ජැක් මා ගෙන් ලංකාවට පරිත්‍යාග

ජැක් මා ගෙන් ලංකාවට පරිත්‍යාග

චීනයේ ධනවත්ම මිනිසා වන අලි බබා සමාගමේ නිර්මාතෘ ජැක් මා විසින් කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවල් කිහිපයකට මුහුණු ආවරණ මිලියන 1.8 ක් සහ කොරොන වයිරස් පරීක්ෂණ කට්ටල 210,000 ක් ලබා දීමට කටයුතු යොදා ඇත. ජැක් මා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් වේගයෙන් මෙය සැපයීම පහසු නොවන නමුත් එය සිදුකරන බව…

කොළඹ, ගම්පහ සහ පුත්තලමට අඟහැරුවාදා තෙක් ඇඳිරි නිතිය

කොළඹ, ගම්පහ සහ පුත්තලමට අඟහැරුවාදා තෙක් ඇඳිරි නිතිය

කොළඹ, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්ක සඳහා දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය ලබන අඟහැරුවාදා උදේ 6.00 දක්වා දීර්ඝ කර ඇති බව ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනය කර සිටිනවා. එදිනම, එනම් 24 අඟහරුවාදා දහවල් 2.00 ට ඒ දිස්ත්‍රික්ක වෙත  නැවත ඇඳිරි නීතිය පනවනු ලැබේ. සෙසු දිස්ත්‍රික්ක සඳහා වන ඇඳිරි නීතිය මාර්තු 23 වන සඳුදා උදේ 6.00 ට ඉවත් කෙරෙන…

ජන ජීවිත අවදානමට හෙලූ ආණ්ඩුවේ තවත් පියවරක් නිමා විය. – නීතිඥ දුලාන් දසනායක

ජන ජීවිත අවදානමට හෙලූ ආණ්ඩුවේ තවත් පියවරක් නිමා විය. – නීතිඥ දුලාන් දසනායක

මේ වන විට කොරෝනා වෛරසය රට පුරා දීප ව්‍යාප්ත ව පැතිරෙමින් පවතින අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු සෞඛ්‍ය සේවයේ වෘත්තිකයන්ගේ අනාවරණයන්ට අනුව මෙම තත්වය ඉතා දරුණු ලෙස ඉදිරියේදී ව්‍යාප්ත වීමට ඉඩ ඇත. ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාව සිටින්නේ ඉතාමත් දරුණු ව්‍යසනයකට ගොදුරු වෙමින්ය. ඇත්ත වශයෙන්ම ඉතිහාසයේ දරුණුතම ගෝලීය ව්‍යසනයකට විවෘත වෙමින්ය. ලංකාවේ…

කොරෝනා අගමැති සහ අප – සුනන්ද දේශප්‍රිය

කොරෝනා අගමැති සහ අප – සුනන්ද දේශප්‍රිය

වසරකට පෙර බක්මහ ලෙයින් නැහැවූ පාස්කු ප්‍රහාරයන්හි උණුසුම නීවී යන්නටත් මත්තෙන් තමා ජනධිපතිවරණයට ඉදිරිපත්වන බව අපට කීවේ ගෝඨාභය රාජපක්ෂ ය. දැන් කොතරම් දරුණු වේ දැයි නොපෙනෙන අනතුරකට රට මුහුණ දී සිටිය දී ඒ ගෝඨාභය රාජපක්ෂ ම ජනාධිපති වශයෙන් ජාතිය අමතා කියා සිටින්නේ සිය වැඩිමහල් සොහොයුරා වන මහින්ද රාජපක්ෂ අගමැති කරවන්නට ඡන්දය දෙන ලෙසයි. රට විපතකට…

ස්විට්සර්ලන්තයේ සිට පැමිණි පුජකවරයාට කොරෝනා

ස්විට්සර්ලන්තයේ සිට පැමිණි පුජකවරයාට කොරෝනා

යාපනය ප්‍රදේශයේ දී පැවති ආගමික උත්සවයකට සහභාගිවූ විදේශීය පුජකවරයෙක්ට නව කොරෝනා වෛරසය වැළදී ඇති බවට  වාර්තා වෙයි. එම පුජකයාගේ සහභාගිත්වයෙන් පසුගිය ඉරිදා යාපනය, අරියාලේ ප්‍රදේශයේ පැවති ආගමික උත්සවයකට පුද්ගලයින් 150 කට අධික පිරිසක් සහභාගිවී ඇති බවයි උතුරු පළාත් ආණ්ඩුකාරවරිය සදහන් කරන්නේ. මෙම පුජකවරයා එම ආගමික උත්සවය අවසන් කොට යළි ස්විට්සර්ලන්තය බලා පිටව ගොස් ඇති අතර…

ගුවන් තොටුපොළට යන්න ඕනෑනම් පොලිසියට දැනුම්දෙන්න

ගුවන් තොටුපොළට යන්න ඕනෑනම් පොලිසියට දැනුම්දෙන්න

ශ්‍රී ලංකාවට පැමිණ සිය රටවලට යාමට බලාපොරොත්තුවෙන් සිටින විදේශිකයන්ට ගුවන් තොටුපොළට යාමේදී ප්‍රවාහන පහසුකම් සපයාගත නොහැකිව සිටින්නේ නම් ළඟම පොලිස්ථානයට  දැනුම් දෙන ලෙස ලංකා සංචාරක මණ්ඩලය දන්වයි.

විදේශ රැකියා තොරතුරු සදහා 1989 අංකය අමතන්න

විදේශ රැකියා තොරතුරු සදහා 1989 අංකය අමතන්න

ජනතාව ඒකරාශී වීම වැලැක්වීම සහ සංචරණය වීම අවම කිරීම හේතුකොට ගෙන විදේශ රැකියා හා සම්බන්ධ තොරතුරු හා පැමිණිලි සදහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලය වෙත හෝ දිවයින පුරා පිහිටි පලාත් කාර්යාල, පුහුණු මධ්‍යස්ථාන වෙත පැමිණිම වෙනුවට පැය 24 පුරාවට සම්බන්ධ විය හැකි 1989 ක්ෂණික අංකයක් හදුන්වා දී ඇත. 1989 ක්ෂණික අංකය ඇමතීමෙන්…

china china news today taiwan china news today live china news today rain india china news today china news today flood china world news china news today earthquake china news australia
|

චීනයේ අඛණ්ඩව තෙවන දිනටත් නව ආසාදිතයින් නෑ

නව කොරෝනා වෛරස ව්‍යාප්තිය ආරම්භ වූ චීනයෙන් අඛන්ඩව තෙවන දිනටත් නව ආසාදිතයින් කිසිවෙකු වාර්තා වී නොමැති බව එරට ජාතික සෞඛ්‍ය කොමිසම සදහන් කරයි. ගත වූ පැය 24 තුළ ආසාදිතයින් 41 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඔවුන් සියලු දෙනා විදෙස් රටවල සිට පැමිණි පුද්ගලයින් බවයි චීන සෞඛ්‍ය කොමිසම පෙන්වා දෙයි.

කොරෝනා ආසාදිතයින්ගෙන් සියයට 81ක් පිරිමි පුද්ගලයින්

කොරෝනා ආසාදිතයින්ගෙන් සියයට 81ක් පිරිමි පුද්ගලයින්

මෙරටින් තහවුරු වූ නව කොරෝනා වෛරසය ආසාදිතයින්ගෙන් වැඩිම ප්‍රතිශතයක් වයස අවුරුදු 41ත් 50ත් අතර පුද්ගලයින් බව සෞඛ්‍ය අංශ පවසයි. ආසාදිතයින්ගෙන් සියයට 45යි දශම දෙකක පිරිසක් වයස අවුරුදු 41ත් 50ත් අතර පුද්ගලයින් බවයි. ආසාදිතයින්ගෙන් සියයට 16යි දශම 7ක් වයස අවුරුදු 31ත් 40ත් අතර පුද්ගලයින් වන බව ද වසංගත රෝග විද්‍යා අංශය පැවසුවා. ආසාදිතයින් 70 දෙනාගෙන් බහුතරය…

කොටුව දුම්රිය ස්ථානය විෂබීජ හරණයට

කොටුව දුම්රිය ස්ථානය විෂබීජ හරණයට

නව කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජ හරණ වැඩසටහන් යටතේ වැඩසටහන් කිහිපයක්  කොළඹ කොටුව දුම්රිය ස්ථානය සහ කොළඹ නැව් තඨාකාංගණ පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින්  පවැත්වීමට කටයුතු කරන ලදි. මෙහිදි නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වාගේ පූර්ණ උපදෙස් මත නාවික හමුදා රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ…