ඉතාලියේ දිනක් තුළ අඩුම කොරෝනා මරණ වාර්තා වෙයි

ඉතාලියේ දිනක් තුළ අඩුම කොරෝනා මරණ වාර්තා වෙයි

ලොව වැඩිම කොවිඩ් නයින්ටීන් මරණ ගණනක් සිදුව ඇති ඉතාලියෙන් ඊයේ දිනයේදී වාර්තාවූයේ මරණ 525ක් පමණයි. එය සැලකෙන්නේ, ගතවූ දෙසතියේදී එරටින් වාර්තාවූ අවම මරණ ගණන ලෙසයි. මේ වනවිට ඉතාලියෙන් නිල වශයෙන් මරණ 15,877ක් වාර්තාවී ඇති අතර, හදුනාගෙන ඇති ආසාදිතයින් ගණන 129,000ක්.

කොරෝනා අසාධිතව සිටි බ්‍රිතාන්‍ය අගමැතිව රෝහල්ගත කරයි

කොරෝනා අසාධිතව සිටි බ්‍රිතාන්‍ය අගමැතිව රෝහල්ගත කරයි

අගමැති බොරිස් ජොන්සන් රෝහල්ගත කර ඇති බව බ්‍රිතාන්‍ය වාර්තා සඳහන් කළේය. අගමැතිවරයා පසුගිය ජනවාරි මාසයේ 27 වැනිදා ආසාදිත බවට හඳුනා ගැණුනු අතර එතැන් පටන් ස්වයං නිරෝධානයේ නිරතවූ අතර ඔහු රෝහල්ගත කෙරුණු පළමු අවස්ථාව මෙය ‌වෙයි.

නිව්යෝක් නාඩියාට කොරෝනා වැළදෙයි
|

නිව්යෝක් නාඩියාට කොරෝනා වැළදෙයි

නිව්යෝක්හි බ්‍රොන්ක්ස් සත්ත්ව උද්‍යානයේ  “නාඩියා” නම් කොටියාට කොවිඩ් 19 වෛරසය වැළදී ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරයි. “නාඩියා” නම් මෙම සත්වයා වයස අවුරුදු 4 වන අතර වියළි කැස්සකින් අනතුරුව සිදු කළ පරීක්‍ෂණයකදී මෙය අනාවරණය වී ඇත. නාඩියා ට මෙය වැළදී ඇත්තේ සත්ව උද්‍යානයේ සේවකයෙකුගෙන් බව අනාවරණය වී තිබෙනවා. මීට පෙරද සුනඛයෙකුට හා බළල් පැටවෙකුට කොරෝනා…

වික්ටර් රත්නායකගේ පුත් අභාවප්‍රාප්ත වෙයි

වික්ටර් රත්නායකගේ පුත් අභාවප්‍රාප්ත වෙයි

වික්ටර් රත්නායක මහතාගේ පුත් ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂ ජයන්ත රත්නායක මහතා අභාවප්‍රාප්ත වී ඇත. මියයන විට ඔහු 51 හැවිරිදි වියේ පසුවිය.

ගොවි විශ්‍රාම වැටුප් සහ ධීවර විශ්‍රාම වැටුප් ලබාදීම අද සිට

ගොවි විශ්‍රාම වැටුප් සහ ධීවර විශ්‍රාම වැටුප් ලබාදීම අද සිට

ගොවි විශ්‍රාම වැටුප් සහ ධීවර විශ්‍රාම වැටුප් ලබාදීම අද සිට ආරම්භ කිරීමට නියමිතයි. තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේ ග්‍රාම සේවක වසම් මට්ටමින් තැපැල් කාර්යාල වෙත කැදවා අදාළ පිරිස් වෙත විශ්‍රාම වැටුප් ගෙවීමට සැලසුම් කර ඇති බවයි. බොහෝමයක් ලිපිනයන් සොයා ගැනීමේ අපහසුතාවය සැලකිල්ලට ගනිමින් ගොවි විශ්‍රාම වැටුප් තැපැල් කාර්යාල වෙත කැඳවා සිදුකිරීමට සැලසුම් කර ඇති අතර, ලිපිනයන්…

දිස්ත්‍රික්ක 19ක ඇඳිරි නීතිය ලිහිල් කෙරේ

දිස්ත්‍රික්ක 19ක ඇඳිරි නීතිය ලිහිල් කෙරේ

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්ක හැර සෙසු සියලුම දිස්ත්‍රික්කවල දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය අද(06) උදෑසන 6.00 සිට තාවකාලිකව කර තිබේ. කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ති‍්‍රක්ක සදහා කි‍්‍රයාත්මක ඇඳිරි නීතිය නැවත දැනුම්දෙන තුරු අඛණ්ඩව බලාත්මකයි. කවර දිස්ති‍්‍රක්කයක වුවද ගොවිතැන් වැඩ කරන සහ කුඩා තේ…