වී මෝල් හිමියන්ගේ සේවාවන් අත්‍යවශ්‍ය සේවා බවට පත්කෙරේ

වී මෝල් හිමියන්ගේ සේවාවන් අත්‍යවශ්‍ය සේවා බවට පත්කෙරේ

සියලුම වී මෝල් හිමියන්ගේ සේවාවන් COVID -19 නිරෝධායන අත්‍යවශ්‍ය සේවාවන් ලෙස නැවත දැනුම්දෙන තුරු ප්‍රකාශයට පත් කර තිබෙනවා. දිවයිනේ සියලුම සහල් මෝල් හිමියන් තම ප්‍රදේශය තුළ සහල් නිෂ්පාදනය, තමන් සතු වී තොග සහල් බවට පත් කිරීමත් පවතින සහල් තොග බෙදාහැරීමට ක්‍රියා කළ යුතු බවත් නිවේදනය කර තිබෙනවා.

ගත වූ පැය 24 තුළ කිසිදු කොරෝනා රෝගියෙකු වාර්තා නොවේ

ගත වූ පැය 24 තුළ කිසිදු කොරෝනා රෝගියෙකු වාර්තා නොවේ

ගෙවී ගිය පැය 24 තුල කිසිදු කොවිඩ් නයින්ටීන් රෝගියෙකු වාර්තා නොවූ අතර වෛරසය ආසාදනය වු පුද්ගලයින් ගණන 190 ක් ලෙස වාර්තා වනවා. වෛරසය ආසාදනය වු බවට සැකපිට රෝහල් ගතව සිටින පුද්ගලයින් ගණන 224 ක්. මේ වන විට පුද්ගලයින් 54 දෙනකු සුවය ලබා රෝහලින් පිටව යාම විශේෂත්වයක්.

ඉතාලියේ සහායට රුසියාව

ඉතාලියේ සහායට රුසියාව

ඉතාලියේ සහයට රුසියානු සෞඛ්‍යය සේවකයින් ඉදිරිපත් වී තිබේ. කොවිඩ් 19 වෛරස වසංගතය හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇති රටක් ලෙස සැළකෙන ඉතාලියේ සහයට රුසියාව ඉදිරිපත් වී තිබේ. වෛරසයෙන් වැඩිම බලපෑමක් එල්ල වූ බර්ගමෝ නගරයේ රෝහලක සහයට රුසියානු වෛද්‍යවරුන් යොදවා ඇත.

ලොව පුරා කොරෝනා මරණ 95000 ඉක්මවයි

ලොව පුරා කොරෝනා මරණ 95000 ඉක්මවයි

කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදනයෙන් ලොව පුරා මියගිය පිරිස අද වනවිට 95,506 ලෙසින් දැක්වුණි. ඒ ලොව පුරා රටවල් සහ ස්වයංපාලන කලාප 200කට ආසන්න ප්‍රමාණයකින් ආසාදිතයින් ලක්ෂ 16කට ආසන්න ප්‍රමාණයක් වාර්තාවන පසුබිමකයි. මේ අතර දින කිහිපයක් ලන්ඩනයේ රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවූ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බවයි, විදෙස් මාධ්‍ය…

ajithrohana

සීමා පැන්නොත් නඩුවක් සමඟ නිරෝධායන කඳවුරට

නිවසේ සිට අලුත් අවුරුද්ද සමරන්නැයි රජය හා ආරක්‍ෂක අංශ ජනතාවට දැනුම් දෙනවා. එම නියමයන් කඩ කරමින්, දිස්ත්‍රික් සීමා හරහා ගමන් කරන පුද්ගලයින් 14 ක නිරෝධායන කාලයක් සඳහා යොමු කිරීමටත්, ඔවුන්ට එරෙහිව නඩු පැවැරීමටත් තීරණය කර ඇති බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ.  

doctors
|

සෞඛ්‍ය අංශ ලෙඩ වුණොත් රෝගීන්ට සත්කාර කරන්න පිරිසක් ඉතිරි නොවේවි

ගෝලීය වසංගතයක්ව පවතින කොවිඞ් 19 හෙවත් කොරෝනා වෛරසය මෙරට ආක්‍රමණය කිරිමත් සමඟ සෞඛ්‍ය අංශ වලට විශාල වගකීමක් පැවරුණි. ඒ අතර හෙද සේවාව ප්‍රමුඛය. නමුත් ඔවුන් ඉදිරියේදි වෘත්තිය ක්‍රියා මාර්ගයකට සුදානම් වන බව ප්‍රකාශ වු අතර ඒ සම්බන්ධයෙන් හා රටේ වත්මන් සෞඛ්‍ය තත්ත්වය ගැන අප රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති, එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි…

arrest search Arrest meaning Arrest synonym arrest records Arrest definition law arrest'' means in crpc Arrest examples how arrest is made police arrest

නිරෝධායනය මඟහරිමින් සිටි පුද්ගලයින් 23 දෙනෙකු නාවික හමුදා භාරයට

ජා ඇල සුදුවැල්ල ග්‍රාමයේ ස්වයං නිරෝධායනයට ලක් කර සිටි පුද්ගලයින් 23 දෙනෙකු එම නිරෝධායන කටයුතු මග හැර හැසිරෙමින් සිටීම හේතුවෙන් නාවික හමුදා බුද්ධි මෙහෙයුමකින් නාවික හමුදා භාරයට ගැනීම‍ට සමත් විය. ජා ඇල සුදුවැල්ල ග්‍රාමයේ පදංචි නිලන්තම්බි ප්‍රසාද් දිනේෂ් නම් කුලී රථ රියදුරෙකු පහරදීමක් සම්බන්ධයෙන් පසුගිය දිනෙක පොලීසිය මැදිහත් වීමෙන් රෝහල් ගත කර ඇති අතර, පසුව…