ඉන්දියාවේ කොරෝනා ආසාධිතයන් 3000 ඉක්මවයි
ඉන්දියාවේ තහවුරු කරගත් කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව මේ වන විට 3000 ඉක්මවා ගොස් ඇති අතර 75 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා. කෙසේ වෙතත් ජාත්‍යන්තර වෛද්‍ය සමීක්ෂණ ආයතන පෙන්වා දී ඇත්තේ එම මරණ සංඛ්‍යාව 86ත් 99ත් අතර විය හැකි බවයි.
කොරෝනා පරීක්‍ෂා කළ හැකි නව උපකරණයක් ජපුරෙන්
කොවිඩ් නයින්ටීන් වෛරසය පරික්‍ෂා කළ හැකි නව උපකරණයක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්‍ෂක ශිෂ්‍යයෙකු නිෂ්පාදනය කරයි. අධි ශබ්ද ධ්වනියක් නිකුත් කර එයින් නිකුත් වන තරංග ආශ්‍රයෙන් වෛරසය ව්‍යාප්ත වී ඇත් ද යන්න පිළිබඳ මෙම උපාංගයෙන් හඳුනා ගැනීමට හැකි බවයි මහනුවර එලගොල්ල ප්‍රදේශයේ පදිංචි චාමර විජේවර්ධන නමැති මෙම සිසුවා සඳහන් කළේ. මීට සමාන තාක්‍ෂණික උපාංග ලෝකයේ…