කොරෝනා වෛරසය වැළදුණු තවත් පුද්ගලයෙක් ජිවිතක්ෂයට

කොරෝනා වෛරසය වැළදුණු තවත් පුද්ගලයෙක් ජිවිතක්ෂයට

නව කොරෝනා වෛරසය වැළදී ප්‍රතිකාර ගනිමින් සිටි පුද්ගලයෙක් මිගමුව රෝහලේදී ජිවිතක්ෂයට පත්වූ බව රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය ඇන්ටන් ප්‍රනාන්දු තහවුරු කරයි. මෙලෙස මියගොස් ඇත්තේ මිගමුව, පෝරුතොට ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි පුද්ගලයෙක් බවයි රෝහල් නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා සඳහන් කර සිටියේ.

ධනවාදයට ඒරෙහිව නූතන විප්ලවවාදියා

ධනවාදයට ඒරෙහිව නූතන විප්ලවවාදියා

ඈත අතීතයේ සිටම ලෝක ධනවාදී සමාජ ක්‍රමයට ඒරෙහිව විශාල සමාජ ව්‍යාපාරයන් ලොව පුරා ගොඩනැගුණි. සමහර රටවල ඒසේ ගොඩනැගුණු සමාජ ව්‍යාපාරයන් විශාල බලවේගයන් බවට පත්වී, පැවති ධනේෂ්වර රාජ්‍යයන් පෙරලා දමා ඒහි සමාජවාදී රාජ්‍යයන් පිහිටුවීම සදහා ද කටයුතු කරනු ලැබීය. රුසියාවේ පැවති සාර් රජ්‍ය ආණ්ඩුව පෙරලා දමා 1917 දී රාජ්‍ය බලය පැහැරගත් රුසියාවේ බොල්ෂෙවික් ව්‍යාපාරය ගැන මුලු…

කොරෝනා වෛරසයෙන් සියලූ ජනතාව රැකගැනීම සඳහා වගකීමෙන් වැඩකරමු

කොරෝනා වෛරසයෙන් සියලූ ජනතාව රැකගැනීම සඳහා වගකීමෙන් වැඩකරමු

ලොව පුරා මෙන්ම අප රට තුළද පැතිර යමින් පවතින කොරෝනා වෛරසය හේතුවෙන් එය වළකාගැනීම සඳහා සියලූ බලවේගයන් පෙරටවිත් ඒ සඳහා කි‍්‍රයාත්මක වෙමින් ඇත. එසේම ඇඳිරි නීතිය කි‍්‍රයාත්මක වෙමින් පවතින තත්වයක් තුළ වුවද අත්‍යවශ්‍ය සේවාවන් ගණනාවක් සඳහා රටේ වැඩකරන ජනතාවගේ සේවය ලබාදී ඇත. ඒ අනුව රෝහල්, විදුලිබල, ජල සම්පාදන, බැංකු, වරාය, ප‍්‍රවාහන ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන් ගණනාවක්…

aresst

හමුදා රාජකාරියට බාධා කළ මන්ත්‍රි අත්අඩංගුවට

ආරච්චිකට්ටුව ප්‍රාදේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ ඇඳිරි නීතිය පවතින අවස්ථාවේ නාවික හමුදා සෙබළුන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්. පොලීසිය පැවසුවේ ඊයේ රාත්‍රියේ කරුකුපනේ ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි.

ස්පාඤ්ඤයත් කොරෝනා වාර්තා අතරට

ස්පාඤ්ඤයත් කොරෝනා වාර්තා අතරට

ගත වූ පැය 24 තුලදී ස්පාඤ්ඤයෙන් නව මරණ 821ක් වාර්තා වී ඇත. ඊයේ (29) දිනයේදී වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වූ රට බවට ස්පාඤ්ඤයෙන් වාර්තා වී ඇත. අද වන විට ස්පාඤ්ඤයෙන් හඳුනාගෙන ඇති මුළු ආසාදිතයන් ගණන අසූදහස ඉක්මවන අතර මරණ 6,803 වාර්තාවී තිබුණි.

දිස්ත්‍රික්ක 19ක ඇඳිරි නීතිය තාවකාලිකව ඉවතට

දිස්ත්‍රික්ක 19ක ඇඳිරි නීතිය තාවකාලිකව ඉවතට

දිස්ත්‍රික්ක 19 කට පැනවූ පොලිස් ඇඳිරි නීතිය අද උදෑසන 6 ට ඉවත් කෙරිණ. ජනාධිපති කාර්යාලය සඳහන් කළේ, අද පස්වරු 2 ට නැවත එම දිස්ත්‍රික්කවලට පොලිස් ඇඳිරි නීතිය පනවන බවයි. ඇඳිරි නීතිය ඉවත් කෙරුණු ප්‍රදේශවල සියලු වෙළෙඳ සැල් විවෘතව තබන්නැයි කොරෝනා මර්දන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දෙයි. අදාළ…

මෝදි, ජනතාවගෙන් සමාව අයදියි

මෝදි, ජනතාවගෙන් සමාව අයදියි

පොදුජනතාවට දුෂ්කර දැඩි පියවර ගැනීමට සිදුවීම ගැන ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි ජනතාවගෙන් සමාව අයැද සිටියේය. ඒ පිළිබදව අගමැති නරේන්ද්‍ර මෝදි අද නැවතත් ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ සමස්ත ඉන්දියාවම වසා දැමීමට පියවර ගත්තේ ජනතාවගේ යහපත උදෙසා බවයි. එම සීමාවන් උල්ලංගණය කිරීම තම ජීවිත අවදානමට ලක් කර ගැනීමක් බවට ඔහු අනතුරු අගවා සිටියේය.  

ජර්මනියේ මුදල් අමාත්‍යවරයා සියදිවි නසාගනී

ජර්මනියේ මුදල් අමාත්‍යවරයා සියදිවි නසාගනී

ජර්මනියේ මුදල් අමාත්‍යවරයා සියදිවි නසාගෙන ඇතැයි විදෙස් වාර්තා පවසයි. ඒ කොරෝනා නිසා ඇතිවූ ආර්ථික අර්බුදය හේතුවෙන්.

හමුදාපතිගෙන් ඉල්ලීමක්

හමුදාපතිගෙන් ඉල්ලීමක්

අද (30) දිනයේ ඇඳිරි නීතිය ඉවත් කරන ‍ප්‍රදේශවල අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට ඇති සියලු වෙළඳසැල් විවෘත කරන්නැයි යුද හමුදාපති ශ‍වේන්ද්‍ර සිල්වා මහතා ඉල්ලීමක් කරනවා. එමගින් මහජනතාවට පහසුවෙන් භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව උදා කර දෙන ලෙසයි වෙළඳ සැල් හිමියන්ට හමුදාපතිවරයා විසින් දැනුම් දෙනු ලබන්නේ. පාරිභෝගියන්ට ලබා දිය හැකි සියලු ‍දෑ ඔවුන් වෙනුවෙන් ලබා දෙන ලෙසත් මහජනතාව‍…