ගෝලීය වසංගතයක් සමඟ සෙල්ලම් කරන රාජ්‍යයක් – ආචාර්ය ඉන්දි අකුරුගොඩ

ගෝලීය වසංගතයක් සමඟ සෙල්ලම් කරන රාජ්‍යයක් – ආචාර්ය ඉන්දි අකුරුගොඩ

ගෝලීය ව්‍යසනයක් මඟින් අප වැනි සංවර්ධනය වෙමින් පවතින කුඩා දූපත් රාජ්‍යයකට සිදුවිය හැකි ඛේදවාචකය සුළු කොට තැකිය නොහැකිය. ඒ අප ආර්ථිකමය වශයෙන් ශක්තිමත් නොවන, නිෂ්පාදනයෙන් බැහැරව සේවා ආර්ථිකයක් කෙරෙහි නැඹුරු වී සිටින, බොහෝ අවශ්‍යතා සඳහා සංවර්ධිත රාජ්‍යයන් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන මත යැපෙන රාජ්‍යයක් වීම හේතුවෙනි. රාජ්‍ය පාලනයේ අසමත්භාවයන් සහ දූෂිත රාජ්‍ය පාලකයන්ගේ අදූරදර්ශී තීරණ…

Coronavirus3

වගකීම් විරහිත අපේ මිනිසුන්

කොවිඞ් 19 නොහොත් මාරාන්තික කොරෝනා වෛරසයට මෙරට ගොදුරු වීම නිසා මේ වන විට මුලු ලංකාව ඇත්තේ අවදානමකය. ජනතාවට මේ වෛරසයෙන් ගැලවී සිටින්නට රජය කෙතරම් සෞඛ්‍ය උපදෙස් ලබා දුන්නත් ඇතමුන් ඒවා කණකට ගන්නේ නැත. මෙවැනි වගකීම් විරහිත පුද්ගලයින් නිසාම රට පුරා මේ වෛරසය ව්‍යාප්ත වීමේ අවධානමක් ඇති බව ඔවුන් සිතන්නේ නැත. ඔවුන් සිතන්නේ ඔවුන් ගැන පමණය….

එල් සැල්වදෝරයට මාසයක් ඇඳිරි නීතිය

එල් සැල්වදෝරයට මාසයක් ඇඳිරි නීතිය

කොවිඩ්-19 පැතිරීම මැඬපැවැත්වීම සඳහා වූ රජයේ හදිසි නියෝගයක් ලෙස එල් සැල්වදෝරය දින 30ක රට පුරා ඇඳිරි නීතිය පැනවීමට තීරණය කරයි. කෙසේ වෙතත් මෙම කොරෝනා පාලන ඇඳිරි නීතිය තුළ සෑම පවුලකින්ම එක් පුද්ගලයෙකුට පිටතට යාමට අවසර දෙන බැවින් ඔවුන්ට තම නිවැසියන්ට ආහාර සහ ඖෂධ සැපයිය හැකි බව හෙතෙම පවසා සිටියේය.  

arrest search Arrest meaning Arrest synonym arrest records Arrest definition law arrest'' means in crpc Arrest examples how arrest is made police arrest

ඇදිරි නීතිය කැඩූ 338ක් අත්අඩංගුවට

ඇදිරි නීතිය කඩකල පුද්ගලයින් 338 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇදිරි නීතිය කාලය තුළ නිවාස තුළම රැදී සිටින ලෙසයි පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. ඇදිරි නීති කාලසීමාව තුළ එය කඩනොවන අයුරින් කටයුතු කරන ලෙසයි පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

corona

දකුණු ආසියාවේ වැඩිම කොරෝනා මරණ ගණන ඉන්දියාවෙන්

මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් දකුණු ආසියානු රටවල එම වෛරසය අසාධනය වූ පුද්ගලයින් ගණන 1118 ක් බව විදෙස් වාර්තා සදහන් කරයි. දකුණු ආසියානු කලාපයෙන් මියගිය ගණන 10 ක් වන අතර එයින් වැඩිම පුද්ගලයෝ ගණනක් එනම් පුද්ගලයින් පස් දෙනෙකු මියගොස් ඇත්තේ ඉන්දියවෙන්ය.  

dammikaperera

ධම්මික ගෙන් කොරෝනා වැළැක්වීමට කෝටි 7 ක්

ව්‍යාපාරික ධම්මික පෙරේරා නව කොරෝනා වෛරසය ව්‍යාප්තිය නැවැත්වීමට ඔහුගේ පෞද්ගලික අරමුදල්වලින් රු. මිලියන 70 ක් (කෝටි 7) වටිනා හදිසි සෞඛ්‍ය පහසුකම් ලබා දීමට කටයුතු කර තිබෙනවා. බෝවන රෝග රෝහල (අයි.ඩී.එච්) සඳහා දැඩි සත්කාර ඒකකයට ICU ventilators 6ක්, ඇඳන් 485 ක් ICU ඇඳන් 169ක් ගුවන් මගින් ගෙන ඒමට මේ වන විට ඇණවුම් කර ඇති බව සඳහන්.

elec

විදුලි බිල් ගෙවීම සදහා සහන කාලයක්

ජනතාවට විදුලි බිල් ගෙවීම සදහා මාර්තු 31 දක්වා සහන කාලයක් ලබාදෙන බව අමාත්‍ය මහින්ද අමරවීම මහතා සදහන් කළා.

අවිගන් කොරෝනා සුව කරයි
|

අවිගන් කොරෝනා සුව කරයි

මාරාන්තික කොරෝනා වෛරසය මර්දනයට සමත් ඖෂධයක් නිපදවීමට ජපන් වෛද්‍ය පර්යේෂකයන් පිරිසක් සමත් වී තිබෙනවා. ඒ අවිගන් නැමති ඖෂධයක්. ඒ අනුව මෙම ඖෂධය ඉන්ෆ්ලුවෙන්සාව හේතුවෙන් හටගන්නා සංකූලතාවලට එරෙහිව නිර්මාණය කර තිබෙන අතර දින 4කදී කොරෝනා රෝගියෙකුගේ නිව්මෝනියා තත්ත්වය මෙම ඖෂධය මගින් සුව කල හැකි බව ජපන් වෛද්‍ය පර්යේෂකයන් ප්‍රකාශ කර තිබෙනවා.

ඉතාලියේ කොරෝනා මරණ 4825 ක්

ඉතාලියේ කොරෝනා මරණ 4825 ක්

නව කොරෝනා හෙවත් කෝවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් ඉතාලියේ මියගිය සංඛ්‍යාව 4825 දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ දිනය තුල පමණක් ඉතාලියේ කොරෝනා මරණ 793 ක් වාර්තා වන බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

කොවිඩ්-19 ගෝලීය ආසාදිතයන් 300,000 ඉක්මවයි

කොවිඩ්-19 ගෝලීය ආසාදිතයන් 300,000 ඉක්මවයි

කොවිඩ්-19 වෛරසය ආසාදිතයන් පිරිස ගෝලීයව 304,000ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය දත්ත වාර්තා පෙන්වා දෙයි. නව කොරෝනා වෛරසය මේ වනවිට ලොව පුරා රටවල් 188ක ව්‍යාප්ත වී තිබේ. දැනට තත්ත්වය වඩාත් දරුණු ස්වභාවයක් ගන්නා ඉතාලියේ සෙනසුරාදා මුළු ආසාදිතයන් සංඛ්‍යාව 47,021 සිට 53,578 දක්වා ඉහළ ගොස් ඇති අතර එය සියයට 13.9%ක වැඩිවීමකි. මරණ සංඛ්‍යාව 4,825ක් වන අතර…