මුඛ ආවරණ මිලියන 2ක් නිෂ්පාදනය කිරීම ඇරඹේ

මුඛ ආවරණ මිලියන 2ක් නිෂ්පාදනය කිරීම ඇරඹේ

කොවිඩ් 19 සටන වෙනුවෙන් සෞඛ්‍ය බලධාරීන්ට සහාය දීම වෙනුවෙන් මුඛ ආවරණ මිලියන 2ක් නිෂ්පාදනය කිරීමට ශ්‍රී ලංකා ඇඟළුම් අපනයනකරුවන්ගේ සංගමය කටයුතු ආරම්භ කර තිබේ. මෙය ශ්‍රී ලංකා ඇඟළුම් අපනයනකරුවන්ගේ සංගමයේ පූර්ණ දායකත්වයෙන් ලබා දී ඇති අතර ඇඟළුම් කම්හල් 20ක් මේ කටයුත්තට නොමිලේම සිය දායකත්වය ලබා දී ඇත.

නිරෝධායන වැඩපිළිවෙළට සහාය නොදක්වන පුද්ගලයන්ට වෙඩි

නිරෝධායන වැඩපිළිවෙළට සහාය නොදක්වන පුද්ගලයන්ට වෙඩි

කොරෝනා මර්දනයට පිලිපීනය තුළ ක්‍රියාත්මක කර ඇති නිරෝධායන වැඩපිළිවෙළට සහාය නොදක්වන පුද්ගලයන්ට වෙඩි තබා මරා දමන ලෙස එරට ජනාධිපති රොඩ්‍රිගො ඩුටරෙට් විසින් පොලිසියට නියෝග කර තිබේ. කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් පිලිපීනයේ ඇතැම් ප්‍රදේශ වසා දැමීමේ දී ඊට විරුද්ධව ජනතාව කටයුතු කළ නිසා රූපවාහනි මාධ්‍ය ඔස්සේ ජනතාව අමතමින් ජනාධිපතිවරයා මෙලෙස ප්‍රකාශය කර තිබේ.