කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීමට ආයුර්වේද ක්‍රම

කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීමට ආයුර්වේද ක්‍රම

කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා ඇති දේශීය ආයුර්වේද ඖෂධ සහ ආයුර්වේද ක්‍රම පිළිබදව දැනුම්වත් කිරීමක් නාවින්න ආයුර්වේද දෙපාර්තමේන්තුවේදී අද(17) පැවැත් විය. එහිදී ආයුර්වේද වෛද්‍යවරුන් පෙන්වා දුන්නේ අනියත බියක් ඇති කර ගැනීම තුළින් පුද්ගලයින්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල විය හැකි බැවින් ඒ තුළින් අවදානම් තත්ත්වයකට පත්විය හැකි බවයි. මෙහිදී අදහස් දැක්වු ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සේනක ගමගේ…

law

අධිකරණ වසා දමන ලෙස නීතිඥ සංගමය ඉල්ලයි

මාර්තු 20 වැනි දා දක්වා අධිකරණ වසා දමන ලෙස නීතිඥ සංගමය ඉල්ලීමක් කර තිබේ. ඔවුන් එම ඉල්ලීම කර තිබෙන්නේ කොරෝනා වෛරසය පාලනය කිරීමේ අරමුණිනි.

GMOA – Government Medical Officers' Association

රජ‌යේ නිවාඩුව දීර්ඝ කරන ලෙස GMOA ඉල්ලයි

රජ‌යේ නිවාඩුව සතියක කාලයක් දක්වා දීර්ඝ කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ජනපතිගෙන් ඉල්ලීමක් කරයි. කොරෝනා වෛරසය පාලනය කිරීමේ අරමුණින්  අදාළ කාලය තුළ සියලුම ගුවන් තොටුපොළවල් සහ සියලු වරායන් වසා දමන ලෙස ඔවුන් ඉල්ලා ඇත.  

මහ මැතිවරණය කල් දමන්න – ටී.එන්.ඒ රජයෙන් ඉල්ලයි

මහ මැතිවරණය කල් දමන්න – ටී.එන්.ඒ රජයෙන් ඉල්ලයි

කොවිඩ් 19 වෛරසය රට තුළ පැතිරී යාම හේතු කොට ගෙන මහජනතාව ගැන සලකා බලා අප්‍රේල් 25 වන දින පැවැත්වීමට නියමිත මහා මැතිවරණය කල් දමන ලෙස දෙමළ ජාතික සන්ධානය නිවේදනයක් නිකුත් කරමින් රජයෙන් ඉල්ලා සිටියි. මෙම අවස්ථාවේදී අපේ අවධානය වඩාත් යොමු විය යුත්තේ ජනතාව දෙසට බව පෙන්වා දෙන දෙමළ ජාතික සන්ධානය මෙම වෛරසය පැතිරී යාම වැළැක්වීමට…

බ්‍රිතාන්‍යයේ කොවිඩ් 19 මරණ ඉහළට

බ්‍රිතාන්‍යයේ කොවිඩ් 19 මරණ ඉහළට

ඊයේ දිනයේදි පමණක් කොවිඩ් 19 හේතුවෙන් බ්‍රිතාන්‍යයේ පුද්ගලයින් 14 දෙනෙකු මරණයට පත්ව ඇති බවට වාර්තා වනවා. බ්‍රිතාන්‍යයේ වාර්තා වූ ඉහළම මරණ ප්‍රමාණය ලෙසයි සැලකෙන්නේ. එරට මියගිය සමස්ත සංඛ්‍යාව 35 දක්වා ඉහළ ගොස් ඇත. ගතවූ පැය 24 තුළ බ්‍රිතාන්‍යය තුළ කොරෝනා ආසාදිත පුද්ගලයින් 232 වාර්තා වී ඇති අතර ආසාදිත වූ සමස්ත සංඛ්‍යාව 1372 දක්වා ඉහළ ගොස්…

කොරෝනා සැගවූ පුද්ගලයෙකුට ජීවිතාන්තය දක්වා දඩුවමක්

කොරෝනා සැගවූ පුද්ගලයෙකුට ජීවිතාන්තය දක්වා දඩුවමක්

කොවිඩ් 19 හෙවත් මාරාන්තික කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට සගවා ගුවන් යානායකින් නිව්යෝර්ක් නුවර සිට ෆ්ලෝරිඩා දක්වා පියාසර කළ ඇමෙරිකානු ජාතිකයෙකුට ජීවිතාන්තය දක්වා පියාසර තහනමක් පැන වූ පුවතක් ඇමරිකාවෙන් වාර්තා වනවා.

ත්‍රිරෝද රථ මගීන් සංඛ්‍යාව 02ක් වෙයි

ත්‍රිරෝද රථ මගීන් සංඛ්‍යාව 02ක් වෙයි

ත්‍රීරෝධ රථයකින් වරකට ප්‍රවාහණය කරන මගීන් සංඛ්‍යාව දෙදෙනෙකුට සීමා කරන්නැයි ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රීරෝද රථ සම්මේලනය දැනුම් දෙයි.

amercia
|

අමෙරිකාවට ඇඳිරි නීතිය

අද සිට කලාප වශයෙන් රට තුල ඇඳිරි නීතිය පැණවීමට අමෙරිකාව තීරණය කරයි. එරට බලධාරීන් ප්‍රකාශ කළේ ප්‍රමාද වන සෑම දිනකම වැඩි පිරිසක් මිය යනු ඇති බවටයි.

ජැක් මා අමෙරිකාවටත් තෑගි යවයි
|

ජැක් මා අමෙරිකාවටත් තෑගි යවයි

ලොව ප්‍රබල ව්‍යාපාරිකයෙක් වන Alibaba ව්‍යාපාරයේ හිමිකරු ජැක් මා විසින් කොරෝනා වෛරස් පරීක්ෂණ කට්ටල සහ මුහුණු ආවරණ තොගයක් අමෙරිකාවට පරිත්‍යාග කර තිබෙනවා. වෛරසය පරික්ෂා කිරීමේ උපකරණ කට්ටල ලක්ෂ 05ක් සහ මුහුණු ආවරණ මිලියන ගණනක්  යවා ඇති බවයි වාර්තා වන්නේ.

දින 3ට රටවල් 30ක කොරෝනා පැතිරේ

දින 3ට රටවල් 30ක කොරෝනා පැතිරේ

කොරෝනා වෛරසය ලෝකය පුරා ඉතා වේගයෙන් පැතිරෙමින් පවතින අතර, අද වන විට ලෝකයේ රටවල් 157 ක් පුරා මෙම වෛරසය ව්‍යාප්තව තිබේ. පසුගිය මාර්තු 13 වන දින රටවල් 127ක් තුළ පමණක් පැතිරී තිබූ මෙම වෛරයස දින තුනක් තුළ රටවල් 30ක් වෙත පැතිර තිබේ. ඒමෙන්ම මෙම වෛරසය ආසාදනය වීමෙන් මිය යන ප්‍රථිශතයද ක්‍රමයෙන් වැඩිවෙමින් තිබේ. අද වන…