GMOA – Government Medical Officers' Association

වයිරසය ශරීරගත වූ 500ක් නිදැල්ලේ

කොරෝනා ආසාදිත වී තහවුරු කර නොගත් රෝගීන් ගණන 552ක් පමණ රට තුල වනු ඇතැයි විද්‍යාත්මකව අනුමාන කළ හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරනවා. පසුගිය 25 සිට අප්‍රේල් 07දා දක්වා කාලය තුළදී මෙරට රෝගීන් සංඛ්‍යාව විශාල වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බවද එම සංගමය පවසයි. බලධාරින් ලබාදෙන සෞඛ්‍ය උපදෙස් අකුරටම පිළිපදින්නේ නම් ඉදිරි සති…

කොරෝනා – ලංකාවට තීරණාත්මක දින කිහිපයක්

කොරෝනා – ලංකාවට තීරණාත්මක දින කිහිපයක්

කොරෝනා වසන්ගතය මුලු ලෝකයම තම ග්‍රහණයට ගෙන තිබේ. දැනට ලෝකයේ රටවල් 196ක පුරා මෙම වෛරසය පැතිර ඇති අතර ඉන් 471,044 මේ වන විට මෛ වෛරසයට ගොදුරැවී තිබේ. අද වන විට මෙම වෛරසය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 21,284 දක්වා ඉහල ගොස් ඇත. ඒය 16% ක ප්‍රථිශතයකි. එමෙන්ම මෙම වෛරසයට ගොදුරැවන ප්‍රමාණය දිනෙන් දින වේගයෙන් ඉහල යන…

බොලීවීයාවට හදිසි තත්ත්වයක්

බොලීවීයාවට හදිසි තත්ත්වයක්

කොරෝනා  වයිරසය පැතිරීම හේතුවෙන් බොලිවියාව ජාතික සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කර ඇති අතර සියලු දේශසීමා වසා දමා තිබේ. දේශසීමා වසා දැමීම අප්‍රේල් 15 දක්වා ක්‍රියාත්මක අතර එම කාලය තුළ කිසිවකුට බොලිවියාවට ඇතුළු වීමට හෝ පිටවීමට නොහැකි වන බව එරට ජනාධිපති ජෙනින් ඇනෙස් පවසයි. බොලිවියාවේ වාර්තා වන කොරෝනා වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 38කි.

ඇඳිරි නීතිය දීර්ඝ කිරීම පිළිබඳ තීරණයක් ගන්නා බවට ජනපතිගෙන් ප්‍රකාශයක්

ඇඳිරි නීතිය දීර්ඝ කිරීම පිළිබඳ තීරණයක් ගන්නා බවට ජනපතිගෙන් ප්‍රකාශයක්

ඉදිරි සති දෙකක කාලය ඉතාම තීරණාත්මක කාලසීමාවක් බැවින් පනවා ඇති ඇඳිරි නීතිය දීර්ඝ කිරීම පිළිබඳ තීරණයක් ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පැවති අමාත්‍ය මණඩල රැස්වීමේදී පවසා තිඛෙන බව වාර්තා වනවා. එම කාලසීමාව තුළ ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කෙසේ හෝ සපයා දෙන බවත්, සතොස හා සමුපකාරය සතු වියළි ආහාර සංචිත ද ඛෙදා හැරීමට කටයුතු…

SLT වෙතින් නොමිලේ ඩේටා

SLT වෙතින් නොමිලේ ඩේටා

Covid 19 වෛරසය සීඝ්‍රයෙන් රටතුළ පැතිරීම හේතුවෙන් උද්ගතව ඇති ව්‍යසනකාරී තත්ත්වයෙන් ජනතාව මුදා ගැනීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙලෙහි ප්‍රධාන අංගයක් වන මහජනතාව දැනුවත් කිරීමේ ක්‍රීයාවලියට ජාතික ඩිජිටල් හා ඩිජිටල් යටිතල පහසුකම් සැපයුම්කරු වන ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම (SLT) ද නොමද සහාය ලබාදීමට තීරණය කර තිබේ.  ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම තම පාරිභොගිකයින් වෙත මතු…

death

කොරෝනා වයිරසයෙන් ලොව පුරා මිය ගිය සංඛ්‍යාව 21,000 ඉක්මවයි

ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසය හේතුවෙන් ලොවපුරා මියගිය ගණන 21,152 ඉක්මවා ගොස් ඇති බව  ඇමෙරිකා එක්සත් ජනපදයේ ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි. ලොවපුරා සිටින සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ ගණන 451,355 යැයිද කොරෝනා වයිරසය ආසාදනය වූ 112,982 මේ වනවිට සුවය ලබා ඇතැයිද  එම විශ්වවිද්‍යාලය තවදුරටත් සඳහන් කරයි.

දිස්ත්‍රික්ක 9 ක් හැර සෙසු පළාත්වල ඇඳිරි නීතිය ඉවතට

දිස්ත්‍රික්ක 9 ක් හැර සෙසු පළාත්වල ඇඳිරි නීතිය ඉවතට

කොළඹ, ගම්පහ , කළුතර , පුත්තලම, වව්නියාව, මන්නාරම, කිලිනොච්චි, මුලතිව් සහ යාපනය දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක කර තිබු ඇඳිරි නීතිය අද(26) උදෑසන 6ට ඉවත් කෙරිණි. අද (26) උදේ 6.00ට ඇඳිරි නීතිය අවසන් වූ දිස්ත්‍රික්කවල අද දහවල් 2.00ට නැවත පනවනු ලබන ඇඳිරි නීතිය මාර්තු 30, සඳුදා උදේ 6.00ට ලිහිල් කොට එදිනම දහවල් 2.00 සිට යළි…