රාත්‍රී සමාජ ශාලා සහ සූදු පොළවල් වහාම වසා දැමිමට නියෝග

රාත්‍රී සමාජ ශාලා සහ සූදු පොළවල් වහාම වසා දැමිමට නියෝග

රාත්‍රී සමාජ ශාලා සහ සූදු පොළවල්  ව වසා දමන ලෙස රජය දැනුම් දී තිබේ.  රජය මේ බව නිවේදනය කළේ, COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ය.

මහජනතාවට එකතු වෙන්න එපා කිව්වහම සමහරු ක්‍රිකට් ගහනවා

මහජනතාවට එකතු වෙන්න එපා කිව්වහම සමහරු ක්‍රිකට් ගහනවා

මහජනතාවට රැස්නොවෙන ලෙස රජය විසින් දැනුම් දීමක් සිදු කර තිබිය දී ඇතැම් පිරිස් ක්‍රීඩා පිටිවලට එකතු වී ක්‍රිකට් සෙල්ලම් කරන බවට දැන ගන්න ලැබී ඇති බවත් එය නොසුදුසු තත්ත්වයක් යුද හමුදාපති ලුතිනන් ජනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

sripadaya

ශ්‍රිපාද වන්දනාව නතර කරන ලෙස ඉල්ලිමක්

පවතින කොරෝනා වෛරසය හේතුවෙන් අති විශාල වන්දනාකරුවන් පිරිසක් ඒකරාශීවන ශ්‍රිපාද වන්දනා ගමන් තාවකාලිකව නතර කරන ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා බුද්ධ සාසන අමත්‍යාංශයෙන් ඉල්ලිමක් කර ඇත. පවතින කොරෝනා වෛරසය පැතිරයාමේ අවදානම මත මෙම තිරණය ගන්නැයිද ඒ මහතා මෙසේ ඉල්ලා ඇත. මේ පිලිබදව අදහස් දක්වන රෝහණ පුෂ්පකුමාර මහතා මේ වන විට ශ්‍රිපාදය වන්දනා කිරිම…

ජාතික ආපදා තත්වයක් සාමූහික සැලැස්මකට පදනම සකසන්න

ජාතික ආපදා තත්වයක් සාමූහික සැලැස්මකට පදනම සකසන්න

රටේ පවතින්නේ සුළු කොට තැකිය නොහැකි ජාතික ආපදා තත්වයක් බවත් දේශපාලන පක්ෂ නායකයින් සහ සෞඛ්‍ය ඇතුළු අනෙතුක් අදාළ සියළු පාර්ශව කැඳවා සාමුහික සැලැස්මක් සකස් කරන ලෙස රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය. වැඩිදුරටත් අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ අදහස් දැක්වීය. “මේ අවස්ථාවේ අප ඉදිරියේ තියෙන…

නැවත දැනුම් දෙන තුරු පුත්තලමට හා මීගමුව කොච්චිකඩේට පස්වරු 4.30 සිට ඇඳිරි නීතිය

නැවත දැනුම් දෙන තුරු පුත්තලමට හා මීගමුව කොච්චිකඩේට පස්වරු 4.30 සිට ඇඳිරි නීතිය

පුත්තලම දිස්ත්‍රික්කයට අයත් කරුවලගස්වැව, වනාතවිල්ලුව, නවගත්තේගම, මුන්දලම, උඩප්පුව, සාලියවැව සහ නොරොච්චේලේ යන ප්‍රදේශවලට අද(18) පස්වරු 4.30 සිට බලපැවැත්වෙන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

කොරෝනා දෙවන වටය චීනයෙන් ඇරඹිමට සුදානමක්

කොරෝනා දෙවන වටය චීනයෙන් ඇරඹිමට සුදානමක්

කොවිඩ්-19 වසංගත තත්වයේ දෙවන අදියරක් චීනය පුරා ව්‍යාප්ත වීමේ අවදානමක් පැණ නැඟී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. වෛරස ව්‍යාප්තිය කෙටි කලකින් පාලනය කිරීමට චීනය සහ දකුණු කොරියාව සමත් වුවද දීර්ඝ කාලීනව මෙම කර්තව්‍යය සිදුකළ හැකිද යන්න බ්‍රිතාන්‍යයේ ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් විද්‍යාලය නිකුත් කළ වාර්තාවක් තුළින් ප්‍රශ්න කර තිබෙනවා. චීනයේ  සියළු වැඩ කටයුතු යථා තත්ත්වයට…

ඇමෙරිකාවේ ප්‍රාන්ත 50ටම වයිරසය ව්‍යාප්තව වෙයි

ඇමෙරිකාවේ ප්‍රාන්ත 50ටම වයිරසය ව්‍යාප්තව වෙයි

චීනයෙන් ආරම්භ වී යුරෝපයේ ශීඝ්‍රයෙන් ව්‍යාප්තවෙමින් පවතින කෝවිඩ්-19 වයිරසය මේ වනවිට ඇමෙරිකාවේ සියලු ප්‍රාන්ත(50) කරා පැතිර ගොස් ඇතැයි වාර්තා වේ. විදෙස් මාධ්‍ය වාර්තාවන්ට අනුව අමෙරිකාවෙන් මේ වනවිට වාර්තා වන මුළු ආසාදිතයින් ගණන 6,443 ක්. ගත වූ පැය 24 තුළ අලූතින් රෝගීන් 1,776 දෙනෙකු හමුවී තිබෙනවා. අමෙරිකාවේ සිදුවූ පුද්ගල මරණ සංඛ්‍යාවද 109 ක් දක්වා ඉහළ ගියේ…

රාත්‍රි සමාජ ශාලා නවතා දැමීමට පියවර

රාත්‍රි සමාජ ශාලා නවතා දැමීමට පියවර

රාතී‍්‍ර සමාජ ශාලා සහ ඔට්ටු දැමීමේ මධ්‍යස්ථාන නවතා දැමීමට ඉදිරියේදී පියවර ගන්නා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි. කුඩා ස්ථානයක විශාල පිරිසක් එක්රැස්වීම හේතුවෙන් රෝගය පැතිරීමේ ඉඩකඩ ඇති බවයි.

ආගමන විගමන දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යාංශය යටතට

ආගමන විගමන දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යාංශය යටතට

චමල් රාජපක්ෂ මහතාට  යටතේ පැවති ආගමන විගමන දෙපාර්තමේන්තුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගෙන ඇත. මුලදීද ආගමන විගමන දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා තිබූ අතර පසුව එය ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය යටතට පැවරිණි.

යුරෝපා සංගමය දේශසීමා වසයි

යුරෝපා සංගමය දේශසීමා වසයි

කොරෝනා  වෛරසය හේතුවෙන් යුරෝපා සංගමයට අයත් රාජ්‍යයන් 26ක සිය දේශ සීමා වසා තැබීමට යුරෝපා සංගමය තීරණය කර තිබේ.  දින 30ක් සඳහා  මෙම තහනම යුරෝපා සංගමයට අයත් රාජ්‍යයන් 26කට මෙන්ම අයිස්ලන්තය, ලීච්ටන්ස්ටයින්, නෝර්වේ සහ ස්විට්සර්ලන්තයට ද   බලපැවැත්වේ.