china covid news

වසංගතය මැද හදිසි මැතිවරණයක් ප්‍රජාතන්ත්‍රවාදයට ‌ගැලපෙන්නේ නැහැ – මැතිවරණ නිරීක්ෂන සංවිධාන

එළඹෙන අප්‍රේල් මස 25 වැනි දින පැවැත්වීමට නියමිතව තිබු පාර්ලිමේන්තු මහා මැතිවරණය, මැතිවරණ කොමිෂන් සභාව මගින් තම බලතල ප්‍රකාරව කල්දමා ඇති පසුබිමක, ඒ පිළිබඳව ගොඩනැගෙමින් පවත්නා තියුණු සමාජ කථිකාව කෙරෙහි, මෙහි පහත අස්සන් කොට ඇති මෙරටේ සියලු ක්‍රියාකාරී මැතිවරණ නිරීක්ෂණ සංවිධාන තම බලවත් අවධානය හා සැලකිල්ල යොමුකරමින් සිටී. ඒ හා සමඟ විපත්තිදායක වාතාවරණයක නිරායාසයෙන් ගතහැකි…

අද සිට උල්කා වර්ෂාවක්

අද සිට උල්කා වර්ෂාවක්

අද(16) දිනයේ සිට එළඹෙන 25 වනදා දක්වා අළුයම් කාලයේ දි උල්කා වර්ෂාවක් දැකබලා ගැනීමේ දුර්ලභ අවස්ථාවක් මෙරට ජනතාවට උදාවන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි. මෙහි උපරිමය අප්‍රේල් මස 22 වැනිදා දැකගත හැකි බවයි චන්දන ජයරත්න මහතා පවසන්නේ.

කොරෝනා ගෙනාවේ වල්ගා තරුවක්ද ?

කොරෝනා ගෙනාවේ වල්ගා තරුවක්ද ?

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමට හේතුව වල්ගා තරුවක බලපෑම බවට ඇතැම් ජ්‍යෝතිෂවේදීන් මේ දිනවල පවසන කතාව සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව කොළඹ විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා අවධාරණය කරයි. ඉතිහාසය තුළ කිසිදු අකාරයකට වල්ගා තරුවකින් පෘතුවියට හානියක් සිදුව නොමැති බව ඔහු පෙන්වාදෙයි. එය තවත් එක් මිත්‍යා මතයක් බවයි මහාචාර්යවරයා සඳහන්…

paskupaharaya

පාස්කු විමර්ශනය අවසන් කිරීමට යයි

ඉදිරියේදී තවත් “සාර්ථක පියවර” කිහිපයක් ගෙන පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන අවසන් කිරීමට බලාපොරොත්තු වන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජාලිය සේනාරත්න මහතා පවසයි. ඒ මහතා පැවසුවේ මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රේගු නිලධාරියකු, නීතීඥයකු, රිෂාඩ් බදූර්දීන් මහතාගේ සොහොයුරෙකු ඇතුළු කිහිපදෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බවයි. මේ වනවිට පොලිසිය විසින් ප්‍රසිද්ධ චරිත කිහිපයක් අත් අඩංගුවට…

පළාත් මට්ටමින් දෛනික කටයුතු ඇරඹීමට සුදානමක්

පළාත් මට්ටමින් දෛනික කටයුතු ඇරඹීමට සුදානමක්

දේශීය ආර්ථිකය ආරක්ෂා වන අයුරින් දෛනික ආර්ථික ක්‍රියාකාරකම් කඩිනමින් ඇරඹීමේ හැකියාව සොයා බැලීමේ අරමුණින් පළාත් මට්ටමෙන් තොරතුරු සොයා බැලීමේ විශේෂ හමුවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පවත්වා තිබේ. දිවයිනේ සියලු පළාත් වෛද්‍ය අධ්‍යක්ෂවරු ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බලධාරීහු සිය පළාත්වල වත්මන් තත්ත්වය පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කර ඇති අතර පවතින වාතාවරණය සැලකිල්ලට ගනිමින්…

lockdown areas in sri lanka today

ග්‍රෑන්ඩ්පාස්, නාගලගම් වීදිය Lockdown

ග්‍රෑන්ඩ්පාස්හි නාගලගම ප්‍රදේශයෙන් කොවිඩ් 19 වෛරස ආසාදිතයින් හඳුනාගැනිමත් සමඟ අද(16) සිට එම ප්‍රදේශය හුදකලා කිරිමට ආරක්ෂක අංශ කටයුතු කර තිබේ. කොරෝනා මර්දන කාර්ය සාධක බලකායේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ, කොරෝනා ආසාදිතයෙකු හමුවීමත් සමග එම තීරණය ගත් බවයි.