍රතිකාර සඳහා හලාවත මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරු කර යැවීමට කටයුතු කර ඇති බව සදහන් වෙයි. තරුණයා ඉතාලියේ සේවය කරමින් සිට මෑතකදී දිවයිනට පැමිණ ඇති බව සඳහන්. පෙම්වතිය  ඩුබායි සිට මෙරටට පැමිණ ඇති බව වාර්තා වනවා. වෛසරය වැලඳුණ…

සියලු සරසවි  සහ පෙරපාසල්  වසා දමයි

සියලු සරසවි සහ පෙරපාසල් වසා දමයි

කොවිඩ් 19 වෛරසය හේතුවෙන් ශ්‍රී ලංකාවේ සියලුම පෙර පාසල් නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය  තීරණය කර තිබේ. හෙට (14) දිනයේ සිට සති දෙකක කාලයක් සියලුම විශ්වවිද්‍යාල වසා දැමීමට කටයුතු කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපදාන කොමිෂන් සභාවේ සභාපතිවරයා පවසයි. කොරෝනා වෛරසය පැතිරයාමේ ආරක්ෂිත පියවරක් ලෙස මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත.

law

අද සවස 4ට පෙර අධිකරණයේ පෙනී සිටින්නැයි රවී ඇතුළු 4කට නියෝග

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු සැකකරුවන්ට අද පස්වරු 4 ට පෙර කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අභියාචනාධිකරණය නියෝග කරන ලදි. අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබෙන අධිකරණයට ඉදිරිපත් නොවන සැකකරුවන් සම්බන්ධයෙන් දැනට නිකුත් කර ඇති වරෙන්තුව ට අනුව ක්‍රියාත්මක වීමට නීතිපතිවරයාට අවකාශ සැලසෙන බවද  සඳහන් කරයි.

කොවිඩ් 19  කැනඩා අගමැතිගේ බිරිඳටත්

කොවිඩ් 19 කැනඩා අගමැතිගේ බිරිඳටත්

කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ මහතාගේ බිරිඳ වන සොෆී ටෘඩෝ මහත්මියට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව එරට සෞඛ්‍ය අංශ සදහන් කරයි. අග්‍රාමාත්‍ය කාර්යාලය මේ බව නිල වශයෙන් දැනුම් දුන් අතර මේ හේතුවෙන් කැනඩා අග්‍රාමාත්‍යවරයාද දින 14

ප්‍රංශයේ හා ඊශ්‍රායලයේ පාසල් හා සරසවි වහාම වසාදමයි

ප්‍රංශයේ හා ඊශ්‍රායලයේ පාසල් හා සරසවි වහාම වසාදමයි

කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ඊශ්‍රායලය සති පහක් සිය පාසල් හා විශ්ව විද්‍යාල වසා දමන බව අගමැති බෙන්ජමින් නෙතන්යාහු  නිවේදනය කරයි. අපේ‍්‍රල් 16දායින් අවසන් වන වාර්ෂික පාස්කු නිවාඩුවෙන් පසුව පාසල් වහාම වසා තබනු ඇති අතර, නව නියෝගයට බාලාංශය, හොස්ටල්, විශේෂ අධ්‍යාපන පන්ති සහ අවදානම් සහිත තරුණ තරුණියන් සඳහා වූ පාසල් ඇතුළත් නොවන බව ඊශ්‍රායල් විදෙස්…

කොරෝනා වසංගතය තුරන් කිරීමට සෙත් ප්‍රාර්ථනා කිරීමේ ආශිර්වාද පූජාවක්

කොරෝනා වසංගතය තුරන් කිරීමට සෙත් ප්‍රාර්ථනා කිරීමේ ආශිර්වාද පූජාවක්

“ කොරෝනා වසංගතය ලොවෙන් තුරන් කරමු! ” තේමා කරගනිමින් එම වෛරසය හේතුවෙන් පීඩාවට පත් වී සිටින ලොව පුරා ජනතාවට හා විගමණික ශ්‍රමිකයින්ට සෙත් ප්‍රාර්ථනා කිරීම වෙනුවෙන් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සංවිධානය කරනු ලබන මල් පහන් පූජාව හා සෙත් පිරිත් සඡ්ජායනය මුල් කරගත් ආශිර්වාද පූජාව ආශිර්වාද පූජාවක් පැවැත්වෙයි.  කෝට්ටේ රජමහා විහාරයේ දී 14…